IMG-LOGO

2025 අගෝස්තු මස 09 වන සෙනසුරාදා


අපි කට්ට කාලා ආපු නිසා තමයි අද මේ තත්ත්වයේ ඉන්නේ

2016-11-09-ent-46

නවපරපුර අතර ජනප්‍රිය ටෙලි නාට්‍යය නළුවෙකු වන අමිල අබේසේකර සමගින් මෙවර "තරුණයා" තරු කතාබහ ඇරඹුවෙමු. ජනප්‍රිය ටෙලි නාට්‍ය කිහිපයකින්ම ඔබේ ආදරය දිනාගත් ඔහු සිය ඉදිරි කලාකටයුතු පිළිබඳව පැවසීමට "තරුණයා" සමග මෙලෙස එක්විය.

 

මේ දිනවල වැඩකටයුතු පිළිබඳව කිව්වොත්?

2016-11-09-ent-44මේ දවස්වල නම් නිවාඩු පාඩුවෙ ඉන්නවා. මොකද ටෙලි නාට්‍ය 05ක වැඩ කරලා අවසන්. මේ දිනවල "සොඳුරු දඩයක්කාරයෝ" කියලා ටෙලි නාට්‍යයක් විකාශනය වෙනවා. මේ මාසයේ තව ටෙලි නාට්‍යයක වැඩ පටන් ගන්නවා. නුවර පැත්තේ තමයි රූගත කටයුතු කරන්නේ.

 

ටෙලි නාට්‍ය ජීවිතය තුළ ඇයි එක් චරිතයක් සඳහා ඔබ කොටුවන්නේ?

කිසිම චරිතයක් ඒකාකාරී නැහැ. චරිතයකට චරිතයක් වෙනස්. නමුත් ගොඩක් වෙලාවට පෙම්වතාගේ චරිතය හම්බෙන නිසා තමයි ගොඩක් අය මාව ඒ විදිහට දකිනවා ඇත්තේ. නමුත් මමත් කැමතියි ඒකාකාරි චරිතවලින් මිදිලා වෙනත් චරිත කරන්න. අපි චරිතාංග නළුවො බවට පත්වෙන්න ඕනේ අපිට කරන්න පුළුවන් චරිතයක් ඔස්සෙයි.

 

ඔබ විසින් දායක වන නිර්මාණ නැවත රසවිඳීමක් කරනවාද?

ඇත්තම කියනවානම් මට ටෙලි නාට්‍යය බලන්න වෙලාවක් නැහැ. නමුත් ටෙලි නාට්‍යය ආරම්භයේදී පළවෙනි කොටස් 05 වගේ බලනවා. ඒකේ මාව පේන්නේ කොහොමද, මගේ අඩුපාඩු මොනවාද වගේ දේවල් මම බලනවා. එතින්න එහා නම් බැලෙන්නේ නැහැ. මගේ බිරිඳ තමයි ඒ දේවල් බලලා අඩුපාඩු කියන්නේ.

 

ඔබගේ චරිතය තුළ තිබෙන ගුණදොස් බිරිඳට භාර කරලද තියෙන්නේ?

ඔව්, ගොඩක් වෙලාවට එයා තමයි ටෙලි නාට්‍යය බලන්නේ. ටෙලි නාට්‍යය බලන්න වෙලාවක් සහ බැලෙන්නෙත් නැහැ.

 

ලංකාවේ මෑතකදී නිර්මාණය වන ටෙලි නාට්‍ය යගුණාත්මක බවින් අඩු බව ඇතැම් අය චෝදනා කරනවා?

