ජාතික හෙළ උරුමය ප්‍රතිපත්ති මිස පක්ෂ නායකයන් කරගහගෙන නොයන බව ජාතික හෙළ උරුමයේ ප්‍රධාන ලේකම් පාඨලී චම්පික රණවක මහතා බත්තරමුල්ල වෝටර්ස් එජ් හි පැවති පුවත්පත් සාකච්ඡාවකදී පැවසීය.
යහපාලනය සඳහාවන එක්සත් ජාතික පෙරමුණින් තරග කිරීමට ගත් තීරණය මහජන යහපත හා රටේ හා මහජනයාගේ යහපත වෙනුවෙන් ගත් බව ඔහු අවධාරණය කළේය.
පරාදවෙවී කෙඳිරිගගා බලයට ඇති කෑදරකම නිසා බැරි මරගාතේ බලයට ඒමට කෑදරකමින් සිටින නායකයන් පස්සේ හෙළ උරුමය යන්නේ නෑ. සියලු වැසියනට වාද බේද හා ජාති ආගම් කුලමල බේදවලින් තොරව ජීවත්වීමට යහපත් ප්‍රජාතන්ත්‍රවාදී රටක් ඇති කිරීම අපේ අරමුණයි. යහපාලනය අපේ අරමුණයි. අවංකව පිරිසිදු චේතනාවෙන් ඉදිරි දැක්මක් ඇතිව මහජන සුබසෙත සඳහා අප ගෙන යන සටනට එක්ව මව්බිම පවුල්වාදයෙන් හා ඒකාධිපතිවාදයෙන් බේරාගැනීමට ඇති මහගු අවස්ථාව ලබන අගෝස්තු 17 වැනිදා උදාවනවා.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනාධිපති වරණයේ ඉඳල ගත්ත ස්ථාවරය වැරදුනාම දිගටම වැරදුනා. (ස)
එයත් එක ජාතියක කෑදරයෙක්, අපිව අන්දන්න එයා වදුරන්ගෙන් බණ අහපු අපිව! අපි අහුවෙයි ඔය වැල් බණ වලට. (ස)
කරු ඔබ හරියට හරි .පාටලී මෛත්‍රී රාජිත එකතු වෙලා විදේස බලවේග වලට යට වෙලා වගෙයි.පාටලි රාජිට යටි ගිරියෙන් බෙරිහන් දෙන එවුන්ට පුනක්කු තමයි දෙන්න ඕන .අපේ මව්බිම වෙන වීනාසය. (ස)
මෙයා තාමයි කරනම් ඉතිහාසයේ වාර්තාවක් තියපු අලුත්ම කෙනා. මෙයාට දැන් මොකුත්ම මතක නැහැ. දොන් ජුවන් නෙමෙයි මෙයාට මොකුත්ම මතක නැහැ. (අ)
සිංහල ජාතිය පාවා දුන් හැමෝටම හොඳ පාඩමක් උගන්වනවා. (ස)
අපේ රටේ අනාගත පරපුර ඇමෙරිකන් කාරයන්ට පවා දෙන අයට උඩ ඉන්න දෙවියෝ බලගත්වා ! (අ)
ජාතිවාදය මුලින් වපුරවපු පිරිස අද දොන් ජුවන් ධර්මපාල කරතබාගෙන ද ? (ස)
යහපාලනය පාඨලී චම්පිකල බැරි මරගාතේ බලයට ඒමට කෑදරකමින් ජාතිය පවා දෙමින් පක්ෂ මාරු කරන ලජ්ජා නැති අයට 17දින ගෙදරම යවමු ජාතිය පවා නොදී .බෝම්බ නැතිව නිදහසේ ඉන්න ඇති හෙට උපදින දරුවන්ට මෙම රට රකිනු හෙලයනි ,අපේ ජාතිය විනාශ කරන අයට 17ද නියම පිළිතුර දෙන්න .(අ)
