IMG-LOGO

‘අපේ පිහිටට ඉන්නේ ශ්‍රේෂ්ඨාධිකරණය පමණයි‘

සිල්ලර බඩු වෙළඳාම, සෞඛ්‍ය ක්ෂේත්‍රය සහ විදුලි සංදේශ ක්ෂේත්‍රයන් සඳහා වැට් බදු නොගසන බවට පාර්ලිමේන්තුවට ආණ්ඩුව දිව්රා පොරොන්දු දුන් නමුත් එය කඩකරමින් දැන් පාර්ලිමේන්තුව සහ අහිංසක මහජනතාව වැට්වලින් බුල්ඩෝසර් කිරීමට පටන් ගෙන ඇතැයි එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

‘අයවැයේ බදු සංශෝධනයක් ආණ්ඩුවට අවශ්‍ය නම් කළ යුතු වන්නේ පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයකින් යුතුව එය නැවත සම්මත කරවා ගැනීමයි. මේ යහපාලන ආණ්ඩුව ජනතාව පෙලන එකෙන් මුදවා ගැනීමට අපට දැන් පිහිටට ඉන්නේ මේ රටේ ශ්‍රේෂ්ඨාධිකරණය පමණයි.‘

RDS_4090



අදහස් (0)

‘අපේ පිහිටට ඉන්නේ ශ්‍රේෂ්ඨාධිකරණය පමණයි‘

ටානි Tuesday, 12 July 2016 08:36 AM

එතකොට කොහොමද ඔයගොල්ලෝ කියන්නේ නාමල්ව ඇතුළට දැම්මේ ආණ්ඩුවෙන් කියලා? (නි)

:       0       0

රිස්වාන් ඩුබායි Tuesday, 12 July 2016 08:41 AM

අනේ පවු අසරණයින් දෙදෙනා (නි)

:       0       0

දිසානායක Tuesday, 12 July 2016 08:39 AM

අද ශ්‍රේෂ්ඨාධිකරණය හරි තියනවා. එදා උඩ ඉන්න දෙවියෙක්වත් හිටියේ නැති බව මතකද? (නි)

:       0       0

සිරි Tuesday, 12 July 2016 08:50 AM

මට නම් හිතෙන්නේ ආඬි 7 දෙනාගේ කඩ හැලියේ තරම තේරුම් ගත්තොත් හොදයි නේද?(අ)

:       0       0

රුවන් Tuesday, 12 July 2016 08:52 AM

දැන්නම් ශ්‍රේෂ්ඨාධිකරණයවත් තියෙනවා. ඔහෙලගෙ කාලේ ඒකත් තිබුනේ නෑනේ.(අ)

:       0       0

ප්‍රසන්න Tuesday, 12 July 2016 09:00 AM

බන්දුල මහතා කියන්නකෝ දෑන් මාසෙකට කීයක් ඕනෙද ජීවත් වෙන්න. 1,500 ඈතිද මදිද? (බ)

:       0       0

හේවා Tuesday, 12 July 2016 08:58 AM

තීරු බදු රහිත වාහන අානයනයෙන් සහ මැණික් වෙළදුන්ට බදු පැනවීමෙන් මෙය පියවා ගත හැකි නේද ? (බ)

:       0       0

වින්සන්ට් Tuesday, 12 July 2016 09:05 AM

වසර 1948 සිට දේශපාලකයන් නිසා වංචාවට දුෂණයට ලක්වී සිටින රටෙත්, ජනතාවගේත් පිහිටට ඉන්නෙත් මෙතුමා කියන ශ්‍රේෂ්ඨාධිකරණයම බව කව්රුත් පිළිගත යුතුය. බලය ඇති මොහොතේ එය අමතක කරන දේශපාලකයන්ට නැවත එය මතක් වෙන්නේ බලය නැති කාලයට බව අපි හොඳින් දන්නෙමු. රටේ පුරවැසියන් කව්රුන්ද යන්න සිතාගෙන මෙතුමන්ලා මෙසේ ප්‍රකාශ කරන්නේදැයි අපි නොදනිමු. (බ)

:       0       0

පැහැසර Tuesday, 12 July 2016 09:26 AM

ඇත්ත තමා. ඉස්සර නම් නඩුත් රජතුමාගේ , බඩුත් රජතුමාගේ . අද නම් නිතිය හරි ක්‍රියාත්මක වෙනවා.(ම)

:       0       0

චාමික Tuesday, 12 July 2016 09:32 AM

දැක්කද මහත්තයෝ..ඒ කාලේ අපිට අධිකරණය තිබ්බෙත් නෑ.(හේ)

