
(අංජුල මහික වීරරත්න)
ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය හා ජපානයේ ජාත්‍යන්තර මානව සම්පත් සංවර්ධන සංවිධානය (International Manpower Development Organization - IM Japan) අතර ඇති කරගත් අවබෝධතා ගිවිසුම අනුව තවත් ශ්‍රී ලාංකික තරුණියන් පිරිසකට ජපානයේ හෙද සත්කාර ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා හිමිවී තිබෙන බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.
ජූලි 16 දින ජපානය බලා පිටත්ව යාමට නියමිත තරුණියන් 9 දෙනකු වෙත ගුවන් ටිකට්පත් ලබාදීම ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේදී සිදුකරන ලද අතර, ඒ සඳහා මේ දිනවල ශ්‍රි ලංකාවේ නිල සංචාරයක නිරතවන IM Japan ආයතනයේ නියෝජිතයෝ ද සහභාගී වූහ.
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය 2017 වර්ෂයේ IM Japan සංවිධානය සමග තාක්ෂණික පුහුණුලාභීන් ජපානය වෙත යොමු කිරීම සඳහා වන අවබෝධතා ගිවිසුම අත්සන් කරන ලද අතර, 2023 වර්ෂයේ විශේෂිත නිපුණතා සහිත ශ්‍රමිකයින් ජපානය වෙත යොමු කිරීම සඳහා වන ගිවිසුමට අත්සන් කෙරිණි.
මෙම වැඩසටහන් යටතේ මේ වන විට සාත්තු සේවා, ඉදිකිරීම්, නිශ්පාදන, මෝටර් කාර්මික නඩත්තු සේවා, කෘෂිකර්ම යන රැකියා ක්ෂේත්‍ර යටතේ තාක්ෂණික පුහුණුලාභීන් ලෙස 589 ක් සඳහා ජපානයේ රැකියා අවස්ථා ලබා දී ඇති අතර, හෙද සත්කාරක සහ ආහාර සේවා කර්මාන්තය යටතේ විශේෂිත නිපුණතා සහිත ශ්‍රමිකයින් 43 දෙනෙකු ජපානය වෙත යොමු කර ඇත.
2025 දෙසැම්බර් මස 18
264
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
183
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
990
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අපේ තරුණියන් පිරිසකට ජපන් හෙද සත්කාර රැකියා