පාර්ලිමේන්තු මහ මැතිවරණය වෙනුවෙන් උතුරේ අර්බුදයට ස්ථීර දේශපාලන විසදුමක් අතුළු පොරොන්දු ඇතුලත් කරමින් ගෙන ආ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ යෝජනා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුලත් කර ගන්නැයි දෙමළ ජාතික සන්ධානය රජයට බලකර සිටී.
වව්නියාවේ දී පැවති ඉලංගයි තමිල් අරසු කච්චි පක්ෂ නියෝජිත සම්මේලනයේදී මෙම තීරණය ගෙන ඇත.
උතුරේ අර්බුදයට මධ්‍යම රජය විසින් පූර්ණ ලෙස බලතල විමධ්‍යගත කරන ෆෙඩරල් විසදුමක් ගෙන ඒම,ත්‍රස්ථවදය වැලැක්වීමේ පනත යටතේ අතඩංගුවට ගත් කොටි සැකකරුවන් නිදහස් කිරීම, උතුරේ අධි ආරක්ෂිත කලාප ඇතුළු ආරක්ෂක අංශ අත්පත්කරගෙන සිටින ඉඩම් නිදහස් කිරීම, ආරක්ෂක හමුදාව උතුරෙන් අඩු කිරීම ඇතුළු ඉල්ලීම් ඇතුලත් මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයක් දෙමළ ජාතික සන්ධානය ඉදිරිපත් කරනු ලැබීය.
මෙම සම්මේලනයේදී දෙමළ ජාතික සන්ධානයේ නායක සහ විපක්ෂනායක ආර්.සම්බන්දන් අවධාරණය කර සිටියේ මෙම ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් ජනතාවට වූ පොරොන්දු එම ජනතාවගේම පිහිටෙන් පාර්ලිමේන්තු ආ අප ඉටු කරදීම වගකීමක් බවයි.
මේ සම්බන්ධයෙන් රජය සමග ඉදිරියේදී සාකච්ඡා කරන බවද හෙතෙම පැවසීය.
තවද දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරන සෙසු පක්ෂවල මතයන් වලට ගරුකරමින් එක් සන්ධානයක් ලෙස උතුරේ අර්බුදවලට විසදුම් සෙවීමට ඉලංගයි තමිල් අරසු කච්චි පක්ෂය තීරණය කර ඇත.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තිස්ස අත්තනායක ඉදිරිපත් කළ දේ නේද මේගොල්ලෝ ඉල්ලන්නේ (බ)
ඉල්ලන්නකෝ මහත්තයෝ පිරිසිදු ජලය, දරුවන්ට හොද අධ්‍යාපනයක් වගේම පෝෂණයක්, අනවශ්‍ය ගාස්තු අඩුකරන වගේ දේවල් ටිකක්. අපිත් ෆුල් සපෝර්ට් (අ)
කෙටියෙන්ම මේ ගොල්ල ඉල්ලා තියෙන්නේ ස්වයං තීරණ ගත හැකි, විදෙසයන්ගෙන් ඔවුන්ට අවශ්‍ය විදිහට මුදල් සහ ආදාර ලබා ගත හැකි, එහෙත් රජයෙන්ද ඔවුන්ගේ පැවැත්මට මුදල ලැබෙන, සිංහලය එම පළාත් වලින් ඉවත් කළහැකි පාලනයක් නේද? (අ)
අතුල ඔයා 100% ක් හරි. (ර)
ඔයාල ඉල්ලන්නේ ඔයාලට ඔනදෙවල් මිසක දෙමල ජනතාවට අවශ්‍ය දේවල් නොවේ , එහෙ මිනිසුන්ටත් දකුණේ මිනිසුන්ටත් තියෙන්නේ එකම ප්‍රශ්න වැලක් ,දුප්පත් කම පිටුදකින ක්‍රමයක් ඕකට ඇතුලත් කරන්න ඔය විකාර වලින් වැඩක්නැහැ (අ)
හරියටම හරි නිමල් ලලිත්. කියමනක් තියෙන්න මුස්ලිම් මනුස්සයා මස් රාත්තල ලැබෙන තුරු ඉල්ලන්නේම එකයි කියල. (අ)
ඕවා දෙන්න පොරොන්දු වුණා නම්, ගිවිසුමකුත් ගැහුවා නම් ඉතින් බය නැතුව ඉන්න, ඔක්කොම ලැබේවි. දැනටම ගොඩක් දේ ලැබුනානේ. (නි)