IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


අපි ජන සංගීතය ආශ්‍රයෙන් කරන නිර්මාණවලට චෝදනාවක් එල්ලවෙලා නැහැ

2016-09-05-ent-73

අපේ සංගීත කණ්ඩායමට ජන සංගීතය ආශ්‍රයෙන් කරන නිර්මාණවලට කිසිම චෝදනාවක් එල්ලවෙලා නැහැ.

වර්තමානයේ ගීතයට ජන නාද රටා යොදාගනිමින් ජාත්‍යන්තරයට ගිය සංගීත කණ්ඩායමක් වන "සෙන්ටිග්‍රෙට්ස්"හි නියමුවෙකු වන තුසිත් නිරෝෂන් ජන සංගීතය නව නිර්මාණවලට යොදාගැනීම සම්බන්ධයෙන් අදහස් විමසුමට "සාරවිට" ආලින්දයට ගොඩවැදුණේ මෙලෙසිනි.

"අපේ මුල් අවධියේ තමයි ජන සංගීතය නිර්මාණයට යොදා ගත්තේ කියලා මම හිතනවා. මුල් කාලේ ඉරාජ් මෙය භාවිත කර තිබුණා. මම හිතනවා ඒ නිර්මාණය සාර්ථකයි කියලා. මේක අපේ දෙයක් විදේශ රටකට ගෙනයාම සඳහා කළ එක් උත්සාහයක් විදිහට දකින්න පුළුවන්. "මනුසත් කුලේ" වගේ නිර්මාණ දකින්න පුළුවන්. මම ජන සංගීතය ගැන දන්නෙ නැහැ, ඉස්කෝලෙදි බොහෝදුරට සංගීතය හදාරලා තියෙනවා. නමුත් මං මේ ජන සංගීතය භාවිත කරලා ගැටලුවක් ඇති වුණොත්, එය මට වගේම මගේ කණ්ඩායමටත් බලපානවා. මම ඒ නිසා කළේ සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ හිටිය ධම්මිකා, තුෂාරි කියන අක්කලා දෙන්නගෙන් උපදෙස් ලබාගෙන නිර්මාණය සිදුකළ එක. තව තවත් සංගීත කණ්ඩායම් නිර්මාණය වුණා. ඒ අයත් භාවිත කළේ ජන සංගීතය. මං හිතන්නෑ දැන් ඒක කියනවා කියලා. වාසනාවකට අපේ සංගීත කණ්ඩායමට ජන සංගීතය ආශ්‍රයෙන් කරන නිර්මාණවලට කිසිම චෝදනාවක් එල්ලවෙලා නැහැ."

 

2016-09-05-ent-74



අදහස් (0)

අපි ජන සංගීතය ආශ්‍රයෙන් කරන නිර්මාණවලට චෝදනාවක් එල්ලවෙලා නැහැ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 594 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 745 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 312 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site