
(සුජිත් හේවාජුලිගේ)
“අපිට මඩ ගැහුවට වනචාරීන් කිව්වට අපි එ අයට අනුකම්පා කරනවා. මරාගන්න යන්නේ නෑ. වෙඩි තියන්න යන්නේ නෑ. ගහන මරණ සංස්කෘතිය තියෙන්නේ එයාලා ළග” යැයි මිහින්තලේ රජමහා විහාරාධිපති වලවාහැංගුනවැවේ ධම්මරතන හිමියෝ පැවසූහ.
අධ්‍යාපන ප්‍රතිසංස්කරණය හකුලා ගැනීම ගැන ජනාධිපතිතුමාට ස්තූතිවන්ත වන බව පැවසූ උන්වහන්සේ ඒ සඳහා හඬ නඟපු සියලු දෙනාට නමස්කාර කරන බවද සඳහන් කළේය.
අද වෙන දේ තමන් වහන්සේ එදා කල්තියා පැවසූ බවද ධම්මරතන හිමියෝ පැවසූහ.
උන්වහන්සේ මෙසේ පැවසුවේ කොළඹදී අද පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදීය.
ජනාධිපතිතුමාට දුන්න මහේන්ද්‍ර ප්‍රසාදනී සම්මානය ගන්න තරම් නීච කුලයේ නොවන බව ධම්මරතන හිමියෝ කීහ.
වලවාහැංගුනවැවේ ධම්මරතන හිමියෝ මෙසේද පැවසූහ.
අවුරුදු එකහමාරකට කලින් අද වෙන දේ මම කිව්වා. ඒව තමයි අද යථාර්ථයක් වෙලා තියෙන්නේ. නිරාගාමික සමලිංගික ඔය කතන්දර ඔක්කොම මම කිව්වා. අපිට එදත් ගැහුවා. අදත් ගැහුවා. අපිට වනචාරීන් කියනවා. බෝසත් උපත සිද්ධ වුණේ කැලේ. බුදු වීම සිද්ධ වුණේ කැලේ. පරිනිර්වාණය සියල්ල සිද්ධ වුණේ කැලේ. එතකොට මිහිඳු හාමුදුරුවෝ වඩින්නෙ කැලේට.ඉතින් අපි වනචාරීන් තමයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මේ, ඔහේගේ කුලය ගැන කතා කරලා වැඩක් නෑ. ඔහේ හැම කුලයේම ඉන්නවා, ධර්ම කුලයේ ඇරෙන්න. දේපළ තණ්හාවට ඉන්න භූතයන් වගේ තමයි මෙයාලා.
අපි ඔය කාමරේකට ගිහිල්ල සාමයෙන් ඉන්නවා.
ඇත්තටම ලංකාවේ ප්‍රධානතම සිද්ධස්ථානයක නායක හාමුදුරු නමක් විදිහට හැසිරීම භික්ෂුවකට ගැලපෙන්නේ නැහැ. විවිධ දේශපාලන නායකත්වයන් රටේ බලයට ආවාම ඒ අය විවිධයි. අවශ්‍ය තැනට හඩ නගන්න ඕන වුණාට, හඩ නගන විදිහ ගිහියෙකුට සමාන වෙන්න බැහැ.
චීවරයෙන් අයින් වෙලා ඕන වැඩක් කරගෙන ඉන්න.
මම නම් ලාල් කාන්තට කියන්නේ වනචාරින්ට වුණත් අපහාස කරන්න හොද නැහැ, මොකද ඒ අයට වුණත් ඔවුන්ගේම කියලා ආචාර ධර්ම විධි ක්‍රම තියෙනවා. දැන් මොවුන්ට එහෙමවත් නැහැනේ...!
ආගමික නායකයන් රටේ පාලනයට අසීමිත බලපෑම් එල්ල කිරීම සහ මත ප්‍රකාශ කිරීම සාධාරණද?