මතුගම කලාප අධ්‍යාපන කාර්යාලයේ ප්‍රාථමික අංශය ගුරුවරුන්ගේ ක්‍රිඩා උළෙල මතුගම මහජන ක්‍රිඩාංගනයේදි පැවැත්විණි.
මතුගම- අගලවත්ත- වලල්ලාවිට- පාළින්දනුවර- අධ්‍යාපන කොට්ඨාසවල සිංහල දෙමල මුස්ලිම් පාසල් 125 ක ගුරුවර ගුරුවරියෝ 600 පමණ ඊට එක් වූහ .
වලල්ලාවිට කොට්ඨාසයට සමස්ථ ජයග්‍රහණය හිමිවිය
මතුගම කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ එන් ඩබ්ලිවි පෙරේරා මහතාගේ උපදෙස් පරිදි සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂිකා ජී .ජී . ධනුෂ්කා චන්ඳ්‍ර කුමාරි මහත්මිය ඇතුළු කලාපයේ ක්‍රිඩා උපදේශක උපදේශිකාවන් උලෙළ සංවිධානය කළහ.



























COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කාර් රේස් වලට ගිය සල්ලි වලින් මේ වගේ අඩු පහසුකම් දේ සංවර්ධනය කරන්න තිබ්බා. සෝබන වැඩ වලට වියදම් කරන්නේ නැතුව මේ වගේ වැදගත් දේ සංවර්ධනය කරයි කියල හිතනවා නව රජය. (නදී)
නිසි ක්‍රීඩාව කාටත් ගුණදායක වේ (නදී)
හොඳ කර්තව්‍යක්. පහසුකම් වල අඩුපාඩු දකිනකොට හිතට දුකක් දැනෙනෙවා. ක්‍රීඩාව කියන්නේ යහපත් සමාජයක් උදෙසා අත්‍යවශ්‍ය සාධකයක්. එත් ඒක අපේ වගකිවයුත්තන්ට තවම මඟ හැරිලා කියලා හිතෙනවා. (අ)
හැමදෙනාටම යහපත් ආදර්ශයක් .. නිරෝගීකම රැකගන්න වගේම කණ්ඩායම් සහයෝගිතාවය වැඩි කිරීමටද ක්‍රීඩාව උපකාරීවේ. (දිල්)
ඇයි මේ ගුරුවරයෙක් සහ ගුරුවරියක් එකට දුවන්නේ. අපි නොදන්නා කමටයි අහන්නේ. ගැහැණු පිරිමි බේදය මේ අයටත් පොදුයිනේ. (නදී)
අඩු පහසුකම් දැක්කම දුක හිතෙනවා, ඉස්සර ලොක්කෝ හොරකම් කල සල්ලි වලින් මේවට දෙන්න තිබුන නේද ? (අ)
විමුක්ති එකත් මිශ්‍ර ක්‍රීඩාවක එක අංගයක්. එතන ගැහැණු පිරිමි කියල භේදයක් නැහැ.(නදී)