ගම්පහ රතුපස්වල කර්මාන්ත ශාලාව නිසා පරිසර හානි සිදුවී ඇති බවට ඒ සම්බන්ධයෙන් කළ පර්යේෂණ වාර්තාවල සඳහන් වන බවත්, එම වාර්තා එළියට නොදී ප්‍රමාද කරන්නේ ඒ හෙතුවෙන් බවත්, වාර්තා ලැබුණු පසු කර්මාන්ත ශාලාව වෙනත් ස්ථානයකට ගෙන යන බවට ජනපති දුන් පොරොන්දුව ඉටුකරන ලෙස ඉල්ලන බවත් ‘සියනෑ පරිසරය සුරැකීමේ සංවිධානය‘ පැවසීය.
රතුපස්වල වාර්තා ගැන දැනුම්වත් කිරීම සඳහා ගම්පහදී සංවිධානය කර තිබූ මාධ්‍ය සාකච්ඡාවක දී ‘සියනෑ පරිසරය සුරැකීමේ සංවිධානයේ නිලධාරීහු එසේ පැවසූහ.
කර්මාන්ත ශාලාව නිසා පරිසර හානි සිදුවී නැතැයි කියන පිරිසට තම සංවිධානය සමග සංවාදයකට එන ලෙස විවෘත අභියෝගයක් කරන බව ද ඔවුහු කීහ.
ජල ගැටළුවට මුහුණ දී ඇති ගම්මානවල ජනතාව බෙදී වෙන්වී ගොස් ඇතැයි පැතිර යන ආරංචි බොරු බව කී ඔවුහු එදා මෙන් අදත් ගම්වාසීන් එකා වන්ව සිටින බවත්, එදාට වඩා වැඩි පිරිසක් තමන් සමග එකතු වී සිටින බවත්, ඒ අතර වෘත්තීය සමිති සහ විශ්ව විද්‍යාල ආචාර්යවරුන් ද සිටින බවත් පැවසූහ.
සියනෑ පරිසරය සුරැකීමේ සංවිධානයේ නීති උපදේශක නීතීඥ පාලිත සේනාරත්න මහතා එහිදි අදහස් දක්වමින් මෙසේ ද පැවසීය.
‘ කර්මාන්ත ශාලාව පටන් ගන්නා අවස්ථාවේ ලැබෙන පරිසර ආරක්ෂණ බලපත්‍රයට අනුව තමයි එය පවත්වාගෙන යා යුත්තේ. එම බලපත්‍රයේ පළමු වැනි වගන්තියේ බී ඡේදයේ තියෙන්නේ තුන් මාසයකට වරක් පිළිගත් ආයතනයකින් අප ද්‍රව්‍ය හා අප ජලය ගැන රසායනාගාර පර්යේෂණයක් කරන්න ඕනේ කියා . නමුත් මේ ආයතනයෙන් එහෙම කළා කියා කිසිම වාර්තාවක් නෑ. තියනවා නම් පෙන්වන්න.
ඒවගේම පස්වැනි වගන්තියේ තියෙනවා රබර් දර විතරයි පාවිච්චි කරන්න පුළුවන් කියා. නමුත් අපි හොදටම දන්නවා අනිත් දරත් පාවිච්චි කරනවා. වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ බලපත් තියන අයගෙන් තමයි දර ගන්න ඕන. නමුත් එහෙම නෑ. විවිධ පුද්ගලයන්ගෙන් ගන්නවා. දර අහුරන ස්ථානය සම්පූර්ණයෙන්ම ආවරණය කළ යුතු බව දැක්වෙනවා. නමුත් තැන තැන දර බාල තිබුණා අපි දැක්කා.
16 වැනි වගන්තියේ තිබෙනවා හැම රසායන වර්ගයකම නම ගසා තියෙන්න ඕනෑ බව. නමුත් මෙහෙ තිබෙන්නේ කෝඩ්වලින් තමයි භාවිත කරන්නේ. මේ කොන්දේසි දමා තිබෙන්නේ පරිසිරයේ හා මිනිසුන්ගේ ආරක්ෂාවට.
