උතුරු නැගෙනහිර දෙමළ ජනතාවගේ අර්බුදයට විසදුම් දීම සංහිඳියාව බවත් එම විසඳුමෙන් සිංහල දේශය විනාශයට ලක් නොවන බවත් උතුරු මහ ඇමැති සී.වී. විග්නේෂ්වරන් පැවසීය.
තමන් කිසි විටක බෙදුම්වාදී අදහස් පළනොකරන බවත් එක්සත් ලංකාවක් තුළ වූ දේශපාලන විසදුමක් උතුරේ අර්බුදයට ස්ථීර දේශපාලන විසදුමක් වශයෙන් ගෙන ආ යුතු බවත් විග්නේෂ්වරන් මහතා කීවේය.
මහ ඇමතිවරයා මේ අදහස් පළ කළේ යාපනය මධ්‍ය මහා විදුහල් ක‍්‍රීඩාංගනයේදී 28 වැනි ජාතික ක‍්‍රීඩා උළෙලේ සමාරම්භක උත්සවයට එක්වෙමිනි .
අප තරුණයින් සමඟ එක්සත් ලංකාවක ජීවත් වීමට බලාපොරොත්තු වුනා.දේශපාලන වශයෙන් එම බලාපොරොතුතු ඉටු නොවීම නිසා ආයුධ සන්නද්ධ අරගලයක් හටගත්තා මෙනිසා දහස් සංඛ්‍යාත පිරිසක් මිය ගියා.මෙම යුද්ධය කිසිවකු කැමැත්තෙන් පිළිගත්තෙ නැහැ.එහෙත් අපේ ඇස් ඉදිරිපිටම අප ජනතාව විනාශ කරන්නට කටයුතු සිදුවුණා.අපේ දෙමළ ජනතාව ඝාතනය කළා.
1958,1961,1977,1983 කාලවල සිදුවූ කෝලහාලත් විශ්ව විද්‍යාලවල අපේ ශිෂ්‍යන්ට සිදුවූ අසාධාරණ ක‍්‍රියාව නිසාත් යුද්ධයක් සිදුවන තැනට පැමිණියා.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බෙදුම් වාදීන් තමයි .අපි බබාලා නෙමේ .(බ)
බටර් ගාන එක ඒ තරම්ම සුබ දෙයක් නොවෙයි වගේ... (ර)
බැටළු හමට යටින් කොටි හම තියනවා හංගන්න බැහැ මොනවා කීව්වත්. (ර)
දෙමළ ජනයාට ආදරය කරන ඔවුන්ටය කියා ඉල්ලීම් ඉල්ලන නායකයන් බොහෝය. යුද්ධය පැවතිය කාලයේදී උතුරේ දෙමල ජනයා දකුණට ආවට අපි අරියාදු නොකෙරුවෙමු නමුත් සිංහලයකුට උතුරට යාමට වාතාවරණයක් එකල තිබුනේද ? පුදුමය නම් මේ රටේ සිංහලයන් වෙනුවෙන් පෙනී සිටින්නට නායකයන් නැතිකමය. සිංහල නායකයින් අද පෙනී සිටින්නේ දෙමල ජනතාව වෙනුවෙන්ය.(බ)
මේකේ ඇත්තක් තිබෙනවා. (ර)
උතුරට වෙනම අයිතිවාසිකම් ඕනෑලු, වෙනම පාලන ඕනෑලු. එහෙදි දෙමළ ජනතාවට විශේෂ ඉල්ලීම්. හැබැයි මෙහෙදී හැමෝටම සමානව සළකන්න ඕනෑලු. මෙහෙදී බුද්ධාගමට ප්‍රමුඛත්වය බැහැලු. බහුජාතික වෙන්න ඕනෑලු. හැබැයි එහෙදි ඔක්කොම දෙමළ ජනතාවට! ඔන්න ඕකයි දැන් සංහිඳියාව! (නි)
ඇයි එහෙනම් වෙනම පළාතක් ඉල්ලන්නේ? (නි)
කතාව දෝලාවෙන් ගමන පයින්. (නි)
ලංකාවේ දෙමළ මිනිසුන්ට තියෙන ප්‍රශ්නය මොකද්ද අනිත් මිනිසුන්ට නැති. හැමෝම දෙමළ ජනතාවගේ ප්‍රශ්න කියලා කියනවා. එ්ත් ප්‍රශ්නය මොකද්ද කියලා පැහැදිලි නැහැ. ඇත්ත නම් දෙමළ අයට කියල විශේෂ ප්‍රශ්නයක් නැහැ. හැබැයි සිංහල වීම නිසා අද සිංහලයන්ට නිදහසේ උතුරේ නැගෙනහිර නිදහසේ බය නැතුව පදිංචිවෙලා ජීවත්වෙන්න තියා යන්න එන්න ව්‍යාපාරයක් කරන්නවත් පුලුවන්ද? (නි)