මෙයාට ඡන්දය දුන් අපිට අබසරනි. රෑ වැටුන වලේ අපි දවල් වැටෙන්නේ නැ මහත්තයෝ . (ස)
ජාතිවාදයද, ජාතිකවාදයද, සමානාත්මතාවයද, එහෙමත් නැත්නම්, ජාත්‍යන්දරවාදයද කියා හරිහමන් ප්‍රතිපත්තියක් නැති අයට අපි කැමති නැහැ (නි)
ඡන්දය වෙනුවෙන් මෙයා හැම දෙයක්ම නැති කරගත්තා. අවසානයේ සිංහල නාමයත් ඉවත් කරගත්තා. (ස)
අපි රට විකුණලා හරි බලය ගන්න එක තමා කරන්නේ (ස)
චන්දිම, මේ වගේ අය මොනවා කරන්නද රට ප්‍රසිද්ද වෙන්දේසියේ විකුනන්නද (ස)
පාටලී මහත්තයෝ, යන්තම් ජාමේ බේරගත්ත නේද? රෝන්ග් සෛඩ් යන්නේ නැතුව ප්‍රවේසමෙන් රිය පදවල ඔය තියෙන උගත්කම සහ බුද්ධිමත් කමෙන් රටේ මිනිස්සුන්ට සේවයක් කරන්න. ඔබතුමා කල්පනාකාරී නොවුනොත් ඔය ප්‍රතිරූපය විනාශවෙන්න වැඩිකල් යන්නේ නෑ. මිනිස්සුන්ට ඕනකරන්නේ දුෂණයෙන් තොර සැබෑ නායකයන් විතරයි. ඔබ එතන ඉන්නවා. නමුත් එක එක අයගේ ලනු කන්න එපා. ජාතියේ නායකයෙක් වෙනවට අපි කැමතියි. නමුත් පහුගිය දවස් වල භූමිකාව අපේ විශ්වාසය අඩු කළා. ඔබට ජය. (නදී)
කට තිබුණු පලියට බොරු බේගල් ඇද බාන, යටිගිරියෙන් දොඩවන අයට 17දින නියම දඩුවම දෙනු හෙලයනි !!.(අ)
අවංක දෙසපලකයෙක්. ජීවිතය පරදුවට තබා දුෂිත රාජපක්ස පාලනය පරාජය කලා. මම ඔබතුමාට ජය පතමි. (ස)
මුන් තමා ගෙම්බෝ.ගෙම්බන්ටත් ලජ්ජයි (ස)
මෙයාලට අපි 2005 දී සල්ලි දිලා උදව් කලේ රට බේරගන්න ඕනේ උණු නිසා. එත් මෙයාට දැන් තියෙන්නේ වෙන සැලසුමක් වගේ පේනවා. එක්කෝ මෙයාටත් ඕනේ, රට බල්ලට ගියත් කමක් නෑ, මහින්දගෙන් පලිගත්තොත් ඇති කියන වෛරය . මේ ඡන්දෙන් මෙයත් කුණුබක්කියට වැටෙනවා (ස)
මැටි පිඩක් වගේ හැමතැනටම සුදුසුයි (ස)
නියම කතාව. ජයවේවා! (නි)
පාටලී මෛත්‍රී රාජිත අවුරුදු නවයක් ඇමතිකම් දැරුවා.කරපු ප්‍රධානම දේවල් මෙන්න. පාටලී-දුම් සහතිකය-රට වෙනුවෙන් (දුම් වාහන තවම පාරේ). මෛත්‍රී-රූපමය අවවාද-රට වෙනුවෙන් (පාර දිගේ සිගරට් බොති). රාජිත-චීන මාළු නැව්-තමා වෙනුවෙන් (අ)