ප්‍රතිචක්‍රීකරණය නොකරන දේවල් පරිසය සුරක්ෂිත වෙන විදියට තමයි ඉවත් කරන්න ඕනෑ. නිෂ්පාදිත තුළට දමන කපුපුළුම් කුඩු සහ දැව අලු පමණක් ගම්පහ ප්‍රාදේශීය සභාවෙන් අවසර ගෙන පරිසරයට මුදා හරින්න පුළුවන්. අනිත් අපද්‍රව්‍යයත් එහෙම මුදා හරින් බෑ. නමුත් මේ ආතනයෙන් එහෙම දානවා කියා අපිට ඕප්පු කරන්න පුළුවන්. විවෘත ස්ථානවල අපද්‍රව්‍ය පුළුස්සන්න බෑ. නමුත් මේ මේ කට්ටිය පුළුස්සනවා. අපි ගාව ඡායාරූප තිබෙනවා.(ඡායාරූපයක් පෙන්වයි.) ඒ වගේම ජලාශ්‍රිත ප්‍රදේශවලට අපද්‍රව්‍ය දමනවා. අත්තනගලු ඔය ආශ්‍රිතව අපද්‍රව්‍ය දමා තිබෙනවා. අපි ගාව සියලු ඡායාරූප තිබෙනවා.
1997 වසරේ මධ්‍යම පරිසර අධිකාරියේ වාර්තාවක පැහැදිලිව තිබෙනවා අපජලය නිසි ප්‍රමිතියෙන් තොරවයි පරිසරයට මුදා හරින්නේ කියා. (වාර්තාව කියවයි)
මේ අනුව පේනවා මේ කම්හල මුල ඉදන්ම නියමිත ප්‍රමිතියට වැඩ කර නැති බව. මේ ගැටළුව මතුවුණාට පස්සේ අපි විවිධ පාර්ශ්ව එක්ක සාකච්ඡා කළා.
ජනාධිපති එක්ක සාකච්ඡාවක් පැවැත්තුවා. ඒ සාකච්ඡාවෙදි තීරණයකට ආවා වාර්තා කැඳවා ඒ වාර්තාවලින් පස්සේ කර්මාන්ත ශාලාව අරගෙන යනවා කියලා. දැන් වාර්තා ඇවිත් තිබෙනවා. දිසාපතිතුමා කිව්වා වාර්තා ජනාධිපතිතුමාට දුන් බව.
මීට මාසයකට පමණ කලින් නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යංශයේ ලේකම්තුමා එක්ක සාකච්ඡාවක් තිබුණා. එතැනදි ලේකම්තුමා අපිට කිව්වා කර්මාන්ත ශාලාව නිසා මේ දේ වුණේ නෑ කියා ආයතන වලින් කළ වාර්තාවල තියෙනවා නේද කියලා. අපි එතුමාට අපි ළඟ තිබුණු වාර්තා පෙන්නුවා. ඉන් පසු ලේකම්තුමා කිව්වා දැන් මට මේකේ ඇත්ත තේරුණා. සාකච්ඡා කරන්න අවශ්‍ය නැහැ. මට මේ වාර්තා පිටපත් ලබා දෙන්න. මට අවශ්‍යයි දැන්මම මේ ගැන ජනාධිපතිතුමාට කියන්න කියා කීව්වා. නමුත් අද වෙනකම් අපිට උත්තරයක් නෑ.
දැන් සියලු වාර්තා ඇවිත් තියෙනවා. අපි දන්නවා මොනවාද ඒවයෙ තියෙන්නේ කියා. වාර්තා එළියට නොදාන එකෙන්ම ඕනෑ කෙනෙකුට තේරෙනවා ඒවයෙ මොනවද සඳහන් වෙන්නේ කියලා. අපි ඉල්ලන්නේ දැන්වත් මේ කර්මාන්ත ශාලාව මෙතැනින් ගෙනියන්න කියා. ‘
එම සාකච්ඡාවේ දී අදහස් දැක්වූ වෛද්‍ය සී ජී වික්‍රමාරච්චි මහතා -
‘මම ගම්වැසියෙක් විදියට කතා කරන්නේ. මේ මිනිස්සු විදින පීඩාව නිසා තමයි මා මෙතනට සහභාගී වුණේ. මා මේ වාර්තා අනුව මේ ප්‍රදේශයේ ජලයේ නයිට්‍රේට් තියෙන්න ඕනෑ උපරිමයට වඩා ඉතා වැඩියි.
