
(අංජුල මහික වීරරත්න)
මෙරට නිෂ්පාදනය කෙරෙන කුකුළු මස් හා බිත්තර මෙන්ම අන්නාසි චීනයට අපනයනය සඳහා දීර්ඝ කාලයක් තිස්සේ පැවැති බාධක චීන රජය විසින් ඉවත් කර තිබේ.
මෙරටට පැමිණි චීන මහජන සමූහාණ්ඩුවේ රේගු පරිපාලනය පිළිබඳ (Vice Minister of General Administration of Customs) උප අමාත්‍ය Wang Lingjung මහතා ඇතුළු නියෝජිත පිරිස සමග කළ සාකච්ඡාවේ දී මෙම එකඟතාවය පළ කළ බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
ෙඒ අනුව අවශ්‍ය තරම් කුකුළු මස් හා බිත්තර මෙන්ම අන්නාසි චීන වෙළෙදපලට අපනයනය කිරීමට ශ්‍රී ලංකාවේ අන්නාසි වගා කරුවන්ට මෙන්ම කුකුළු නිෂ්පාදන කර්මාන්තකරුවන්ට ඉඩ ලැබී තිබේ.
COMMENTS
පිට රට ගිහින් අපේ කුකුල් මස් අපිට නැති වෙයිද?
අන්නාසි, කුකුල්මස් සහ බිත්තර අපේ රටේ මිල ඉතා ඉහළයි. අන්නාසි කෙසේවෙතත් කුකුල්මස් රට පටවන එකට විරුද්ධව නීති පනවන්න ඕනේ.. කුකුල්මස් රට පටවන්න පුළුවන් කිලෝ එක ලංකාවේ වෙළෙඳපලේ 800 පහළට ආවොත් බිත්තර රට පටවන්න පුළුවන් වෙළෙඳපලේ මිල රුපියල් 30ට අඩු වුනොත්, අපේ දුප්පත් පාරිභෝගිකයාට කන්න නැතුව, අහාර ද්‍රව්‍ය පිටරට පටවලා විදේශ විනිමය අරන් එන එකේ තේරුමක් නැහැ...
චීනය ලොව ලොකුම බිත්තර සහ කුකුළු මස් නිෂ්පාදකයා නේද? කලකට ඉහත ලංකාවටත් ආනයනය කළා...
දැන් ඉතින් චීනෙට ගිහිල්ලා කුකුල් මස් කන එක ලාභ වෙයි. බිත්තර කන එක අමතක කරලා දාමු.
යකෝ ලංකාවට කන්ඩ බිත්තර ගේන්නෙත් ඉන්දියාවෙන්.. ලංකාවේ මිනිස්සුන්ටත් බිත්තර මෙහේ නෑ. මෙවාට කියන්නේ ඡන්ද බයිලා කියලා හෙට අනිද්දා කියයි ලංකා මුහුදේ තෙල් හම්බ වුණා කියලා.. මහ මයිනා සෑහෙන කාලයක් එක විකුණා ඡන්දේ ගත්තා.
බිත්තර ඉන්දියාවෙන් ගෙන්නලා චීනයට අරින්නද යන්නේ?
අනේ මන්දා මුන්ට ට්රාක්ද කියලා. අපිට මස් කිලෝව ගන්න තියෙන්නෙ රු.1000/- ට වැඩියෙන් බිත්තරේ 60/-යි ඒ මදිවට බිත්තර ඉන්දියාවන් ගෙනත් කනවා. එහෙම රටක කුකුල් මස්, බිත්තර චීනෙට යැව්වම අපි කන්නේ මේ පජාත දේශපාලුවන්ගේ මස්ද බොලව්. දැන් කියාගෙන එන්න එපා ඩොලර් උපයනවා කියලා. දැනට ඉන්න කුකුලන්ටත් බඩඉරිඟු මදි එකේ බඩ ඉරිඟු රටින් ගෙන්නන්න තවත් ඩොලර් යනවා කියන එකත් මතක තියාගන යුතුයි
නිශ්පාදන වැඩි නොකර, ඒ සදහා වැඩපිළිවෙළක් හෝ නැතුව රටේ පරිභෝජනයට තිබෙන ආහාර ද්‍රව්‍ය මෙලෙස අත්තනෝමතික ලෙස පිටරට පැටවීමට උත්සාහ කිරීම මගින් රටේ අතවශ්‍ය පාරිභෝගික භාණ්ඩ වල මිල දෙගුනයකින් හො දෙගුණයකින් වැඩි විමේ අවදානමක් පවතිනවා. ඒ පිලිබඳව කිසිම සැලකිල්ලක් නැතුව වැඩ කරන මේ මෝඩ ඇමතිවරු රටට සාපයක්.
