අඩු වැටුපට ගෘහ සේවිකාවන් ලෙස අපගේ සහෝදරියන් සහ අම්මලා පිටරට යැවීම සීමා කිරීමට රජය කැපවී සිටින බවත්, ඒ වෙනුවට ඔවුන් ලංකාවේ සිටම වැඩි ඉපැයීමක් කළහැකි ගෝලීය අගය දාමයට එකතු කිරීමට පියවර ගන්නා බව වැඩබලන විදේශ අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා කීය.
තමා සමාජ වෙළඳපොළ ආර්ථිකයක් ගොඩනැගීම පිළිබඳව නිරන්තරයෙන් අවධාරණය කරන්නේ මෙවැනි කාරණා නිසා බවත් අමාත්‍යවරයා පැවසීය.
මැදපෙරදිග සහ රුසියාවේ සේවයේ යෙදි සිටියදී මියගිය විගමනික ශ්‍රමිකයින්ගේ පවුල් 34 සාමාජිකයින්ට රුපියල් මිලියන 50 කට ආසන්න වන්දි මුදල් ප්‍රදානය කිරීමට විදේශ කටයුතු අමාත්‍යාංශය ඊයේ (26) පියවර ගෙන තිබු අතර එම වන්දි මුදල් ලබා දීමේ අවස්ථාවට සහභාගි වෙමින් ඇමැතිවරයා මේ බව කීය.
මේ වසර සඳහා විදේශ කටයුතු අමාත්‍යංශය විසින් වන්දි ලබාදීමේ වැඩසටහනක් සංවිධානය කර තිබූ තුන්වන අවස්ථාව වන අතරසෞදි ආරාබිය, කටාර් රාජ්‍යය, කුවේටය, ඊශ්‍රායලය, එමීර් රාජ්‍යය, ජෝර්දානය, ඕමානය, බහරේනය සහ රුසියාව යන රටවල පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලවල උපදෙස් මත වන්දි මුදල් ගෙවීමට පියවර ගෙන තිබේ.මේ වර්ෂය තුළදී පමණක් අගතියට පත් පවුල් 116 ක් සඳහා රුපියල් මිලියන 169 ක වන්දි මුදලක් ප්‍රදානය කර ඇත.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාර්තිපන්, උදව්වක් ඉල්ලා තමුන් ළඟට පැමිණි අසරණියකට ඉඳුම් හිටුම් කෙසේවෙතත්, දවස් ගණනකින් කාලා නැහැ කියද්දිත් ඔබ අහකබලා ගත් එක ගැන පුදුමයට පත්වුයෙමි. එක වේලක කෑමට කීයක් හෝ නොදුන් ඔබ ඇයටත් වඩා අසරණයෙකු යැයි මට හැඟුනි. (නි)
මේක දැන්වත් නවත්වන්න (නි)
මොනම හේතුවක් මතවත් ගෘහ සේවිකාවන් ලෙස අපේ රටේ කාන්තවන් මැදපෙරදිග රටවලට යවන්න එපා. (නි)
ඔබතුමන්ට පුලුවන් නම් ලංකාව තුළදීම රැකියා සොයාදෙන්න, ගැහැණු මැදපෙරදිග යවන එක නතර කරන්න වෙන පින් කරන්න ඕනෑ නැහැ. ඇයි කියනවා නම් ගැහැණු වහල්කමට යවා විදෙස් විනිමය හොයන එක ගැන ලැජ්ජයි අපිට (නි)
ඔවු. මැදපෙරදිග යන්නේ යුරෝපා රටවල් වලට යන්න ලොකු මුදලක් නැති නිසා. යුරෝපා රටවල් වලට යවන්න උත්සාහ කරන්න. ප්‍රශ්න නැහැ. බැංකු ණය ලබාදෙන්න වැඩපිළිවෙලක් යොදන්න (නි)
වැඩක් කරලා අවසන්වෙලා ඒක ගැන කතාකරන්න. අපිට බයිලා අහන්න ඕනෑ නැහැ. අනාගතේදී කරන්න බලාපොරොත්තු වෙන වැඩ ගැන දැන් කතාකරන්න එපා. (නි)
මේවා වචන වලට පමණක් සිමා නොකරන්න (නි)
තුෂාර, පාර්තිපන්ට වරදක් කියන්න බැහැ. මැදපෙරදිග සමහර රටවල තිබෙන්නේ පුදුම නීති. වැඩකරන නිවසින් පැනගිය කෙනෙකුට ආහාර වේලක් දීමත් වරදක්. කවුද අනිවාර්තේ හිරේ විලංගුවේ වැටෙන්න කැමති. (නි)
අඩු වැටුපට නෙවේ මොන වැටුපකටවත් ගැණු ගෙවල් වල වැඩට රට යවන එක නවත්වන්න එක්කෝ මේක අපේ රටේ ඉන්න ගැණු තේරුම් ගන්න ඕනේ නැත්නම් රටේ පාලකයෝ තේරුම් ගන්න ඕනේ මුන්ට ඕනේ අම්ම හරි වෙන රටකට යවල මුන්ගේ බඩ පුරවා අගන්න (බ)
බංගලාදේශය කියන්නේ අපිට වඩා ගොඩක් හිගන රටක්. නමුත් බංගලාදේශයේ ආණ්ඩුවෙන් ගැනු පිටරට පටවා සල්ලි හම්බු කරන්නේ නැත. මැදපෙරදිගට ගැහැණු අය එවීම සම්පුර්ණයෙන්ම නතර කළ යුතුය. පිරිමින්ට රට එන්න පහසුකම් සලසන්න. නමුත් අපේ පවතින හැම ආණ්ඩුවක්ම කරන්නේ පාස්පෝර්ට් එකට පගාව දෙන එකයි හොර ඒජන්සි කාරයෝ ආරක්ෂා කරන එක තමයි කරන්නේ. (බ)
අපේ ගැහැණු උදවිය වැරහැලි ඇඳගෙන හිඟන්නෝ වගේ පාරවල්වල ඇවිදන් යන හැටි මම දැකලා තියනවා. විදේශිකයෝ බලහත්කාරයෙන් දුෂණය කරන අවස්ථා අනන්තයි. රූමත් තරුණියක් දවසක් පාරෙදි මාගාවට අැවිත් දවස් ගානකින් කාලා නෑ යන්න තැනක් නෑ කියලා උදව් ඉල්ලුව. එ්ත් මම උදව් කරන්න පුළුවන් පසුබිමක නෙමේ හිටියේ. (බ)
දේශපාලකයිනි ඔබලාගේ අම්මාත් ගැහැනියක් බවම සිතා සමාජයේ නිසිතැන කාන්තාවට දෙන්න ලස්සන වචනවලට සීමා නොකර (බ)
ශාන් මේවා කොච්චර කීවත් වැඩක් නෑ (බ)
මහජනයා අමතනවිට හරබර වචන දාලා අමතනවා. පොරොන්දු දෙනවා. මේවා ක්‍රියාවට නඟන්නේ බොහොම සුළුවෙන්. කාන්තාවන් මැදපෙරදිග යවන එක සහමුලින්ම නතර කළයුතුයි (නි)
කාන්තාවන් කොපමණ ප්‍රමාණයක් අබිරහස් ලෙස ඔය කියන රටවලදී මැරෙනවද? අරාබි රටවලට අපේ කාන්තාවෝ යවන්නම එපා. හැකිනම් යුරෝපයට රැකියා වලට එවන වැඩපිළිවෙලක් රජයේ මැදිහත්වීමෙන් කරන්න (නි)