සෝඩියම් බෙදාහරින ප්‍රමාණය ගත්තම ෆැක්ටරිය ආසන්නයේ ඉතා වැඩි අගයක් තිබෙනවා. ඈතට යද්දි අඩුවෙනවා. පොටෑසියම් හා සල්පේටුත් ඒවගේම තමයි. රසදිය හා කැඩ්මියන් ජලයට එකතු වෙලා කියා වාර්තාවල තිබෙනවා. මෙච්චර සාධක තියෙද්දි ඇයි මේ වාර්තා මිනිස්සුන්ට ඉදිරිපත් කරන්නේ නැත්තේ? ජනාධිපතිතුමා හොද පාලකයෙක්. එතුමා අපට පොරොන්දුවක් දුන්නා. නමුත් ඇයි තවම මේ වාර්තා එළියට දාන්නේ නැත්තේ? මේ ප්‍රදේශයේ කෝඩිපතියෝ නෑ. අහිංසක මිනිස්සුන්ගේ ශ්‍රමය ගේට්ටුව ගාව කාලා දාන්න එපා. මොකක්ද මේකට මෙච්චර තියන හයිය? ඇයි තීරණයක් ගන්න බැරි? මට දේශපාලන අරමුණු නෑ. මෙතන කිසිම දේශපාලනයක් නෑ. වගකිවයුත්තන් සමග ගිය හැම සාකච්ඡාවකටම මා ගියා. වාර්තා ආවහම පියවරක් ගන්නවා කිව්වා. නමුත් තවම විසදුමක් නොදී මිනිස්සුන්ව පීඩනයට පත් කරලා.
අපිට ඕනෑ කර්මාන්ත ශාලාව මෙහෙන් ඉවත් කරන්න. මගේ එකම ඉල්ලීම මේ කම්හල මෙතනින් ඉවත් කරන කියන එකයි.‘
සියනෑ පරිසරය සුරැකීමේ සංවිධානයේ භාණ්ඩාගාරික පී කේ වික්‍රමාරච්චි මහතා -
පරිසර අධිකාරියෙ වාර්තාවේ හැටියට ඒ අය ළිං 18 ක් පරික්ෂා කර තිබෙනවා. නයිට්‍රේට් තිබිය යුතු උපරිම ප්‍රතිශතය තමයි ලීටරයට මිලි ග්‍රෑම් 10ක්. නමුත් මේ වාර්තාව අනුව 55 % ළිං වල මේ ප්‍රමාණයට වඩා ඉතා ඉහළ ප්‍රතිශතයක් තිබෙනවා. සල්පේට් උපරිම තියෙන්න පුළුවන් 200 යි. නමුත් 22 % ක් ළිං වල මේ ප්‍රතිශතයට වඩා වැඩියි.
රජයේ රසපරීක්ෂක වාර්තාව අනුව ඔවුන් ළිං 11 ක් පරික්ෂා කර තිබෙනවා. ඒ අයගෙත් වාර්තා අනුව 55 % ක් ළිං වල නයිට්‍රේට් ප්‍රතිශතය වැඩියි . ජලසම්පාදන හා ජලප්‍රවාහන මණ්ඩලය කළ පරීක්ෂණ වලට අනුව ළිං 30 කින් 43 % කම නයිට්රේට් වැඩියි. මධ්‍යම පරිසර අධිකාරිය පැහැදිලිව පෙන්නලා තියෙනවා මෙම කර්මාන්තයේ අමුද්‍රව්‍ය ලෙස ප්‍රධාන වශයෙන් සාන්ද්‍ර කිරි රබර් භාවිතා කරන අතර ජලය, සල්ෆියුරික් අම්ලය, නයිට්‍රික් අම්ලය, කැල්සියම් නයිට්රේට් ඇතුළු රසායනික ද්‍රව්‍ය රාශියක් භාවිතා කරන බව. ඒ අනුව හොදටම පැහැදිලියි රසායන ද්‍රව්‍ය කොහෙන්ද ජලයට මිශ්‍රවී තියෙන්නේ කියන එක. අපි රාජ්‍ය විරෝධීන් නෙමෙයි අපිට ඕනේ මේකේ ඇත්ත පෙන්වන්නයි.‘
සැයනෑ පරිසරය සුරැකීමේ සංවිධානයේ උප ලේකම් ප්‍රසන්න පෙරේරා, සංවිධානයේ අනුශාසකවරයකු වන කේ එම් ඩී කරුණාරත්න, ප්‍රධාන සංවිධායක සුරේෂ් පෙරේරා මහත්වරු ද මාධ්‍ය සාකච්ඡාවේ අදහස් දැක්වීය.
