රට යටපත් කරගෙන පැවති අශිෂ්ට, පවුල්වාදී පාලන ක්‍රමය වෙනස් කොට යහපත් සමාජයක් ගොඩනැංවීමට ජනවාරි 8 වැනිදා ජනතාව ගත් ප්‍රබල තීන්දුව අනුව අපේක්ෂා කළ වෙනසට දැනටමත් මුල පුරා ඇති බවට හොඳම පිළිබිඹුව මහ මැතිවරණය බව එක්සත් ජාතික පක්ෂ නායක අගමැති රනිල් වික්‍රමසිංහ මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
මැතිවරණ කොමසාරිස් ඇතුළු සියලුම නිලධාරීන්ට කිසිදු දේශපාලන බලපෑමකින් තොරව නිදහස් හා සාධාරණව කටයුතු කිරීමට අවශ්‍ය පසුබිම තම රජය විසින් සකසා දුන් බවත් මෑත ඉතිහාසයේ පැවැත්වුණු ඉතාම ශිෂ්ට සම්පන්න, නීතිගරුක, සාධාරණ, සාමකාමී මැතිවරණය ලෙස මෙම මැතිවරණය ඉතිහාසගතවනු ඇති බවත් එහි සඳහන්ය.
මැතිවරණ ප්‍රතිඵල නිකුත්වීමෙන් පසු ජයග්‍රහණය සන්සුන්ව සමරන ලෙසද එජාප සාමාජිකයන්ගෙන් මෙන්ම සමස්ත ශ්‍රී ලාංකික ජනතාවගෙන් ඉල්ලා සිටින බවද අගමැති තම නිවේදනයෙන් පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ කතාව ඇත්ත (නි)
රටේ යහපැවැත්මක් ගොඩනැඟිලා තියෙන්නේ. එය රැකගෙන ඉදිරියට ගෙනයාම අපි කාගේත් වගකීමක්. (නි)
ස්තුතියි. අපි මේ වෙනස රැකගනිමු අපේ ඉදිරි පරම්පරාව වෙනුවෙන්. (නි)
තාම අලුත්නේ ජනතාවට බයයි . ටික ටික පරණ වෙනකොට තමයි හොඳ හොඳ සෙල්ලම් එලියට එන්නේ . (අ)
අර ඉඳහිට ඇතිවූ ගැටුම් නොතිබුණා නම් අතිවිශිෂ්ටයි (නි)
සම්පුර්ණ ඇත්ත (අ)
නියමයි. ජය ශ්‍රී! (නි)
කතාව ඇත්ත. ඔබයි අපගේ බලාපොරොත්තුව (නි)
ඔබට ජය නියතයි (නි)
මහජනතාවගේ බලාපොරොත්තුව සාමකාමී බව,නිදහස හා නීතිගරුක බවත් නීතිය හරියට ක්‍රීයාත්මක කිරීමත්ය. (නි)