යාපනේ වෙම්බඩි උසස් කාන්තා විදුහලේ දී උතුරු පළාත් මහ ඇමැති සී වී විග්නේෂ්වරන් හා උතුරු පළාත් ආණ්ඩුකාර ජී ඒ චන්ද්‍රසිරි දෙදෙනාම අතට අත දී සුහදත්වය පල කළහ.
චන්ද්‍රසිරි මහතා යළි පත් කිරීම ගැන මහ ඇමැති නොසතුටින් සිටියේය.
යාපනේ වෙම්බඩි උසස් කාන්තා විදුහලේ දී උතුරු පළාත් මහ ඇමැති සී වී විග්නේෂ්වරන් හා උතුරු පළාත් ආණ්ඩුකාර ජී ඒ චන්ද්‍රසිරි දෙදෙනාම අතට අත දී සුහදත්වය පල කළහ.
චන්ද්‍රසිරි මහතා යළි පත් කිරීම ගැන මහ ඇමැති නොසතුටින් සිටියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පළාත් මහ ඇමැති සහ පළාත් ආණ්ඩුකාරවරයා මෙහෙම කතා කරකර ඉන්න එකෙන් අදහස් වෙන්නේ නැහැ උතුරේ සියලු ප්‍රශ්න විසඳෙනවා කියල.(අ)
උදේ පාන්දරම හිත නිවෙන දසුනක් දුටුවා. ලංකාදීපයට යහපතක්ම වේවා.(අ)
සුළු ජාතික පක්ෂ වල දේශපාලනය සහ පැවැත්ම රැදී තියෙන්නේ ජාතිවාදය වපුරන තරමට තමයි.ජාතින් අතර සුහදත්වයක් වර්ධනය වෙනවා දකින්න ඔවුනට අවශ්‍ය නැහැ.එහෙම වුනු දවසට ඔවුන්ට පැවැත්මක් නැහැ..ඒ හින්ද ඔවුන් බලන්නේ ගිනි තියන්න. පුළුවන් තරම් ගිනි තියන්න.ඒ ගින්නෙන් කට්ටිය පිච්චෙන තරමට තමන්ගේ හොද්ද බොරයි..එත් කට්ටිය නොදන්නා සත්‍යය ඒගින්නෙන් තමාටත් අවසානයේ පිච්චෙන්න වෙනවා කියන එකයි. එක ඉතිහාසය මැනවින් ඔප්පු කලා.අද මේ ගිනිතියන්න හදන අයගේ අනාගත ඉරණමත් එකම තමයි.(අ)
නියමයි (අ)
බලන්න මෙතන සිංහල දෙමල කියල වෙනසක් තියෙනවද . දෙගොල්ලන්ටම එකම විදියේ අවශ්‍යතාවන් තමයි තියෙන්නේ. අඩුපාඩුවක් තියෙනවනම් එය දෙමල මිනිහට පමණක් නොවේ. සැමටමයි. ජිවන වියදම , අධ්‍යාපන , රැකියා , ඉඩකඩම්, නිවාස ප්‍රශ්න පොදුයි. ඉතින් නිජබිම් සංකල්පයෙන් මිදිලා සහයෝගයෙන් ඉන්න ඕනේ. සිංහල මිනිහත් දකුණේ නිජබිම් සංකල්පයක් ඉල්ලුවොත් 50% වන උතුරෙන් පිට ජිවත් වන දෙමල මිනිස්සුන්ට තව ප්‍රශ්නයක් නේද. ශ්‍රී ලංකාවම අපි ඔක්කොටම අයිතියි කියල හිතන්න. ආයිත් ජාති වාදයට බෙදුම් වාදයට ඉඩ නොදෙමු. එකතුවෙලා එකට දෙමල, සිංහල, මුස්ලිම් දේශපාලකයින්ගේ වැරදි විවේචනය කරලා හදා ගමු. එතකොට අපේ ශ්‍රී ලංකාව කොච්චර ලස්සන වෙයිද. (නදී)
ඇත්තටම හරි සතුටුය (නදී)
කවුද එතකොට අයියා. විග්නේශ්වරන් මහත්මයා ද්‍රවිඩ නිසා ඉබේටම අයියා වෙනවා. ඉතින් චන්ද්‍රසිරි මලය කැමති වෙයිද සිංහල හින්ද නිකම්ම මලය වෙන්න.(නදී)
මහ ඇමති තුමනි, සිංහල ජනතාව හැම ජාතියක් සමගම එකට ජීවත් වෙන්න කැමතියි. බලන්න ලංකාවේ හැම තැනම මොනවත් ප්‍රශ්න නැහැනේ. සියලු දෙනා එකමුතුව ඉන්නවා. ඔබතුමා මෙය තේරුම් ගෙන ඔය දමිල දේශපාලන සුළු පිරිසට තේරුම් කරලා දෙන්න. අපි සියලු දෙනා මේ රටේ එකමුතුව සහෝදරයින් වගේ ලස්සනට ජීවත් වෙමු. සුළු පිරිසක් තමයි මේ රට අවුල් කරන්නේ. (නදී)
අනේ වාසනාවන්! (නි)
රූපවති අපි මේ කියන දේවල් ඒ ගොල්ලෝ දකින්නේ නැහැනේ.(දිල්)
මිනිසුනේ අපිට අවශ්‍යම මෙපමණයි ..! (දිල්)