ලංකාවෙ ටෙලි නාට්‍යයවල ගුණාත්මක බවට වඩා විදේශයෙන් මෙරටට ගෙන්වන ටෙලි නාට්‍යයවල ගුණාත්මක බව පිළිබඳවයි චෝදනා කරන්න ඕනේ. ඒ නිර්මාණයවල ගුණාත්මක බවක් තියෙනවාද කියලා බලලයි, අපේ නිර්මාණයවල ගුණාත්මක බව බලන්න ඕනේ. ලංකාවෙ ටෙලි නාට්‍යයවල ගුණාත්මක බව අඩුවෙන්න හේතුවෙලා තියෙනවා. තරගකාරීත්වය නිසා නිෂ්පාදකවරුත් බලන්නේ එහෙන් මෙහෙන් නිර්මාණ කරලා අඩුවට නළු නිළියෝ අරගෙන ටෙලි නාට්‍යය විකුණා ගැනීමට විතරයි. පළවෙනි කොටස් 20 තමයි හොඳටම කරන්නේ. මොකද චැනල් එකට විකුණන්න ඕන නිසා. ඊට පස්සේ අතඇරලා දානවා. ඒක නිසා තමයි ගුණාත්මක බව අඩුවෙන්න හේතුවෙන්නෙත්. ඒ වගේම තමයි නාළිකාවලින් නිෂ්පාදකවරුන්ට අඩුමුදලක් ගෙවන එකත් හේතුවක්.

 

අද වර්තමානය තුළ බිහිවන නවක නළුනිළියන් තුළ කිසියම් ප්‍රමිතියක් ඔප නැංවෙන්නේ නැහැ නේද?

ඇත්තෙන්ම ඔව්, මට ඒක බය නැතිව කියන්න පුළුවන්. මම ක්ෂේත්‍රයට ආවේ 1998 වසරේදී වගේ. 2000 දී තමයි පළවෙනි ටෙලි නාට්‍යය කළේ. ඒකාලේ අපිට කවුරුත් මුලින් ප්‍රධාන චරිත දුන්නෙ නැහැ. අපි පොඩි පොඩි චරිත තමයි කළේ. ඒ කාලේ අධ්‍යක්ෂකවරු අපිට සෙට් එකට එන්න කියලා ෂූටීන් කරන විදිහ, ප්‍රවීණ රංගන ශිල්පීන් රඟපාන විදිහ බලන් ඉන්න කියනවා. අපි ඒ දිහා බලන් ඉඳලා ඒ ප්‍රවීණ කලාකරුවන් එක්ක සුහදව ඉඳලා ඒ අය අපට උදව්කරලා තමයි අපි තැනකට ආවේ. ඊට පස්සේ තමයි අපි ප්‍රධාන චරිතයක් කළේ. මම ප්‍රධාන චරිතයක් කළේ 2004 වසරේදී. මේ මගේ අත්දැකීමයි මම කියන්නේ. අද නම් කොල්ලෙක්ව, කෙල්ලෙක්ව දැක්ක ගමන් එයාව ප්‍රධාන චරිතය සඳහා අරගන්නවා. අපි එහෙම නළුවෝ වුණේ නැහැ. අපි එහෙම කට්ට කාලා ආපු නිසා තමයි අද මේ තත්ත්වයේ ඉන්නේ. අද කාලේ ඉන්න අයට ජනප්‍රිය වුණාට පස්සේ මතක නැහැ ඒ අය කොහොමද ආවේ, මොනවාද කළේ කියලවත්. උදාහරණයට කිව්වොත් මං ගැන ඔළුවෙ තියාගෙන ටෙලි නාට්‍යයක් ලියනවා. මගේ මුදල ඇහැව්වට පස්සේ ගාණ වැඩියි කියලා වෙන කෙනෙක් ගාවට යනවා. ඊට පස්සේ ඔහුගෙත් ගාණ වැඩි කිව්වොත්, තෙවැන්නෙක් ගාවට යනවා. ඒ අලුත් ළමයෙක් වෙන්න පුළුවන්. අපි කිව්ව ගාණට වඩා අඩු මුදලක් කිව්වොත්, එයා ප්‍රධාන නළුවා වෙනවා. නිර්මාණයට අසාධාරණයක් වෙනවා වගේම, අලුත් නළුනිළියෝ ක්ෂණිකයෙන් බිහිවෙනවා. මේ කාලයේ හැම ටෙලි නාට්‍යයකින් අලුත් නළුවෙක් හෝ නිළියක් බිහිවෙනවා.

