අප පැතූ නව දේශපාලන සංස්කෘතියක් මේ රටෙහි ඇති කරගන්නට හැකිවිම ගැන හා හැමදාම පාට පක්ෂ අල්ලගෙන රංඩු කිරීම වෙනුවට වසර දෙකක් සදහා ජාතික එකඟතාවක් අනුව මේ රටේ අතපසු වි ගිය වැඩ කටයුතු කර ගැනීමට එකමුතු වීම ගැන සතුටක් ඇතිවන බව කතානායක කරු ජයසුරිය මහතා සඳුදා (7) මහනුවර ශ්‍රී දළඳා මාලිගාවට පැමිණ ආශිර්වාද ලබාගත් අවස්ථාවේදී මාධ්‍ය හමුවේ පැවසීය.
ස්වාධීන කොමිෂන් සභා කඩිනමින් ඇති කිරීමට බලාපොරොත්තු වන බවත් පසුගිය දිනවල කල්ගිය පනත් වල තොරතුරු දැනගැනීමේ පනත.විගනන පනත් වල වැඩ කටයුතු බොහෝ දුරට අවසන් කර ඒවා මේ මස අවසන් වන්නට ප්‍රථම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට හැකිවන බවත් කතානායකවරයා කීවේය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අසීලාචාර දේශපාලනය නවතනු (බ)
ඇමති මණ්ඩලය 20 ට අඩුවන තුරු සැබෑ වෙනසක් දැකිය නොහැකි වනු ඇත.(ම)
මොකද්ද පැතූ නව දේශපාලන සංස්කෘතිය? අපිට ඒ ගැනත් පැහැදිලි කරන්න (නි)
බොහොම හොඳයි. කතාව නියමයි (නි)
අප පැතුවේද මෙවන් වෙනසකි (නි)
අනිවාර්යෙන්ම ලොකු වෙනසකට මුලපිරුවා. පසුගිය 10 වසර තුළ ලංකාවේ සදාචාරය විනය සභ්‍යත්වය හැමඅතින්ම පිරිහීමකට ලක්වුණා. කුඩු, එතනෝල්, කැසිනෝ, ගණිකා වෘත්තිය, දුෂණය... ලංකාව හරියට සෝමාලියානු කොල්ලකරුවන්ගේ ග්‍රහණයට ලක්වුණා වගෙයි මට නම් සිතෙන්නේ. අපි නැවත යා යුතුයි අපගේ සිරිත් විරිත් වලට, දැහැමි සමාජයක් ගොඩනැඟීම උදෙසා. (නි)
අපි මෙගා ඇමති මණ්ඩලයක් නම් නොපැතුවෙමු (නි)
ඔබේ පැතුම නම් ඉටුවුණා. සතුටුයි. එහෙත් 95ක ඇමති මණ්ඩලයක් සමඟ දිස්ත්‍රික් කමිටු සභාපතිවරු 25ක් නඩත්තු කරන්න දුප්පත් අපිට අමාරුයි සර්. (නි)
සිල්වා,ඔබ හරියටම හරි (නි)
නමුත් අප පැතූ වෙනස තවමත් නැත (නි)
හැකි ඉක්මනට පරීක්ෂණ කර දුෂිතයන්ට දඬුවම් දෙන්න.ඉන්පසු ඇමති මණ්ඩලය අඩුකරන්න. (නි)
පැතූ දේශය බිහිකිරීමට සුබ පැතුම්! (නි)
අවශ්‍ය පනත සම්මත කරගන්න යනකොට මෙතුමාට තේරෙයි අලුත් දේශපාලන සංස්කෘතිය කියන්නේ මොකක්ද කියලා. (ම)
අවුරුදු දෙකකින් පසු ඔබ තුමාගේ ප්‍රකාශය ඉටුවේ නම් මගේ ප්‍රණාමය .සුබ යහ පාලනයක් .(ම)
වැඩි වෙන ඇමැති කෙනෙක් නඩත්තු කරන්න කෙතරම් අති විශාල මුදලක් ජනතාවට දරන්න වෙනවද කියන එක අපේ රටේ බොහෝ දෙනෙකුට තවම තේරුමක් නැහැ. (බ)