‘රනිල් හඳුන්වා දෙන්නේ මන්ද පෝෂණය ඉහළ යන ආර්ථිකයක්. මේකට ද අපි ඡන්දෙ දුන්නේ? මෙයාලටා ඡන්දෙ දුන්නෙත් නැහැනේ. අපි දුන්නේ මෛත්‍රීපාලට. මෙයාලා බලෙන් ඇවිත් අල්ලා ගත් එකක්නේ මේක. කිසිව වගකීමත් නැතිව අල්ලා ගත් එකක්.‘ යැයි මහින්ද රාජපක්ෂ හිටපු ජනපති ජනරැලියක් අමතමික් කීවේය.
‘අද බෙහෙත් පෙත්තටත් මුන් විද්දා. සියයයේ එක 135යි. බේත් පෙත්තේ මිල වැඩි වුණා. ලෙඩාගේ බෙහෙත් පෙත්ත හොරකම් කළ මිනිස්සු.‘

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බෙහෙත් පෙත්තට විද්දේ කවුද කියලා මුළු රටම දන්නවා. අනික ඉතින් ඔයා මෛත්‍රීට ඡන්දෙ දුන්නා නම් මොන එහෙකටද දැන් ඡන්දෙ ඉල්ලන්නේ (නි)
මට තේරෙන්නෙ නැහැ මෙතුමා කියන දේ (නි)
මහින්ද මහත්තයා මොනවා කියවනවද මන්දා? (නි)
එහෙනම් ඒක තමයි මෛත්‍රී මහත්තයා දිනුවේ. (නි)
මොන බෙහෙත් පෙත්තේ මිලද වැඩි වී තිබෙන්නේ.? (ර)
එතකොට 2015 ජනවාරි 8 මෛත්‍රී මහතා එක්ක තරඟ කරලා පැරදුනේ මොන රාජපක්ෂද? හිටපු ජනාධිපති මහින්ද ඡන්දෙ ඉල්ලුවේ නැද්ද? (නි)
තිලාන්,නුඹ හරි. මේ වගේ අය ආවොත් අපිට නිදි පෙති බොන්නයි වෙන්නේ. ඒ කාලේ තමයි බෙහෙත් ගණන් ගියේ. දැන් තේරෙනවා ඇති බෙහෙත් ගණන් කියලා. ඇපත් නැහැ මේ පාර. දැන් අපේ රටේ මිනිස්සු මෝඩ නැහැ (නි)
"අපි ඡන්දේ දුන්නේ මෛත්‍රීට" ඒ කියන්නෙ එයත් ඡන්දෙ දුන්නෙ මෙෙත්‍රීටද? (නි)
මටත් හිතාගන්න බැහැ මහින්ද මහත්තයා මේ කියන කතා ගැන (නි)
ඒ කියන්නේ එයාලත් දීලා තියෙන්නේ මෛත්‍රීටනේ! (නි)
අනේ අනිච්චන්! ලෝකයා ලංකාවේ දේශපාලනය දිහා බලලා හිනාවෙනවා (නි)
බුදු දහමට අනුව රාජ්‍ය නායකයෙකුගේ තිබියයුතු උසස්තම ගුණාංගයක් තමයි ඉවසීම. මහින්ද තුළ සැබවින්ම එය තිබෙනවාද ? ඔබම සිතන්න (නි)
මොකක් නමුත් අප්සට් එකක් වෙලා වගෙයි. 62 කියන්නේ 58 නොවෙයි (නි)
දස රාජ ධර්මයන්ගෙන් එකක් තමයි ඛන්ති කියන්නේ. මොනම හේතුවක් නිසාවත් කෝප නොගැනීම. රනිල් වාසුගේ මහින්දගේ ප්‍රකාශන වලට ප්‍රතිචාර දක්වපු අයුරින් එය පිළිබිඹු වුණා අපිට (නි)
පොඩ්ඩක් හිතලා බලලා කතා කරන්නකෝ (නි)