දුෂිත රජය පරාජය කිරීමට ඔබගේ දායකත්වය අගය කරමි. ඔබට ජය! (නි)
ඔබ රටේ ඉහළම පුටුවක් දක්වා පැමිණිය හැකි පුද්ගලයෙකි. ඔබට ජය! (නි)
චම්පිකට හොඳ දැක්මක් තිබෙනවා. අප රටේ ඒකීයභාවයත්, සිංහල ජාතියත් ආරක්ෂා කර ගැනීමට මෙතුමා වැනි නායකයින් රටට අවශ්‍යයි (නි)
මට නම් දැන් කතා ඇතිවෙලා මෙයාලගේ (නි)
ඔබගේ කෙළින් කතාව අගය කරනවා (නි)
දොන් ජුවන් ධර්මපාලව කර තියන් යන්නේ නැද්ද (අ)
ඔබලා කරතියාගෙන යන්නේ පිටරටවලින් ලැබෙන ඩොලර් මලු මිස අන් කවරක්ද? බොරු බේගල් ඇද බාන ඔබ මේ රට පාවා දීමේ ඒජන්තයෙකු බව අපි දනිමු. (අ)
මේ අයට 17 හොඳ පාඩමක් උගන්වමු බලය නිසා ජාතිය පාවා දෙන්නෝ. (ස)
සමහරු හිටියේ කොහෙද? දැන් ඉන්නේ කොහෙද? (නි)
අගෝස්තු 17 අපි හරියට උත්තරේ දෙන්නම්. (අ)
අපිත් මේගොල්ලෝ වගේ දෙපත්නයින්ව කර තියන් යන්නේ නෑ...(ස)
චම්පික මහත්තයා වගේ අය මේ රටට තව අවශ්‍යයයි.(හේ)
අපි දන්නවා ඔබ හරියට හරි, එත් ඔබ කරේ තියාගෙන යන්නේ කවුද කියල හැමෝම දන්නවා, මහත්තයෝ අපි ඔබලාට ඡන්දෙ දුන්න මිනිස්සු, අපි ඡන්දෙ දුන්නේ රටට වැඩ කරන්න මිසක් ඇමරිකාවට බටහිර රටවලට අපේ රට පවා දෙන්න නොවෙයි. හිතන්න එක මිහිහෙක් ගැන නොවෙයි, මුළු රට ගැනම, මහත්තයෝ අපි වැනසෙන යුගය වැඩි ඇතක නොවෙයි.ඇයි මේ ලස්සනට තිබුණ රට විනාස කරන්න හදන්නේ? අපේ දරුවන්ට මේ රට ඕන නැතිද? ලජ්ජා හිතෙනවා මහත්තයෝ අපි ඔබල ගැන කොච්චර විස්වාශය තිබ්බද? ඇත්තටම ඔබල වැඩ කරන්න කාගේ උවමනාවටද? ඔබලා කෙරුවේ ළමයාගේ වැරැද්දට හරියට ළමයාගේ අත කපුවා වගේ වැඩක්. ඔබලාට පෙනුනේ වැරැද්ද විතරයි ළමයාගේ අනාගතය දැකකේ නැ (අ)
අපි නායකයන් කර තියන් යන්නේ නෑ තමයි.එ වුණත් අර හිටපු දොන් ජුවන් නම් මිනිහා නයකයෙක් නොවෙන නිස ඔන්න ඔහෙ ටිකක් කරේ තියගෙන ගියම මොකද හලෝ (අ)
කරගහගෙන යන්න පුළුවන් නායකයේ නොවෙයිනේ හම්බුනේ (අ)
මිනිස්සුන්ගෙ ඔළුවලට විශබීජ දැම්මෙම මෙයාල.(අ)
අපේ කාලයේ සැබෑ වීරවරු (නි)
එහෙනම් මොන අල ගෙඩියකටද සිංහල බෞද්ධ ජනතාව උසිගැන්නුවේ අනිත් අයට විරුද්ධව මෙච්චර කල්? (ස)
එක්නැලිගොඩට මොකද වුණේ. (ස)