මාධ්‍ය සාකච්ඡාව අවසානේ මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු පිළිතුරු දෙමින් ඔවුහු මෙසේ ද පැවසූහ.
ප්‍රශ්නය - ඇතැම් අය කියනවා කර්මාන්ත ශාලාව ගෙනියන්න කියා ඉල්ලන්නේ ආණ්ඩු විරෝධී පිරිසක් කියා?
පිළිතුර - ‘නෑ. මේ ගම්මානවල ඉන්නේ ආණ්ඩුවට ඡන්දය දුන්නු අය. වාර්තා අරගෙන බලන්න පුළුවන්. අතීතයේ සිටම ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයො තමයි මේ ගම්මානවල ඉන්නේ.‘
ප්‍රශ්නය - ‘කර්මාන්ත ශාලාව මෙතැනින් ගෙනිච්චහම කීදෙනකුගේ රස්සා නැතිවෙනවාද?‘
පිළිතුර - ‘කාගෙවත් රස්සා නැති වෙන්නේ නෑ. ගෙනියෙන තැන නවත වඩ කරන්න පුළුවන්. මේකට වරතුර සපයන දෙතුන් දෙනෙක් තමයි කෑ ගහන්නේ රස්සාවල් නැතිවෙනවා කියා.
ප්‍රශ්නය - ‘හාමුදුරුවො මුදල් ගත්තා කියන්නේ ඇත්තද?
පිළිතුර - ‘ඒ ගැන අපිට කියන්න බෑ. අපි ඒ ගැන දන්නේ නෑ. හාමුදුරුවන්ගේ වෙනස්වීම අපිටත් ප්‍රශ්නයක්. හැබැයි මේ ගැටලුවට සිරිධම්ම හාමුදුරුවන් අහන්බෙන් සම්බන්ධ වුනත් උන්වහන්සේ මුල ඉදන් එක මතයක හිටියා. අපි බුද්ධිමය සටහන් ගෙන යද්දී හාමුදුරුවෝ වීදි සටනට නායකත්වය දුන්නා. ඒක අපිට අමතක කරන්න බෑ. උන්වහන්සේ මේ සටනේ විශාල වැඩකොටසක් කර තිබෙනවා.‘
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජල සුරැකුම් සංවිධානය වාර්තා දෙස බලන්නේ තාර්කිකව නොවන බව ඉතා හොදට පැහැදිලිය. කිසිම දෙයක් හොයලා බලන්නේ නැතුව කරුණු කියනවා. ඔය කිසිම කෙනෙක් ආවේ නැහැ අපි උත්තර දෙන්නම් (නි)
මොකද දම්මික මල්ලි.ඇසිඩ් වතුර පෙව්නද..නැත්නම් ඇසිඩ්ම පෙව්නද.?..ඔතන කොහෙද මහත්තයෝ වතුර ප්‍රස්නයක්..ඔය වතුර බීල ලෙඩ වුනු එකෙක්,දද කුෂ්ට හැදුනු එකෙක්,අසාද්‍ය වෙච්ච එකෙක්,මල එකෙක් තියා අජීර්නයක්වත් හැදිලා ඉස්පිරිතාලේ ගිය එකෙක් ඉන්නවද..ඔයිට වැඩ වස වතුර ජරා වතුර දැන දැන බොන මිනිස්සු ,වතර බිදකට අඩන මිනිස්සු මේ රටේ තව කොච්චර ඉන්නවද......මහත්තයාගේ කාසේ කැස්ස වැඩිවේවි..බලාගෙන පරිස්සමින් වතුර බොන්න.. (දී)