මෙතෙක් කාලයක් ආණ්ඩුවේ සල්ලි වලින් බේත් අරගෙන දැන් සල්ලි වලට ගන්නකොට තේරෙනවා ඇති බේත් වල මිල. (නි)
අද මොකද මේ අමුතු කතාවක් කියලා? (නි)
මහින්ද මහත්තයෝ, ඔබතුමාගේ ආශාව මෙදා සන්සිඳෙනවා සත්තයි. (නි)
මෛත්‍රීට ජයවේවා කිව්වා කියලා කව්රු හරි කාට හරි ගහන්න යනවනම් ඒක හරිම කැත දෙයක්.(ම)
බල තණ්හාව කොතරම්ද කියලා වචන ටිකෙන්ම පෙනෙනවා (නි)
මහත්තයෝ, හිතලා බලලා කතාකළොත් නරකද? (නි)
වරාය හදපු ගමන් නැව් එන්නේ නැහැනේ. ඒක තේරෙන්නේ නැද්ද? මිනිස්සු අතින් වචන වරදිනවා තමා. මහින්ද වගේ දක්ෂ පාලකයෙක් තව අවුරුදු 100 කටවත් පහළ වෙන්නේ නැහැ (නි)
දැන් හරියට මැරිලා ඉපදිලා වගේ.කටක් ඇරලා කතා කරන්නේ කොහොමද ඔහොම? (නි)
අයියෝ! මේවා දැන්ද කියන්නේ ඔබතුමා? (නි)
අර අප්පච්චි උට්ඨාන වෙලා කියන කතාව ඇත්තද කියලා හිතෙන්නේ දැන් තමයි. පුදුම වෙනසක්? (නි)
මහින්දට කලන්තේ වගේ (බ)
අනේ මෙහෙම තණ්හාවක් අනේ මෙහෙම ආශාවක්? යහපාලනය යන වචනය මහින්දගේ ශබ්දකෝෂයේ නැත. වපුරපු දේ කපාගන්න (නි)
දේවේන්ද්‍ර, කවදද ඉතින් ඔය ගුවන් තොටුපළට ප්ලේන් එන්නේ? මේ සල්ලි ගෙවන්නේ අපෙන් බදු ගහලා කියලා දේවේන්ද්‍ර දන්නවද? (නි)
ඒක තමයි ඩමියත් අරගෙන එනකොට අපිත් හිතුවා. ඔබතුමාත් දීලා තියෙන්නේ මෛත්‍රීට. අපරාදේ මෙතන යහපාලලා, අබේලා මහන්සි වෙලා කෙටුවේ. (බ)
ඔබගේ හෘදසාක්ෂියට එකඟව මහින්ද ගැන හිතන්න. ඔහුගේ සංවර්දන ක්‍රම පිළිවෙල අනගත පරපුර උදෙසා සිදුකල බව තේරුම් ගන්න. එහි ප්‍රතිලාබ ඉදිරයට ලැබෙන බව අමතක නොකරන්න. අද දවස ගැන පමණක් නොසිතා රට විනාසයට යා නොදී රැකගනිමු. මහින්ද දිනවමු. (ස)
ඔබතුමාට ආතතිය හැදිලාද මේ විකාර දොඩවන්නේ? එදා බෙහෙත් මිල ඔබතුමා අඩු කළාද? (නි)
අනේ මේ තමුන්නැහේ මොනවද කියවන්නේ? කතාවටත් සීමාවක් තියාගන්න. බෙහෙත් මිල වැඩි වුණා කිය කියා බෙරිහන් දෙන්නේ, ඒ කාලේ රජයේ රෝහලේවත් බෙහෙත් තිබුනද? හැම රෝගියෙක්ම තුණ්ඩුව අරගෙන ෆාමසියට ගිහින් තමයි බෙහෙත් ගත්තේ. (නි)
මොනවද මේ කියවන්නේ? එන්න එන්නම තත්වය උග්‍රයි (නි)
ජනතාවට අත උස්සන කිසිම දේශපාලකයකුට ඔබගේ ජන්දය දෙන්න එපා. (ම)
ඒකාධිපති කාලේ මොනාද ඉහළ නොගියේ (ම)
හොඳටම ආතතිය වගේ නේද? (ර)
