රට යටපත් කරගෙන පැවති අශිෂ්ට, පවුල්වාදී පාලන ක්‍රමය වෙනස් කොට යහපත් සමාජයක් ගොඩනැංවීමට ජනවාරි 8 වැනිදා ජනතාව ගත් ප්‍රබල තීන්දුව අනුව අපේක්ෂා කළ වෙනසට දැනටමත් මුල පුරා ඇති බවට හොඳම පිළිබිඹුව මහ මැතිවරණය බව එක්සත් ජාතික පක්ෂ නායක අගමැති රනිල් වික්‍රමසිංහ මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
මැතිවරණ කොමසාරිස් ඇතුළු සියලුම නිලධාරීන්ට කිසිදු දේශපාලන බලපෑමකින් තොරව නිදහස් හා සාධාරණව කටයුතු කිරීමට අවශ්‍ය පසුබිම තම රජය විසින් සකසා දුන් බවත් මෑත ඉතිහාසයේ පැවැත්වුණු ඉතාම ශිෂ්ට සම්පන්න, නීතිගරුක, සාධාරණ, සාමකාමී මැතිවරණය ලෙස මෙම මැතිවරණය ඉතිහාසගතවනු ඇති බවත් එහි සඳහන්ය.
මැතිවරණ ප්‍රතිඵල නිකුත්වීමෙන් පසු ජයග්‍රහණය සන්සුන්ව සමරන ලෙසද එජාප සාමාජිකයන්ගෙන් මෙන්ම සමස්ත ශ්‍රී ලාංකික ජනතාවගෙන් ඉල්ලා සිටින බවද අගමැති තම නිවේදනයෙන් පවසයි.
2025 දෙසැම්බර් මස 18
249
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
180
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
987
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
‘අපි ඉතිහාසයේ සාමකාමීම මැතිවරණයට ඉඩ සැලසුවා‘
කපිල Thursday, 13 August 2015 04:08 PM
මේ කතාව ඇත්ත (නි)
අමිල Thursday, 13 August 2015 05:04 PM
රටේ යහපැවැත්මක් ගොඩනැඟිලා තියෙන්නේ. එය රැකගෙන ඉදිරියට ගෙනයාම අපි කාගේත් වගකීමක්. (නි)
ඉමේෂ් Friday, 14 August 2015 02:04 AM
ස්තුතියි. අපි මේ වෙනස රැකගනිමු අපේ ඉදිරි පරම්පරාව වෙනුවෙන්. (නි)
මැගී Friday, 14 August 2015 06:43 AM
තාම අලුත්නේ ජනතාවට බයයි . ටික ටික පරණ වෙනකොට තමයි හොඳ හොඳ සෙල්ලම් එලියට එන්නේ . (අ)
දුමින්ද Friday, 14 August 2015 02:35 AM
අර ඉඳහිට ඇතිවූ ගැටුම් නොතිබුණා නම් අතිවිශිෂ්ටයි (නි)
සීති Thursday, 13 August 2015 01:59 PM
සම්පුර්ණ ඇත්ත (අ)
ඉෂාන් Thursday, 13 August 2015 02:16 PM
නියමයි. ජය ශ්‍රී! (නි)
ඩික්සන් Thursday, 13 August 2015 02:28 PM
කතාව ඇත්ත. ඔබයි අපගේ බලාපොරොත්තුව (නි)
යමින්ත Thursday, 13 August 2015 02:34 PM
ඔබට ජය නියතයි (නි)
ජයසේන Thursday, 13 August 2015 02:38 PM
මහජනතාවගේ බලාපොරොත්තුව සාමකාමී බව,නිදහස හා නීතිගරුක බවත් නීතිය හරියට ක්‍රීයාත්මක කිරීමත්ය. (නි)