තරහ කාරයෝ ලිංවලට සහ ජල මූලාශ්‍රවලට රසායන ද්‍රව්‍ය මිශ්‍ර කලාද දන්නේ කොහොමද? අලුතෙන් ලිදක් කපලා බලන එක නුවණට හුරුයි. කොහොමත් ඔතන දේශපාලන ප්‍රශ්නයක් තියෙනවා. (නදී)
බන්දුල කියන්නේ අඳුරේ අතපත ගාන ඇඳක් නැත්නම් කාගේ හරි තුට්ටු දෙකට කරන පින්ගුත්ත්රයෙක් හැබැයි මේ ප්‍රස්නේ පටන් ගනිද්දිට වඩා දැන් මිනිහ ටිකක් නම්යසිලි වෙලා වගේ පේනවා උඩින්ම තියෙන අදහස් දැක්කම , බන්දුලයෝ මේ මිනිස්සු මේ කැගහන්නේ ගෙවල් වල වැඉ නැතුවට කොරන්න දෙයක් නැතුවට එහෙම නෙවෙයි. ජීවිත ගානක් බිලි දීල තවත් කීප දෙනෙක් සදාකාලයටම අබ්බගාත කොරල මේ මිනිස්සු දවාලක් රැයක් නැතුව බඩට ආහාරයක් ගැන හිතන්නේ නැතුව විද්‍යාත්මකව ඔප්පු කල හැකි සාදක අතේ තියාගෙන වෙහෙසෙන්නේ හෙට උපදින දරුවන්ගේ ලෝකයට පිරිසිඳු ජල සම්පත රැකලා දෙන්නයි. ඒ වෙනුවෙන් මේ මිනිසුන්ට බන්දුලට වගේ කුට්ටියක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා දැන්වත් නිවැරදි මගට යොමුවෙලා නිවැරදි මනසින් යුක්තව මේ ප්‍රස්නේ දිහා බලන්න නැණ නුවන පහල වේවා (නදී)
මේ විදියට ගරාජ වලටද ආරක්ෂාව දෙන නාගරික සංවර්දන අදිකාරියේ, නගරසභාවෙලා තාක්ෂණ දුෂිත නිලධාරීන්ට සහ මුදල්වලට ලිපි ලබාදෙන අසල් වැසි නිවැසියන්ට දඩුවම් දෙන්න. අනවසර ගරාජ වලින් පිළිකා සහ වෙනත් රෝග රැසක් පැතිරී යයි. පිලික රෝහලී රෝගීන්ගෙන් 25% ගරාජ ලග පදිංචි මිනිස්සු (දී)
බන්දුල ඔයා අහල තිබුනට අපිරිසිදු වතුර බොන අය ඉන්නවා කියලා. ගම්පහ මිනිස්සු මොකටද අපිරිසිදු වතුර බොන්නේ? ගම්පහ වතුර හොදට තිබිල තියනවා. මේ කර්මාන්ත ශාලාව කරලා තියන පරිසර විනාශය නිසා ඔයා ගම්මාන වල වතුර අපිරිසිදු වෙලා තියන්නේ. අනික අසනීප. උණු අය ඔයාට කියලා මෙයෙිනේ බෙහෙත් ගන්නේ. තමුන්ට මේක හරි විස්තරේ ඒ පැත්තට ගියානම් බලා ගන්න පුළුවන් මිනිස්සුන්ට හැදිලා තියන ලෙඩ. ඔයා මේ පත්තරේ යන ටික කියවලා ඒ පැත්තේ ඉන්න මිනිස්සුන්ගේ හිත රිදවන්න එපා .අනික ගම්පහ මිනිස්සු කවදාවත් කිසිම ආණ්ඩු විරෝධී වැඩ කරලා නැහැ මග දැනුමේ හැටියට. (නදී)
