‘සිරිසේන - වික‍්‍රමසිංහ ආණ්ඩුව මනාප ක්රමය වෙනස් කරනවා. ලබන ප‍්‍රාදේශීය සභාවට යන්නේ ආසනයට වග කියන මන්ත‍්‍රීවරයෙක්. 1977 දී ක‍්‍රියාත්මක පැරණි ක‍්‍රමය. එය දූෂණය වංචාව අඩු මැතිවරණ ක‍්‍රමයක්. එවිට මනාප නෑ ආසනයට සීමාවී දේශපාලනය කළහැකියි. වැඩි මුදල් වියදමක් නැති මැතිවරණ ක‍්‍රමයක්‘ යැයි වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා පැල්මඩුල්ලේදී පැවසුවේය.
‘ලබන ප‍්‍රාදේශීය සභා මැතිවරණය කොට්ඨාස ක‍්‍රමයට සිදුකරන්නේ. 1989 සිට වසර 25ක් මනාප ක‍්‍රමය තිබෙනවා. මනාප ක‍්‍රමය කියන්නේ සහෝදරයන් පිය පුතුන් තරහා වන මුදල්වලට යටවන නාස්තියට පැටලෙන ඡන්ද ක‍්‍රමයක්. මුදල් නැති අයට දිනන්න බෑ. මහින්ද පිලේ මහින්ද මහත්තයට ආදරේ කරන අය මෙතන ඉන්න පුළුවන්. මට මූණූවලින් පේනවා. කිසිම ගැටලුවක් නෑ. නමුත් මහින්ද මහත්තයට අවස්ථාවක් තිබ්බා රට පාලනය කරන්න. දැන් ජනාතව අපිටත් අවස්ථාවක් ලබාදීලා තියෙනවා. අපිට ඒ අවස්ථාව දෙන්න. කඩාකප්පල් කරන්න එපා. කකුලෙන් අදින්න එපා . අවුරුදු පහකට පස්සේ මැතිවරණයක් එයි. එතකොට තීරණය කරයි. ඒ මිනිසුන්ගේ තිබෙන නිදහස ඉතාම වැදගත්. ආණ්ඩුවක් එන්න පුළුවන්. යන්න පුළුවන්. නායකයෝ එන්න යන්න පුඵවන්. නමුත් ක‍්‍රමවේදය එසේම ක‍්‍රියාත්මක වන්න හරින්න‘ යැයිද ඔහු කීවේය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එ්ක හොඳ වැඩක්. පැරදුනොත් ගෙදර තමයි. ආයේ එන්න බැහැ (නි)
මුදලාලිලා නැතුව උගත් අයට එන්න මඟ පාදන්න. (නි)
සමහර වේලාවට මෙයාලා කියන දේවල් අපිට තේරුම් ගන්න බැහැ. (නි)
රත්නායක මහත්තයට ටිකක් මෙයාලා කියන දේවල් තේරුම් ගන්න අමාරුයි වගේ. පහුගිය කාලයේ කරපු දේවල් හොඳට තේරිලා, අැයි කතාකරන්නවත් දුන්නේ නැහැනේ (නි)
කතාවෙන් වැඩක් නැහැ, ක්‍රියාව තමා වැදගත් (නි)
ඇයි අර ඕස්ට්‍රේලියාවෙ සමාගමකින් කොමිස් (අල්ලස්) ඉල්ලුප කතාව ගැන මොකුත් නොකියන්නේ? (නි)
පිය, පුතු, මාමා, බෑණා... ඔබත් පිය පුතු පරම්පරාවක පුරුකක් නොවේද? (නි)
පහු ගිය කාලේ කියන්නේ ප්‍රබකරන්ගේ කාලේ ගැනද? එලියට බහින්නත් බිය වුනා ගැහැණු මිනිසුන් කිරි දරුවන් පක්ෂ බේදයක් නැතිව මැරුනා (බ)
මනාප ක්‍රමය තමයි මේ හැම ප්‍රශ්නයකටම මුල.(හේ)
අනේ මහත්තයෝ වෙනස් කරන්න. අපි විරුද්ධ පක්ෂයේ වගේම ඔය ආණ්ඩුවේ ඉන්න හුඟාක් දෙනෙකුට කොහෙත්ම මනාප නැහැ. (නි)