මේක තමා ලංකාවේ මැතිවරණයකින් පත් නොවුණු ආණ්ඩුව. මේකේ ඉන්න මැති ඇමතිලත් ඒවගේ. (බ)
එතකොට තමන්ටවත් ඡන්දෙ දාගෙන නැද්ද? ජනාධිපතිවෙලා අවුරුදු දහයක් කරන්න බැරිවුණු දේවල් මන්ත්‍රී කෙනෙක් වෙලා පුලුවන්ද? (නි)
ඔබට තේරෙන්නේ නැද්ද මොහු ඇයි මෙහෙම දේවල් කියවන්නේ කියලා? (නි)
" අපි දුන්නේ මෛත්‍රීපාලට." ඒ කියන්නේ මහින්ද දීලා තියෙන්නෙත් මෛත්‍රීපාල මහත්තයටද? (නි)
ඔබතුමාගේ කාලයේ අර තදකරපු පටිය තවම බුරුල් කරගන්න බැරුව ඉන්නේ. කාගෙත් හැටි අපි දන්නවා (නි)
මේක පුදුම කතාවක්නේ මහත්තයෝ (නි)
අපි කියන්නේ කවුද..? මහින්ද කවදද මෛත්‍රීට ඡන්දෙ දුන්නේ...? මේවා විශ්වාස කරන්න පුලුවන්ද? (නි)
මේ කතාවෙන් පේනවා බේත් පෙත්තේ මිල වැඩිවුණ එක එයාලටත් බලපා තිබෙන වග..... (නි)
[අපි ඡන්දේ දුන්නේ මෛත්‍රීට] නම් එතකොට මහින්ද ඡන්දෙ දුන්නේ කාටද? (නි)
නිකන් කිච වෙන්නේ නැතුව ඉන්නවා බලයට පෙරේත කමට දගලනවා තව දහයක් රට කාලා (හේ)
බලයට ඇති පෙරේත කම තමයි.(හේ)
මහින්ද මහතයෝ අපි ඔබ තුමාගේ කලේ ඉස්පිරිතාලෙන් බෙහෙත් ගන්න දුන්නම ගත්තේ ෆර්මසියෙන් . ඒ තරමට ඔබතුමා බෙහෙත් පුරවල තිබුනේ ඉස්පිරිතාලේ.(හේ)
ඉතින් රනිල්ව අගමැති කළේ මෛත්‍රී ජනාධිපතිතුමානේ. මෙයාලා ඉන්න කාලේ මාර ලාබයිනේ බෙහෙත්.අනේද කියන්නේ? (නි)
ඔයාට මාත් එදා කැමැත්තෙන් සිටියා. හැබැයි ඔබ කළ ඒ අන්ත දුෂිත පාලන ක්‍රමය, අවනීතිය, දුෂකයන්ට දුන් සහයෝගය, කුඩුකාරයන්ට දුන් අනුග්‍රහය මා තදින්ම පිළිකුල් කරනවා. අපිව ලෝකෙට ගොඩ එන්න බැරි තරමට උකස් කරලා. කෝ ඒ සල්ලි? එහෙත් මෛත්‍රී ගොඩක් ගුණයහපත්. (නි)
. "අපි" කියන්නේ ඡන්දෙ දීපු මහජනතාව බව තේරුම් ගන්න බැරිද? (අ)
තමා පාලනය කරන්න දැනුවත් උගත් මිනිසුන්ව පත්කරගන්න මේවගේ තමන් කතාකරන දේ ගැනවත් දන්නේ නැති නුගත් මිනිසුන්ව ගමේ පාලනයකටවත් සුදුසු නෑ (බ)
ඒකාධිපති රනිල් නොවේද? මහින්දට ජය නියතයි (බ)
අසනීපය උග්‍ර වී ගෙන එනව වා ගේ.(අ)
යුද්ධයක් තිබුණ රටක් සංවර්ධනයක් තිබුණ රටක් මතක නේ (අ)
දේවේන්ද්‍ර, කවදද ඉතින් ඔය ගුවන් තොටුපළට ප්ලේන් එන්නේ? ජේ.ආර්. කොළඹ වරාය හැදුවාම කන්ටෙනර් ලංකාවට ආව. (අ)
