විශාල හිසක් සහිත මන්දා තල්මසා තල්මසුන් අතර ඉතා පහසුවෙන් හඳුනාගත හැකි සත්ත්ව විශේෂයකි. පයිසිටර් මැක්‍රොසෙපාලුස් Physeter macrocephalus යනුවෙන් සත්ත්ව විද්‍යාත්මකව හඳුන්වන මන්දා තල්මසුන් ලොව සෑම සාගර කලාපයකම ජීවත්වෙයි. පොදු වහරේ මොවුන් මාළුන් ලෙස හැඳින්වුව ද විද්‍යාත්මකව තල්මසුන් මාළුන් නොවේ. ඔවුන් කිරිබි වැඩෙන ක්ෂීරපායී සතුන්ය. එසේ වුව ද වහරේ දී මාළු ලෙස හඳුන්වන බැවින් මොවුන් අපේ යාළු මාළුවෝ ලිපි මාලාව ඔස්සේ විස්තර කිරීමට තීරණය කළෙමු.
ශ්‍රී ලංකාව අවට ඉන්දියන් සාගරයේ ද ජීවත්වන මන්දා තල්මසුනගේ හිස විශාල පෙට්ටි ආකාරයක් ගනී. සිරුර මද අළු පැහැයට හුරු දුඹුරු පැහැයකි. පිරිමි සතුන් මීටර 18ක් පමණ දිගට වැඩෙන අතර ගැහැනු සතකුගේ දිග මීටර 12ක් පමණ වෙයි.
මහ මුහුදේ තනි තනිව මෙන් ම රංචු වශයෙන් ද දක්නට ලැබෙන මන්දා තල්මසුන් දැල්ලන් හා මුල්ලන් ද නොයෙක් වර්ගයේ මසුන් ද ආහාරයට ගනී. මේ තල්මසාගේ තෙල් සහ මේදය විවිධ නිෂ්පාදන සඳහා යොදා ගන්නා බැවින් ආර්ථික අරමුණු වෙනුවෙන් විශාල වශයෙන් මරා දැමීම සිදුවේ. මේ හේතුවෙන් වඳවී යාමේ තර්ජනයට මුහුණ පා ඇති සත්ත්ව විශේෂයක් ලෙස නම්කැර ඇත.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ලිපි හරිම ප්‍රයෝජනවත් (නි)
මන්දා තල්මසුන් බලන්න වුවමනා නම් දියවන්නාව පැත්තට ගියානම් හරි. (දිල්)