පියුමි, ඕක ඇත්ත නම් අපිත් සමඟ පේරාදෙණියේ එකට සිප්සතර හැදෑරූ දෙමළ සිසුන්ට අපි ගහන්න එපායැ. දෙමළ සිසුන්ට වූ අසාධාරණයක් නැහැ. වුණා නම් වුණේ අපිට. (නි)
හැමෝටම පෙනෙන්නේ දෙමළ ජනතාව මියගිය එක පමණයි. එතකොට ත්‍රස්තවාදීන් මරපු සිංහල ජනතාව ගැන කිසිකෙනෙක් නොකියන්නේ මොකද? යාපනය විශ්ව විද්‍යාලයේ සිංහල සිසුන්ට එදත් අදත් කරදර සිදුවෙන බව අපි පුද්ගලිකවම දන්නවා. ඒ ගැන කිසිවෙක් කතාකරන්නේ නැහැ. (නි)
අනේ මන්දා මේවට මොනවා කියන්නද කියලා (නි)
උතුරේදී සියල්ල එයාලට පමණක් වීමත්, අනිත් තැන්වල සියල්ල සමසේ සැමට වීමත්ද සංහිඳියාව? (නි)
පියුමිට පෙනෙන්නේ මතුපිටින් පෙනෙන දේ විතරයි. ඊට යටින් කරන කියන දේවල් පෙනෙන්නේ නැත්තේ රටේ අවාසනාවට (නි)
පියුමි, ඉදිරියට එන්නේ හොඳ කාලයක් නොවේ (නි)
නසීර් මයා. ඔබත් ,ඔබේ පියා වගේ අයත් සිටින්නේ ඉතාමත් ටික දෙනෙක් පමණි.මම ඔබ වැනි අයට හිස නමා ගරු කරනවා. පියුමිට ඉතිහාසය ඉගෙන ගන්න කිව්වට ,ඔබත් ඉතිහාසය ඉගෙන ගත යුතුය. ඈත අතීතයේ සිටම ඔය දෙමළ බස කතා කරන අය මේ රට ඔවුන්ගේ ප්‍රාන්තයක් කරගන්න හැදුවා. අදත් එසේමය. එදා ඉන්දියාවෙන් මේ රට පැමිණි දෙමළ බස කතා නොකරන මිනිස්සු මේ රටේ එදා සිටි ජනයා සමග මිශ්‍ර වී සිංහලයන් බවට පත්වුණා. (බ)
ඒ මොනවා නැතත් දැන් ඔය මහා ඇමති පුටුවේ වැජඹෙන්නේ සිංහල හමුදාවේ යුධ ජයග්‍රහණය නිසා බවත් විග්නේශ්වරම් තරයේ මතක තබාගත යුතුය (නි)
පියුමි හරි. මමත් එකඟයි (නි)
කවුරු මොනවා කිවුවත් උතුරේ අර්බුදයක් නැහැ. ඔය නායකයෝ කියන අයට තමයි නැති ප්‍රශ්න තියෙන්නේ. (නි)
අපෝ ...! ඔය අවස්ථාවාදී බොරුකතා සිංහලයන් විතරක් නෙමෙයි සැබෑ සංහිදියාවට කැමති බුද්ධිමත් මුස්ලිම් හා දමිල ජනතාවත් ප්‍රතික්ෂේප කරන බව අපිට දැනෙනවා . ඔල මොට්ටල දකුණේ සමහර දේශපාලුවන් නම් අනුමත කරයි . (අ)
බෙදුම්වාදීන්ටත් වැඩිය ත්‍රස්තවාදීන් භයානකයි (නි)
මෙයා හොඳ උගතෙක් නම් මේ වගේ කතා නොකියා, කොහොමද නැවත යුද්ධයක් නොඑන තැනට මේ තරුණ කොටස් යොමුකොරන්නේ කියලා පොඩ්ඩක් හරි හිතුවා නම් මීටවඩා හොඳ නැද්ද? (නි)
ඔබතුමාගේ කතාව ඇත්ත. එ්ත් බෙදුම්වාදයෙන් සිංහල මුස්ස්ලිම් ජාතීන් මැරුනේ නැද්ද? රටේ නායකයින් මැරුනේ නැද්ද? ඇමතිතුමනි, මේ ප්‍රශ්නය දෙස මධ්‍යස්ථව බලන්න. අපි එහෙම සිතුව නිසයි රටට අලුත් නායකයෙක් පත්කළේ (නි)