දැන් එතකොට ඔබතුමා දුන්නේත් මෛත්‍රී මහත්තයාටද? (නි)
ඒ කියන්නේ මහින්ද මහත්තයත් ජනාධිපතිවරනේදී ඡන්දෙ දීලා තියෙන්නේ මෛත්‍රී මහත්තයාටද? ඒ කියන්නේ ඒ තරම්වත් එයා ගැන විශ්වාසයක් තිබිලා නැද්ද? මේ පාර මහින්ද මහත්තයට ඒ ඡන්දෙත් නැතිවෙනවා. (නි)
අනේ පවු! මෙතුමා හොඳටම නොසන්සුන් වගෙයි (නි)
ඒ ගමන මෛත්‍රීපාල මහතාට ඡන්දෙ දුන්නා කියනවා. මේවා අහලා අපේ මොළේ කචල් වෙනවා (නි)
වචන වලට වඩා මුළු අර්ථය තේරුම් ගත යුතුයි (ම)
ආසියාවේ මිණිපහන ලෙස විරුදාවලිය ලත් රනිල් මැතිඳුන්ට ජය වේවා !! (නි)
වයස අවුරුදු 71 එකෙක් වෙච්ච මනුස්සයෙක් ගෙන් මිට වඩා දෙයක් බලාපොරොත්තුවෙන්න බෑ (හේ)
මේ රාජපක්ෂ හිටපු ජනපති තවත් හිතාගෙන ඉන්නේ ලංකාවේ ඉන්නේ තවත් කොන්ඩේ බැතපු මොලේ නැති මීහරක් ටිකක් කියල. (අ)
මෙතුමා හරියට කතාකරන්නේ මැරිලා ඉපදුනා වගේ. දැන් ජනතාව එච්චර මෝඩ නැහැ මේවා අහන්න. (නි)
මේ කොහොමද කියන්නේ මෛත්‍රීට දුන්නා කියලා? කොහොමහරි මිනිස්සු රවට්ටලා එන්න වගෙයි හදන්නේ (නි)
ෆේස්බුක් එකේ අයගේ සිංහල භාෂා ඥානයත් ජනවාරි 8 වසන්තයට සමානයි (බ)
මෙයාගේ කාලා මිනිස්සු තුන් වේලම බඩ කට පිරෙන්න ගත්තනේ හොඳට ? අනේ මගේ කට . (බ)
හුටා.... මෙන්න මහින්ද මහත්තය ඡන්දෙ දුන්නෙත් මෛත්‍රීට කියන්නේ... අනේ මන්දා.... වෙලාවකට පිස්සු වගේ අප්පා කියන කතා අහලා... (බ)
අපිත් ඡන්දෙ දුන්නේ මහින්ද මහතා පරද්දන්න මිස රනිල්ට මහතාට ආණ්ඩුවක් කරන්න නෙමේ (හේ)
කරුණාකරලා ඔබ පසුගිය ජනාධිපතිවරනයේදී ණයටගත් ලංගම බස්වලට අයවිය යුතු කෝටි 3 ක මුදල ගෙවල කතාකරනවද (බ)
මම අහගෙන මහින්දගේ අනුරාධපුර කතාව. දැන් ඔබතුමා හරියට කතා කරන්නවත් දන්නේ නැහැ වගේ. තවමත් මිනිස්සුන්ට අපහස කරන එක නම් අතහැරලා නැහැ . ඒක බලාගෙන ඉන්න අප්පිරියයි. රනිල් මහත්තය කවදාවත් කාටවත් අපහස කරන්නේ නැහැ . වැඩිම උනොත් පොඩි විහිළුවක් කරයි . වාසුගේ කතාවට උනත් ප්‍රතිචාර දැක්වුවේ සැබෑ මහත්තයෙක් වගේ . ආසියාවේ මිනි පහනට, ලංකාවේ දුෂණය වංචාව තුරන් කොට ආසියාවේ දියුණුම රට කිරීමට හැකියාව ලැබේවා. (බ)