අද පක්ෂ විපක්ෂ හැම එකක්ම බෙදුනා. ආගමික නායකයන් බෙදුනා. ජනතාව කන්ඩායම් වශයෙන් බෙදී ගියා. අරමුණු වෙනස් වුනා. ඔබේ සමගිය ඉතා වටී. ඔබ සැමට ජය නියතයි. ඉදිරියටත් සමගියෙන් යන්න.(නදී)
බෙදී වෙන් වී නැත්නම් ජයග්‍රහණය කරා යොමුවෙන්න සමගිය බලයක් කරගන්න. ජය නියතයි! ජයවේවා!.(නදී)
භාෂා විලාශයෙන් සහ අදහස් වලින් ගොඩක් දේ අපට සිතාගත හැකියි (නි)
දැන් ඉතින් කරන්න වෙන්නේ ජනතාව ඉවත් කරන එක තමයි. (නි)
මේ ප්‍රශ්නයට මුහුණ දීලා තියන්නේ සිංහලයෝ නිසාද තාම විසදුමක් නැත්තේ? (නි)
කියන්නා කෙසේ කීවත් අසන්නා සිහිබුද්දියෙන් ඇසිය යුතුයි..කම්හල වැරදිනම් කම්හල ඉවත් විය යුතු වගේම මිනිසුන්ට වන්දිත් ලැබිය යුතුයි..කම්හල නිවරදි නම් එක එකාගේ උපකල්පන මත පුද්ගලික තරහවල් සහ දේසපාලන ලබා ප්‍රයෝජන සදහා වන බලහත්කාරකම් තර්ජන බලපෑම් වලට යට නොවී කම්හල පවත්වාගෙන යා යුතුයි...මේ වාර්තා කාටවත් හන්ගන් ඉන්න බැහැ..අද හෙට මේ වාර්තා එලියට ඒවී .එම වාර්තා අනුව රජය නිවැරිදි ඍජු තීරණයක් ගත යුතුයි..(නදී)
බන්දුල පෙරේරා ගොනා නැවත ලනුව කඩන් ඇති. අනින්න පෙර අල්ලනු (නදී)
දිසානායක මහත්මයාණනි,. ඔයා දැකලත් ඇති සමහර සත්තුන්ට අං තිබුනට මිනිස්සුන්ට අනින්නේ නැහැ.අං තට්ටුව පරිස්සම් කර ගන්නවා. සමහර සත්තු දකින දකින දේවලට ඇනලා අං තට්ටුව කඩා ගන්නවා. තවත් සමහර උන් වේ තුඹස් වලට ඇනලා මඩ නා ගන්නවා. (නි)
අනේ බන්දුල ඔයා ඕක කියන කල් තමා විසදුමක් නොදී ඉන්නේ. දැන් හරි ඔයා කිවනේ ඒ නිසා අද රෑම හොද විසදුමක් දෙන්න පුළුවන්. අනේ බන්දුලයෝ නොදන්නා මගුල් ගැන කතා නොකර ඉදපන් නැත්නම් පරම් පරා ගානකට හෙන ගහනවා මොකද ඔය ප්‍රශ්නය වතුර ප්‍රශ්නයක් නිසා.(නදී)
බන්දුල...මේ මිනිසු මෙච්චර රස්තියාදු වෙලා බොරුවක් කියයි කියලද ඔබ හිතන්නේ.. (ස)
ඔබලාගේ එකමුතු කම රටට ජනතාවට ආදර්ශයක්. ජයවේවා.(නදී)
බන්දුල පින්වත, අද හෙට කියන්නේ හරියටම කවදද ?(දී)
එහෙමනම් හොදයි (දී)
දැන් බන්දුල මහත්තයෝ ඔයාට පැහැදිලි වෙන්න ඕනේ. මේකත් තේරුනේ නැ නම්. ඔයත් කොම්පැනියට අහුවෙලා. (දී)
එතකොට අහවලා අයිති වෙන්නේ මොන කොටසටද? (නි)
බන්දුල අයියෝ බන්දුල