ඔය කියන දේ නොවෙයි ඇත්තටම සිදුවුණේ. සිංහල ජනතාවට අසාධාරණකම් අන්නත්වත් සිදුවුණා. දෙමළ ජනතාවට අසාධාරණකම් වුණා නම් කොළඹ කුරුඳුවත්තේ ගෙවල් තියෙන්නවත්, නඩුකාරයෝ වෙන්නවත් බැහැනේ. ඇයි බොරු කියන්නේ. ඕවා කියලා තරුණ ජනතාව අවුස්සන්න එපා. (නි)
ඒ පාර මොකට එනවාද කියලා නම් හිතාගන්න බැහැ. මෙයාලා බොහොම මහන්සිවුණා අරමුණු ඉටුකරගන්න. බැරිවුණ තැන අර මිදි තිත්තයි කියලා නරිය කිවුවා වගේද දන්නේ නැහැ. මොනවා වුණත් ටිකක් ප්‍රවේශමින්. (නි)
ඔබ ගෙනයන ක්‍රියාවලිය සාර්ථක වුණොත් අනාගතයේ රට දෙකඩවීම ඒකාන්තයි. එබැවින් ඔබේ කතා අපි පිළිගන්නේ නැත. 1958 සිද්ධවූ දේවලට ඔබලාද වගකිව යුතුයි. 75% සිංහල ජනතාව ඔවුන්ගේ භාෂාව රජයේ භාෂාව කරගත්විට 14% ක් එයට විරුද්ධ වුණා. ඒ ප්‍රමාණය 40% ක්වත් වුණා නම් ඒ ඉල්ලීම සාධාරන වෙන්න තිබුනා. (නි)
පියුමි, ඕනෑම බොරුවක් ඇත්ත වගේ පෙන්වීමට දේශපාලඥයින්ට පුළුවන්. එමනිසා රැවටෙන්න එපා. (නි)
මම නම් මොනවත් කියන්නේ නැ..සිංහල අපි ගැන කතා කළොත් ජාතිවාදියෝ කියාවි..එයාලට ඕන දෙයක් එයාලගේ ජාතිය වෙනුවෙන් කියපු දෙන්..කියන්න පුළුවන්..ජාතිවාදී නැ.. (බ)
මහින්ද, ගෝඨා කොටි කම්මුතු කළේ නැත්නම් තාමත් ඔයාලගේ ඔය දෙමළ ජනතාව කොච්චර මැරෙනවද? දෙමළ ළමයින්ගේ අධ්‍යාපනය ඉවරෙටම ඉවරයි නේද, යුද්ධය තාම තිබුනා නම්. දෙමළ ජනතාවට ඒ නිදහස ලබාදුන් ඒ උත්තමයන්ට කළගුණ සළකනවා වෙනුවට ඔයාලා හදන්නේ ඒ අය විනාශ කරන්න. (නි)
පියුමි, ඉතිහාසයක් නොදන්නා බබෙක් වගේ ලියන්න එපා. හොයලා බලන්න ඉතිහාසය. ලංකාවේ පරණ දෙමළ මිනිසුන්ට තුන් හිතකවත් කලින් නොතිබුනු බෙදුම්වාදී අදහස් ආවේ චෙල්වනායගම් කාලයේ. මගෙ තාත්තා යාපනේ හැදුනු මුස්ලිම් මිනිහෙක්. මම ඉපදුනේ යාපනේ. පැය 24ක් ඇතුළත යාපනෙන් එළවපු මිනිස්සු අපි. මගෙ තාත්තා නිතර කියනවා ඉස්සර සිංහල දෙමළ මුස්ලිම් මිනිස්සු කොච්චර සමගියෙන් හිටියද කියලා. ඉතිහාසය නොදැන කතාකරන්න එපා. අද වෙනම රටවල් ඕනෑ කියන්නෙ දේශපාලුවො මිසක් සාමාන්‍ය මිනිස්සු නොවෙයි. (නි)
දෙමළ ජනතාව විතරද මියගියේ? යුද්ධයෙන් කරගන්න බැරිවුණ දේ සාමයෙන් කරගන්න වගෙයි හදන්නේ (නි)
නසීර් සහෝදරයා, මම නුඹට ගරු කරනවා. නුඹ වගේම උතුරෙන් එළවපු කොල්ලෙක් මාත් එක්ක කලක් එක බෝඩිමේ හිටියා. අදටත් ඔහුගේ අදහස් නුඹේ වගේමයි. (නි)