කුමන ආගමක් අදහන පුද්ගලයෙක් වුනත් දන්නවා තන්හවේ අදීනව. (හේ)
ඕකට කියන්නේ මාරු කියවනවා කියලා .අපරාදේ තිබුන අවුරුදු දෙක නැති කර ගත්තේ කියලා අඩනවා ඇති (හේ)
හැබැට මොකද සමහර මිනිස්සු මහින්ද මහතාට මේ තරම් බය? රනිල් පැරදිලා යාවි කියල වෙන්න ඇති නේද? (බ)
මාර වැඩක්නේ! මහින්ද ඡන්දෙ දීලා තියෙන්නෙත් මෛත්‍රීට? (නි)
එයාලා බෙහෙත් පෙත්තට ගැහුවා කියලා තමන් සොරකම් කළ ප්‍රමාණය වූ රුපියල් බිලියන ගණන ජනතාවගෙන් වසන් කරන්නද මෙහෙම කතා කියන්නේ? (නි)
මේ අදහස් දාන අයට මේ කියන කතාවේ අදහසවත් තේරෙන්නේ නැහැනේ? (නි)
කතාවේ අරුත වටහා ගැනීම වැදගත්ය (ම)
මට නම් පෙනෙන්නේ ආතතිය වගේ. බල තණ්හාව හොඳ නැහැ මහත්තයෝ (නි)
මහින්ද කියලා තියෙනවා අවුරුදු 2 කට කලින් පැරදුනේ එතුමාගේ පණ්ඩිත වැඩ නිසා කියලා. ප්‍රකෝටි ගානක් රට ණයකරලා එයාර්පෝට් එකක් හැදුවේ, නැව් එන්නේ නැති වරායවල් හැදුවේ, ක්‍රිකට් ගහන්නේ නැති ක්‍රීඩාංගන හැදුවේ, ඒ සේරටම වඩා පරම්පරා ගානකින් ගෙවලා ඉවර කරන්න බැරි ණය කන්දරාවක් ගොඩගැහුවේ, තව දක්ෂ හොරු කණ්ඩායමක් බිහිකළෙත් පණ්ඩිතකම නිසා තමයි. දැන් මේ ලැජ්ජා නැතුව ඡන්දේ ඉල්ලන්නෙත් පණ්ඩිතකම නිසා කියලා තව ටික දවසකින් කියයිද දන්නෙ නැහැ. ඊටපස්සේ කියයි ෆයිල් කිහිල්ලේ ගහගෙන හිටියෙත් ඒ නිසාම කියලා. ඊටපස්සේ කියයි හොරුන්ව මංකොල්ලකාරයන්ව ආරක්ෂා කළෙත් පණ්ඩිතකමට කියලා. අනේ මේ මොනවද මහත්තයෝ මේ කතා? (නි)
නම කැත කරගෙන අනිත් මිනිස්සුන්ට බනින එක හොඳ නැහැ (ම)
ඔබතුමා කරන ප්‍රකාශ වල බුද්ධිමත්බාවය පිළිබඳ අපිට ඇත්තේ ගැටළුවකි (නි)
අම්මපා? මහින්ද මහත්තයාත් එහෙම ඡන්දෙ දීලද? ඒ කියන්නේ එයා වැරදි බව තේරිලාද? (නි)
ඉවසීමක් නැති කෙනෙකුට රටක් බාරදුන්නොත් මොනවයින් මොනවා කරයිද දන්නේ නැහැ. බලන්න රනිල් මහත්තයා, ඉවසීමෙන් හිනාවෙලා ප්‍රශ්න වලට මුහුණ දෙනවා. රනිල් මහතා විභාග පාස්වුණේ සාධාරණව. එතුමන්ලා තුළ උගත්කම නිසා ලැබුන ඉවසීම තිබෙනවා. (නි)
දිල්ශාන් කියන දේ ඇත්ත. මර්වින්ලා ගස් බැන්දට ගහන්න ගියේ නැහැ. ගස් බැදපු අයට නාම යෝජනා නැහැ. මිනිස්සුන්ට ගහන්ඩ ගිය අයට නාම යෝජනා තියෙනවා. (ම)