අපිත් කොච්චර නම් කැමතිද හැමෝම එකමුතුව වැඩ කරනවා නම්... (නි)
පිටින් පෙන්වන සුහදත්වය ඇතුලතිනුත් තිබුනොත් තමයි එ්ක නියම සුහදත්වයක් වෙන්නේ. (නදී)
ඇත්තටම ඔය දෙගොල්ලන්ම එකට එකතුවෙනවා හැරෙන්න වෙන දෙයක් කරන්න නැහැ. මොකද පොඩි මිනිස්සු ජාතිය,ආගම,කුලයට රංඩු කලාට ලොකු අය බොහොම සමගියෙන් තමයි රට කන්නේ. (නදී)
නියමයි මහා ඇමතිතුමා, ඔහොම යමු (නි)
අපි විග්නේශ්වරන් මහා ඇමතිතුමාට ආචාර කරමු. (නි)
එකමුතු උනත් ක්‍රියාවෙන් වැඩ නැත්නම් මේ එකතු වීමෙන් ඵලයක් නැද්ද ? (නදී)
අයියා , මල්ලී වගේ පමණක් නොවේ ! මස්සිනාත් ඉන්නවානේ ..අවශ්‍ය වෙලාවට !. (අ)
බලන්න මිනිසුන්ගේ එකමුතුකම දුටුවම එතන කොපමණ ආත්මීය සුවඳක් තියෙනවද කියල ,,අපේ හිතටම කොපමණ ඒ සුවඳ දැනෙනවද ..? මිනිසුනේ අපිට අවශ්‍යම මෙපමණයි ..!!! (අ)
ඔහොම තමයි ඉන්න ඕන. (අ)
ලංකාවේ සදාකාලික සමයක් පවතීවා.. (අ)
රූපවතී අක්කේ..මෙතන ප්‍රශ්නේ එකමුතුව ඉන්න බැරිකම නෙමෙයි.එකමුතුව හිටියොත් කොටි ඩයස්පෝරාවේ සල්ලි ලැබෙන්නේ නැහැනේ.(අ)
දේශපාලනයේදී සදාකාලික මිතුරන් හෝ සදාකාලික සතුරන් නොමැති බවට මේක හොඳ උදාහරණයක්. (අ)
ලංකාවේ පොදු ජනයා අතර තියෙන සහජීවනය , අනනෝන්‍ය අවබෝදය සැමදාම කලේ ජාතිවාදයේ ගිනි අවුළුවා ඒ ගින්නේ උණුසුමෙන් තම දේශපාලනය උණුසුම් කරගන්න එක. මේ දක්වා රට කරපු පක්ෂ දෙක දිගින් දිගටම කරපු වැරදී නිසාවෙනුයි සුළු ජාතික පක්ෂ බිහි උනේ. විශේෂයෙන්ම ජේ ආර් කරපු සමානුපාතික නියෝජන ක්‍රමය රටටම හෙනයක් වී අද වනවිට පිලිලයක් වී තිබෙනවා. එක පුද්ගලයෙකු වටා අතිශය ලෙස බලය රැස්කොට විදායක ජනපති ක්‍රමයක් බිහිකිරීම තුලින් රට සැමදා දුටුවේ එකාදිපති පාලනයකුයි. ඉදින් , පින්තුරවලට හිනාවෙලා, පස්සෙන් වින කටින පිළිවෙතක් හැම දේශපාලකයෙකුම වගේ අනුගමනය කරනවා. අවාසනාව නම් අහිංසක මහජනයා එකිනෙකා අතර තිබු අවබෝදය මුන් නිසා බිඳ වැටීමයි. (නදී)
ලුම්බිණිගේ කතාවේ හැටියට පොඩි ළමයෙකුට උනත් තේරෙනවා තමන්ගේ ජාතියට අවශ්‍ය මොනවද කියන එක. (නදී)
විග්නේශ්වරන් මහා ඇමති තුමා උගත් බුද්ධිමතෙක්,එතුමාට ද්‍රවිඩ ඩයස්පොරාවෙන්, ද්‍රවිඩ සන්ධානයෙන්, විවිධ බලපෑම් තිබුනත් ඉදිරියේදී ආණ්ඩුකාර තුමා සමග සහයෝගයෙන් කටයුතු කරාවි. (අ)
අපි දන්නවා විග්නේශ්වරන් මහත්තයා බුද්ධිමතා කියලා. එතුමා සියල්ල සමබරව ගෙනයාවි. (අ)
දේශපාලනයෙන් මිදී යථාර්ථවාදීව අපේ ප්‍රශ්න විසඳා ගනිමු. (අ)
රූපවති කියන දේවල් වලට හිනායනවා. (නි)
බන්දුල පෙරේරා තරම් ජාතිවාදය පතුරවන , කටමැත දොඩවන මෝඩයෙක් තවත් නැහැ. ඔබගේ ඉතිහාසය එ්ක හොඳින්ම ඔප්පුකරනවා. (නදී)
නල්ලම්, නල්ලම් , ඔන්න ඔහොමනෙ ඉන්න ඕනෑ. චන්ද්‍රසිරි මහතා හරි නිහතමානී මහත්තයෙක්. අපි ජාතිවාදී වියයුතු නැහැ. චන්ද්‍රසිරි මහතාණෙනි, ඔබ දිනේවා! (නි)
මේවා දැකලා අපි සතුටු වුණාට මේවා දකිනකොට ඇස්වල කටු වදින කට්ටියත් ඉන්නවා. (නි)
පළමුව ඔබ දෙදෙනාගේ සමගිය තියාගන්න ඕනෑ (නි)
ඔහොම යමු, ඔහොම යමු! (නි)