ශ්‍රී ලංකා දෘෂ්‍යාබාධිත ක්‍රිකට් සම්මේලනය වාර්ෂිකව සංවිධානය කරන දෘෂ්‍යාබාධීත තරගාවලියේ අවසන් මහා තරගය නාරාහේන්පිට ‘ශාලිකා’ ක්‍රිඩාංගණයේදී අද පැවැත්විණී.
මේ වසරේ කණ්ඩායම් 15 ක් මෙම තරගාවලියට එක් වු අතර රත්මලාන අන්ධ විද්‍යාලයයේ කණ්ඩායමත් ශ්‍රී ලංකා රාගම රණවිරු සෙවන කණ්ඩායමත් අවසන් මහා තරගාවලියට සුදුසුකම් ලැබීය.
රණවිරු කණ්ඩායමේ සියලු ක්‍රීඩකයන් උතුරු නැගෙනහිර පැවති යුද්ධය වෙනුවෙන් දායක වී දෘෂ්‍යාබාධීත තත්ත්වයට පත්වුවන් වීමත් ඔවුන් දිගටම වසර 8 ක් තිස්සේ දෘෂ්‍යාබාධිත ක්‍රිකට් ශූරයාත් වීමයි.
යුද හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි දමයන්ති රත්නායක මහත්මිය ඇතුළු පිරිසක් ක්‍රීඩකයන් දිරිගන්වමින් තරගය නැරැඹ්මට පැමිණ සිටියහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආදරණීය සොයුරනේ, අපි ඔබලාට සදා නයගතී .(අ)
අපිට සාමකාමී නිදහස් රටක් හදන්න තරුණ දිවිය කැපකළ දයාබර විරුවනි ඔබලාගේ සතුට අපෙත් සතුටයි.(අ)
ජයවේවා! (නි)
අනේ මට මේ වගේ දේවල් බලනකොට ඇඩෙනවා අනේ ඇත්තමයි !! රණවිරු සොයුරනේ පවසමි හද බැතියෙන් .., ඔබේ දිවි දුන්නේ අප ඉපදුන රට වෙනුවෙන් .., දුටු විට මේ වගේ දස්කම් ඔබ අතරින් .., සත්තයි මගේ දෙනුවන් පිරුනා කදුලින් දුටුවිට මෙමා ඔබලගේ ඇස් නොපෙනීම ..,කුමටද කියා සිතුනා මගේ ඇස් දෙකම .. දෙන්නට ඇහැකි නම් නුබලට ඇස් පෙනුම .., සත්තයි කරනවා මම ඇස් දන් දීම (දී)
ඔබ ගැන අපට දුකයි. නමුත් සන්තෝෂයි (නි)
අනුකම්පාව නොවෙයි,අගයමු ඔවුන්ගේ දිරිය... (නි)
ජනා ., මං ඒක ලීවෙත්, කදුළු බේරී බේරී තමයි ..! ඒ උනාට බලන්න මේ වගේ දේවල් වලට කවුරුවත් අදහස් දාලත් නැහැ.. (ස)
කතාව කියවලා ඇස්දෙකට කදුළු ඉනුවා.චන්දිගේ අදහස් දැකලා කදුළු ගලනවා අත්තටම. (නි)
අපේ පෙනුම වෙනුවෙන් කැපවුන ඔබතුමන්ලාට මගේ හද පිරි ප්‍රණාමය! (නි)
සුබ දසුන්. හැමෝටම ජය වේවා
හොඳ සංකල්පයක්. ජයවේවා. (නදී)