මහ මැතිවරණය සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් දැනුම්වත් කිරීම සඳහා පොලිස්පති එන්.කේ.ඉලංගකෝන් මහතා අම්පාර, මඩකලපුව හා ත්‍රිකුණාමලය ප්‍රදේශවල සංචාරයක නිරත වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි.
එහිදී උසස් නිලධාරීන් හමුවූ පොලිස්පතිවරයා දැඩිව මැතිවරණ නීති ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා සිටියේය.
‘පොලිසියට කිසිම පක්ෂයක් නෑ. පාටක් නෑ. අපේ පක්ෂය පොලිස්. අපේ පාට කාකි පාට. ඒ නිසා සෑම පක්ෂයකටම එක සමානව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන්න.‘
විශේෂයෙන්ම මාර්ගවල ධාවනය වන අවසර නැති අඳුරු වීදුරු සහිත වාහන හා ලියාපදිංචි නොකළ වාහන සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙසත් පොලිස්පතිවරයා එම නිලධාරීන්ට දැනුම් දුන්නේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියමයි මහත්තයා නියමයි (නි)
නියමයි. (නි)
බොහොම හොඳයි, මෛත්‍රී, රනිල්, මැකෝ ඇතුළු මුළු පොලිස් සේවයටම තුති. (නදී)
ඉස්සර පොලිස් පාට නිල් පාට. යහපාලනයෙන් පාට වෙනස් වෙලා. තවම නිල් පාට යුනිෆෝර්ම් අදින පොලිසියේ මහත්තුරුත් නැත්තේම නැහැ. (නදී)
පොලිස්පතිතුමනි නීතිය හැමදාම එක ලෙස ක්‍රියාත්මක කල යුතුය. ඔබතුමා කෙලින් හිටියොත් මුළු පොලිස් දෙපාර්තමේන්තුවටම හරියට නීතිය ක්‍රියාත්මක කිරීමට පහසු වේවි. රටේ ලිකිත නීතියේ බාර කාරයෝ පොලිසියයි. (නදී)
නීති වෙනස් කිරීමට හෝ අලුත් නීති පැනවීමට පාර්ලිමේන්තුවට බලය තිබුනද, එදිනෙදා පොලිසියේ රාජකාරි වලට බලපෑම් කිරීම මැති ඇමති වරුන් නොකළ යුතුය (නදී)
බලන්න දැන් පොලිස් පති තුමා. ඉස්සර කොහොමද මීයා වගේ හිටියේ.(නදී)
පසුගිය අවුරුදු දහයේ නම් පොලෝසියේ පක්ෂය රාජපක්ෂය. පාට නිල් පාට, ලකුණ බුලත් කොලයයි (නදී)
දැන් වෙනසක් තියනවා.... ඉස්සර වගේ නොව. අපේ රට බැබලේවා. (බ)
මෙයාගේ ටෙලිෆෝන් බිල දැක්කනම් කොයි පක්ෂේද කියල හොයා ගන්න පුළුවන්. (නදී)