:       0       0

ආසිරි Tuesday, 12 July 2016 09:32 AM

අපිනේ ඒක දන්නේ.(හේ)

:       0       0

සහන් Tuesday, 12 July 2016 09:33 AM

ඒක ඇත්ත (හේ)

:       0       0

විජේලතා Tuesday, 12 July 2016 09:33 AM

ඉස්සර විදුලි බිල් පත්වලටත් ඉන්ධන වලටත් අධිකරණයෙන් සහන දුන්න නේද ?(හේ)

:       0       0

දයාවතී Tuesday, 12 July 2016 09:41 AM

මේ අයගේ කාලේ මේ දේවල් අඩු කරානේ.(හේ)

:       0       0

නිරූ Tuesday, 12 July 2016 10:17 AM

ඇත්ත තමයි..ඔබතුමාලට මීට පස්සේ අධිකරණයේ පිහිට තමයි....(බ)

:       0       0

රජිත් මංජුල Tuesday, 12 July 2016 11:35 AM

පැරදුනාට පස්සේ කටින් කතාකරනවා දැක්ක පුදුමයි (බ)

:       0       0

ලෙස්ලි ජයවර්ධන Tuesday, 12 July 2016 11:52 AM

ශිරානි නෝනව එළවපු මිනිස්සු ලැජ්ජා නැතුව දැන් අධිකරණය ගැන කියනවා (බ)

:       0       0

සනත් ගුණවර්ධන ස්විස් Tuesday, 12 July 2016 11:56 AM

අද ඒකාබද්ධ විපක්ෂය අධිකරණයේ පිහිට පැතුවට , එදා කාටවත් අධිකරණයේ පිහිට පතන්න ඉඩ තිබ්බේ නැහැ , විනිසුරු වරුන් දෝෂාභියෝගයන් ගෙනත් ඉවත් කළා , නැතිනම් බලෙන් විශ්‍රාම යැව්වා , අද ඔවුන් අධිකරණයේ පිහිට පතනවා (බ)

:       0       0

ජනක Tuesday, 12 July 2016 12:09 PM

මෙයාලගේ ආණ්ඩුව කාලේ අධිකරණයේවත් පිහිට තිබුණේ නෑ මතකනේ ඉන්ධනවලට විදුලි බිලට (බ)

:       0       0

බණ්ඩාර Tuesday, 12 July 2016 12:12 PM

ඔබතුමන්න්ලා බලයේ උන්න කාලේ අපිට කෝකෙ පිහිටත් තිබුනේ නෑ (බ)

:       0       0

විපුල Tuesday, 12 July 2016 12:17 PM

එ්ත් මේක කොතරම් දුරට තියේවිද කියල කියන්න අපිට බැහැ. කොහොම හරි මේ අදායම ජනතාව අතරින් ගන්නවා ගන්නවාමයි . එ්කේ දෙකක් නැහැ (බ)

:       0       0

ප්‍රදිප් Tuesday, 12 July 2016 07:40 AM

බදු ගහන්න එපානම් හොරකම් කරපු සල්ලි ආපසු දෙන්න රජයේ වියදම් පියවා ගන්න (ම)

:       0       0

රොහාන් Tuesday, 12 July 2016 01:21 PM

අනේ බන්දුල මහත්තයෝ අද උසාවිය හරි තියෙනවා. ජනතාවගේ පිහිටට එදා ඔබතුමාලගේ ආණ්ඩුව කාලේ එහෙම එකක්වත් තිබ්බෙ නෑනේ. (බ)

:       0       0

කපිල Tuesday, 12 July 2016 07:56 AM

ඔය කිසි කෙනෙක් වැඩක් නෑ මුළු රටම පාරට බැහැලා මෙයාලා එළවමු (බ)

:       0       0

අර්ජුන රණවන Tuesday, 12 July 2016 07:53 AM

ඉඩෝරයට පොද වැස්සක් (බ)

:       0       0

පැතුම් Tuesday, 12 July 2016 07:56 AM

මහත්තයෝ ඒකට හරි සතුටුවෙන්න. අපිට කාලයක් අධිකරණයෙවත් පිහිටක් නැති කාලයක් තිබුණා. (බ)

:       0       0

අතුල Tuesday, 12 July 2016 08:07 AM

දැන් තේරෙනවද ඔහෙලගෙ කාලෙට වැඩිය නීතිය ස්වාධීනයි කියල. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 79 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 634 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 129 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site