මොන්ගල්ද මුන්ට .අපිට කන්න ඉන්දියාවෙන් බිත්තර ගෙනැල්ලා අපි චීනයට බිත්තර මහින්ද අමරවීර ගේ අම්මාගේ කොටුවෙන් යවන්නද .මුන්ට පිස්සු
ඡන්දේ කිට්ටු වෙනකොට මොලේ අමාරුව වැඩිවෙනවා වගේ නේද? රටේ කුකුල් මස් හියි බිත්තර හිඟයි කියලා දන්නේ නැතිව වගේ.. ඒ ගමන්ම වෙන්න යන්නේ ඉදහිට කන කුකුල් මස් හොදි ටිකවත් කන්න නැති වෙන එක. තදින් මතක තබාගන්න මස්කෑලි දරුවන්ට පමණයි
දේශීය පරිභෝජනයටත් ප්‍රමාණවත් නොවන කල අපනයනය කෙසේ කරම්ද? දේශීය පාරිභෝගිකයා ආරක්ෂා කරගන්න කියලා නේද ඉන්දියාවෙන් බිත්තර ගෙන්නුවේ? දැන් එතකොට මේ නිෂ්පාදන වලින් රට ස්වයං පෝෂිතද?
අපනයනය කරන්න පුළුවන් දේවල් නොකර රටේ මිනිස්සුන්ගේ පාරිභෝජනයටවත් මදි මේ දේවල් මොකට යවනවාද, ඇගලුම් කියක් වැහැව්වාද පහුගිය කාලේ
අයියෝ දැන් ඉතින් තව ඉදිරියට කුකුල් මස් කෑල්ලක් කාලත් ඉවරයි එහෙනම්... ලංකාවේ දුප්පත් මිනිස්සු. අපනයනය කරන රටවල් කරන්නේ තම රටට අවශ්‍ය ප්‍රමාණයට වැඩි කොටස් අපනයනය කරන එක. නමුත් අපේ රටේ මිනිස්සුන්ට කන්න තියෙන ටික තමයි දැන් අරින්න වෙන්නේ... කවදා හරි වෙන්නේ අපේ මාළු සම්පතට වෙච්චි දේ තමයි. හොඳම මාලු ටික වැඩිමිලට පිටරට අරිනවා. එහෙම බැරි ඒවා ලංකාවේ විකුණනවා වගේ කුකුල් මසටත් එහෙම වෙයි...
අමරවීර, මිනිහාගේ කොම්පැනියක් දා ගෙන මේ රටේ තැඹිලි ටික ඩුබායි යවන ව්‍යාපෘතියක් මෑතක පටන් ගත්තා. දැන් කොළඹ තැඹිලි ගෙඩියක් රුපියල් 300...
ආණ්ඩුව මාරු වුනා නම් හැම ගෙදරකම කුකුල් කොටු දායි
කෘෂිකර්ම ඇමතිකම දරන්නේ 8 සමත් දේශපලුවෙක් ඔහු කියන දේවල් නිසා වැඩිය කලබල වෙන්න එපා , පසුගිය දිනවල ඔහු කිවා , හොඳ මිලක් ලැබෙන , දියුණු ප්‍රභේදයක් වන ටොම් ජෙසී අබ ගොවියෝන්ට වගාකරන්න එපා කියල ඔහු උපදෙස් දුන්න එකට හේතු හැටියට ඔහු කිවේ , වැඩියෙන් මේවා වවුවාහම ප්‍රමිතිය අඩු වෙනවා , මේවා පිටරට පටවන්න පමණක් වගාකරන්න කියල , බිත්තර ප්‍රශ්නෙත් එහෙම තමා , චිනේ බිතරයක් වෙන්නේ රුපියල් 20 ට අඩු මිලක් , කුකුල් මස් කිලෝ එක චිනේ , රුසියාව වැනි රටවල රුපියල් 600 අඩුය , ලංකාවෙන් මේවා එහෙ යවල ලාභයක් ගන්න බැහැ , එක නිසා තමා චිනේ කියන්නේ ලංකාවෙන් මස් ගෙන එන්න අවසර දෙනවා කියල , එක වෙන්නේ නැති නිසා ,