 

වර්තමානයේ තමන්ගේ මුදලක් නියම කරන්න බැරි තත්ත්වයක්ද තියෙන්නේ?

ඕනෑම නළුවෙකුට හෝ නිළියක්ට තමන්ගේ අත්දැකීම, ප්‍රේක්ෂකාගාරය මත යම් කිසි වටිනාකමක් කියන්න පුළුවන්කමක් තියෙනවා. යම් කිසි නිර්මාණයක් සඳහා ජනප්‍රිය පුද්ගලයෙක්ව දායක කර ගන්නේ ඒ නිර්මාණය සාර්ථක කර ගැනීමට හැකියි කියන විශ්වාසය මතයි. ඒ නළුවයි, නිළියයි කියන මුදල දීලා ඒ සඳහා දායක කරගන්නේ ඒ නිර්මාණය විකුණගන්න පුළුවන් කියන විශ්වාසය මතයි. අද එවැනි දෙයක් වෙන්නෙ හරි අඩුවෙන්. මේ කර්මාන්තය ගැන හිතන්නේ නැතුව නිෂ්පාදකවරු, අධ්‍යක්ෂකවරු බලන්නේ අඩුමුදලට පුද්ගලයන් අරගෙන නිර්මාණය කරලා නාළිකාවට විකුණ ගන්න. තනිකරම මේක ව්‍යාපාරයක් වෙලා තියෙන්නේ.

 

සිනමාව පැත්තට යොමුවීමට අදහසක් නැද්ද?

මම චිත්‍රපට දෙකක කළා මීට කලින්. ටෙලි නාට්‍යවල රූගත කිරීමවල නිරතවෙන කොට දින ප්‍රශ්න මතු වෙනවා. ඒකත් එක්ක සමහරක් අයගේ අදහසක් තියෙනවා, ටෙලි නාට්‍යයවල උදේ හවස පේන්න ඉන්න නළුනිළියන්ව චිත්‍රපට සඳහා දායක කරගන්නෙ නැහැ කියලා අදහසක් තියෙනවා. මොකද ඒ අයට වැඩිය ඉල්ලුමක් ලැබෙන්නෙ නැහැ නිතරම රූපවාහිනි ඔස්සේ දකින්න ලැබෙන නිසා. ඒක නම් කොච්චර දුරට සාධාරණ කතාවක්ද කියලා මම නම් දන්නෙ නැහැ. චිත්‍රපටවල පමණක් රඟපානවා කිව්ව නළුනිළියෝ ටෙලි නාට්‍යයවලත් රඟපාන්න ගත්තා. මටත් හොඳ චිත්‍රපට කිහිපයකට ආරාධනා ලැබුණා. නමුත් මට දින නැති ප්‍රශ්නයක් නිසා ඒදේවල් මඟ හැරුණා.

 

නිවේදනය ගැන කතා කළොත්?

ඒ ගැන කිව්වොත්, මට පුළුවන් හැකියාවෙන් එය කරගෙන යනවා. දැනට ජාතික රූපවාහිනියේ "රිදම් චැට්" කියලා වැඩසටහනක් කරනවා. ඒ අවස්ථාවේදී ස්තුතිවන්ත වෙන්න ඕනේ ජාතික රූපවාහිනි සභාපති තුමා රවී මහතාට. ඒ වගේම නිෂ්පාදකතුමා ප්‍රසන්න හෙට්ටිආරච්චිටත් ස්තුති කළ යුතුයි මුලින්ම මාව තෝරගත්තාට. අපේ නිෂ්පාදකතුමාත් ලොකු වෙහෙසක් දරනවා වැඩසටහන් සඳහා. මගේ උපරිම දායකත්වය මේ වැඩසටහන සඳහා ලබාදෙනවා.

 

ඩිලාන් ක්‍රිෂාන්ත / ඡායාරූප - චාමර ලක්රුවන් රණසිංහ

 

2016-11-09-ent-45
2016-11-09-ent-43



අදහස් (0)

අපි කට්ට කාලා ආපු නිසා තමයි අද මේ තත්ත්වයේ ඉන්නේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 434 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 314 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 485 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site