සිල්ලර බඩු වෙළඳාම, සෞඛ්‍ය ක්ෂේත්‍රය සහ විදුලි සංදේශ ක්ෂේත්‍රයන් සඳහා වැට් බදු නොගසන බවට පාර්ලිමේන්තුවට ආණ්ඩුව දිව්රා පොරොන්දු දුන් නමුත් එය කඩකරමින් දැන් පාර්ලිමේන්තුව සහ අහිංසක මහජනතාව වැට්වලින් බුල්ඩෝසර් කිරීමට පටන් ගෙන ඇතැයි එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
‘අයවැයේ බදු සංශෝධනයක් ආණ්ඩුවට අවශ්‍ය නම් කළ යුතු වන්නේ පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයකින් යුතුව එය නැවත සම්මත කරවා ගැනීමයි. මේ යහපාලන ආණ්ඩුව ජනතාව පෙලන එකෙන් මුදවා ගැනීමට අපට දැන් පිහිටට ඉන්නේ මේ රටේ ශ්‍රේෂ්ඨාධිකරණය පමණයි.‘

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට කොහොමද ඔයගොල්ලෝ කියන්නේ නාමල්ව ඇතුළට දැම්මේ ආණ්ඩුවෙන් කියලා? (නි)
අනේ පවු අසරණයින් දෙදෙනා (නි)
අද ශ්‍රේෂ්ඨාධිකරණය හරි තියනවා. එදා උඩ ඉන්න දෙවියෙක්වත් හිටියේ නැති බව මතකද? (නි)
මට නම් හිතෙන්නේ ආඬි 7 දෙනාගේ කඩ හැලියේ තරම තේරුම් ගත්තොත් හොදයි නේද?(අ)
දැන්නම් ශ්‍රේෂ්ඨාධිකරණයවත් තියෙනවා. ඔහෙලගෙ කාලේ ඒකත් තිබුනේ නෑනේ.(අ)
බන්දුල මහතා කියන්නකෝ දෑන් මාසෙකට කීයක් ඕනෙද ජීවත් වෙන්න. 1,500 ඈතිද මදිද? (බ)
තීරු බදු රහිත වාහන අානයනයෙන් සහ මැණික් වෙළදුන්ට බදු පැනවීමෙන් මෙය පියවා ගත හැකි නේද ? (බ)
වසර 1948 සිට දේශපාලකයන් නිසා වංචාවට දුෂණයට ලක්වී සිටින රටෙත්, ජනතාවගේත් පිහිටට ඉන්නෙත් මෙතුමා කියන ශ්‍රේෂ්ඨාධිකරණයම බව කව්රුත් පිළිගත යුතුය. බලය ඇති මොහොතේ එය අමතක කරන දේශපාලකයන්ට නැවත එය මතක් වෙන්නේ බලය නැති කාලයට බව අපි හොඳින් දන්නෙමු. රටේ පුරවැසියන් කව්රුන්ද යන්න සිතාගෙන මෙතුමන්ලා මෙසේ ප්‍රකාශ කරන්නේදැයි අපි නොදනිමු. (බ)
ඇත්ත තමා. ඉස්සර නම් නඩුත් රජතුමාගේ , බඩුත් රජතුමාගේ . අද නම් නිතිය හරි ක්‍රියාත්මක වෙනවා.(ම)
දැක්කද මහත්තයෝ..ඒ කාලේ අපිට අධිකරණය තිබ්බෙත් නෑ.(හේ)
අපිනේ ඒක දන්නේ.(හේ)
ඒක ඇත්ත (හේ)
ඉස්සර විදුලි බිල් පත්වලටත් ඉන්ධන වලටත් අධිකරණයෙන් සහන දුන්න නේද ?(හේ)
මේ අයගේ කාලේ මේ දේවල් අඩු කරානේ.(හේ)
ඇත්ත තමයි..ඔබතුමාලට මීට පස්සේ අධිකරණයේ පිහිට තමයි....(බ)
පැරදුනාට පස්සේ කටින් කතාකරනවා දැක්ක පුදුමයි (බ)
ශිරානි නෝනව එළවපු මිනිස්සු ලැජ්ජා නැතුව දැන් අධිකරණය ගැන කියනවා (බ)
අද ඒකාබද්ධ විපක්ෂය අධිකරණයේ පිහිට පැතුවට , එදා කාටවත් අධිකරණයේ පිහිට පතන්න ඉඩ තිබ්බේ නැහැ , විනිසුරු වරුන් දෝෂාභියෝගයන් ගෙනත් ඉවත් කළා , නැතිනම් බලෙන් විශ්‍රාම යැව්වා , අද ඔවුන් අධිකරණයේ පිහිට පතනවා (බ)
මෙයාලගේ ආණ්ඩුව කාලේ අධිකරණයේවත් පිහිට තිබුණේ නෑ මතකනේ ඉන්ධනවලට විදුලි බිලට (බ)
ඔබතුමන්න්ලා බලයේ උන්න කාලේ අපිට කෝකෙ පිහිටත් තිබුනේ නෑ (බ)
එ්ත් මේක කොතරම් දුරට තියේවිද කියල කියන්න අපිට බැහැ. කොහොම හරි මේ අදායම ජනතාව අතරින් ගන්නවා ගන්නවාමයි . එ්කේ දෙකක් නැහැ (බ)
බදු ගහන්න එපානම් හොරකම් කරපු සල්ලි ආපසු දෙන්න රජයේ වියදම් පියවා ගන්න (ම)
අනේ බන්දුල මහත්තයෝ අද උසාවිය හරි තියෙනවා. ජනතාවගේ පිහිටට එදා ඔබතුමාලගේ ආණ්ඩුව කාලේ එහෙම එකක්වත් තිබ්බෙ නෑනේ. (බ)
ඔය කිසි කෙනෙක් වැඩක් නෑ මුළු රටම පාරට බැහැලා මෙයාලා එළවමු (බ)
ඉඩෝරයට පොද වැස්සක් (බ)
මහත්තයෝ ඒකට හරි සතුටුවෙන්න. අපිට කාලයක් අධිකරණයෙවත් පිහිටක් නැති කාලයක් තිබුණා. (බ)
දැන් තේරෙනවද ඔහෙලගෙ කාලෙට වැඩිය නීතිය ස්වාධීනයි කියල. (බ)