නෂීර්, ඔබේ කතාව ඉතිහාසය නොදන්නා අපේ සිංහලයන්ට හොඳ අතුල් පහරක්. අපිට මේවගේ කීපදෙනෙක් නිසා තමයි ප්‍රශ්න ඇතිවෙලා තියෙන්නේ. (නි)
බෙදුම්වාදයක් අවශ්‍ය නැත්නම් මොකටද ඔය හැටි දඟලන්නේ , අර කොළඹ මෙච්චර කාලයක් ජිවත් වුන විදිහට සිංහල , දෙමල මුස්ලිම් සියලු දෙනාට එකට ජිවත් වෙන්න බැරි මොකද ? සිංහලයන් දෙමල මිනිස්සුන්ට තැනක් දෙන්නේ නැත්නම් කොහොමද ඔබතුමා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු වරයකු වුනේ ? ලංකාවේ අනිත් උතුරේ හැර වෙන පළාත්වල හින්දු කෝවිල් නැතිද ? (බ)
බැටළු හමට යටින් කොටි හම තියනවා හංගන්න බැහැ. මොනවා කීව්වත්, ඔයා මහා ඇමති පුටුවේ වැජඹෙන්නේ සිංහල හමුදාවේ යුධ ජයග්‍රහණය නිසා බවත් තරයේ මතක තබාගත යුතුය. ඒ නිසා බටර් ගාන එක ඒ තරම්ම සුබ දෙයක් නොවෙයි. (නි)
අසාධාරණය කවදත් සිංහලයාට. අපිට අපේ පාඩුවේ ඉන්න දෙන්න (නි)
නසීර්, ඔබ වගේ ජාතිවාදී අවස්ථාවාදී නොවන අයට ඕනෑම ජාතියක් සමඟ සහජීවනයෙන් සිටිය හැකියි. (නි)
ප්‍රභාකරනුත් කිවුවේ අපි ත්‍රස්තවාදීන් නොවේ විමුක්ති වාදීන් කියලා , එහෙම එකේ මොහුගේ කතා විශ්වාස කරන්න අවශ්‍ය නැත (ම)
යකඩෝ, කවුරුවත් දේශපාලකයෙක් නැද්ද සිංහල මිනිස්සුන්ට යුද්දය නිසා වෙච්ච දේවල් මුන්ට කියන්න. අපේ සිංහල මිනිස්සු මේවගේ වෙලාවකවත් කට ඇරියේ නැත්නම් අපේ කටේ අනිවාර්යයෙන්ම පස් තමා. (බ)
මම එ්ත් බැලුවා මොකද මේ චතුරි මෙතන මොකුත් කියලා නැත්තේ කියලා. පියුමි විතරයි මෙතන ඉන්නේ. (නි)
සිංහල අපි ගැන සිංහල රට ගැන කතාකරන්න ඉන්නේ අපි විතරයි අපිට ජනතා නියෝජිතයින් නැහැ (බ)
නසීර්, ඔබ වැනි උදවිය තමයි මේ රටට ඕනේ. පියුමිලා, චතුරිලා වගේ උදවිය ඉන්න තාක් කල් අපි තව තව ප්‍රබාකරන්ලට අහු වෙනවා. ඔය මහා ඇමති හරියටම කියන්නේ ප්‍රබාකරන් කියපු දේවල්මයි. හොඳට ආපස්සට හිතල බලන්න ඔහු මොනවද ඒ දවස් වල කිව්වේ කියල. (බ)
මම පියුමිත් එක්ක එකඟයි (නි)
කාගෙ කාගෙත් හැටි අපි නොදන්නවැයි (නි)
විග්නේෂ්වරන් කියන්නේ කවුද කියලා අපි දන්නවා. ඔය වගේ සිංහල නායකයොත් ඉන්නවා. සමහරවිට මෙයා කරන්නෙත් කාගේහරි කොන්ත්‍රාත්තුවක් වෙන්නත් ඇති. නැත්නම්, කොළඹ ඉගෙනගත් විග්නේශ්වරන්ට ඔය ආකල්ප තිබෙන්න විදිහක් නැහැ. ඉස්සර අපිට ගරුකළ මුස්ලිම් සහෝදරයින් දැන් ඒ විදිහට සිංහලයින්ට ගරු කරන්නේ නැහැ. පක්ෂ දේශපාලනයෙන් දෙකඩවෙලා ඉන්න සිංහල ජනතාවට තනිවෙලා ඉන්න තමයි වෙන්නේ (නි)