රට වෙනුවෙන් සටන් කොට යුද්ධයේදී දෘශ්‍යාබාධීත තත්ත්වයට පත් රණවිරුවන් වෙනුවෙන් කථන මෘදුකාංග භාවිතා කරමින් “අයි ටු අයි” පරිගණක පුහුණුවක් ලබා දීමට රණවිරු සේවා අධිකාරිය පියවර ගෙන ඇත.
දෘශ්‍යාබාධිත බව හේතුවෙන් හුදකලාව දිවි ගෙවන මෙම පිරිසට අන්තර්ජාලය පිළිබඳ දැනුම ලබාදී සමාජ වෙබ් අඩවි හරහා ඔවුන්ගේ දැනුම් වර්ධනය කර සේවාවක් ලබා ගැනීමේ මුලික අරමුණින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කළ බවත් කොළඹ විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනවේදී උපාධිධාරි දෘශ්‍යාබාධිත එල්. සී. සංඛ හසන්ත මහතා රණවිරුවන් වෙනුවෙන් දැනුම ලබා දිමට ඉදිරිපත් වී ඇති බවත් රණවිරු සේවා අධිකාරියේ උප සභාපතිනි උපුලංගනී මාලගමුව මහත්මිය අද (14) පැවති මාධ්‍ය හමුවක දි පැවසුවාය.
මෙම පාඨමාලාවේ ප්‍රථම අදියර වශයෙන් හමුදා සාමාජිකයන් 20 දෙනෙකු තෝරාගෙන ඇති බවත් මෙම පාඨමාලාව දින දහයක් පුරා ක්‍රියාත්මක වන බව ද මාලගමුව මහත්මිය සඳහන් කළාය.
මේ සඳහා සියලු උපකරණ ලබා දි සියලු බරපැන රණවිරු සේවා අධිකාරිය විසින් රණවිරුවන් වෙනුවෙන් දරණ බවත් පාඨමාලාව සඳහා ඉදිරියේදී ත්‍රිවිධ හමුදා දෘශ්‍යාබාධිත රණවිරුවන් හට අවස්ථාව හිමිවන බවද උපුලංගනි මාලගමුව මහත්මිය වැඩිදුරටත් පැවසීය.
සංඛ හසන්ත මහතා මෙහිදී අදහස් දක්වමින් දෘශ්‍යාබාධිත තමන් කොළඹ විශ්ව විද්‍යාල මගින් ලබා ගත් පරිගණක දැනුම ඒ ආකාරයෙන් රණවිරුවන් වෙත ලබා දිමට හැකි විම ඉතාමත් සතුටට කරුණක් බව ද පැවසිය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැඩි අධිෂ්ඨානයෙන් පෙරට ආ සංඛට රටට මෙවන් වූ සේවාවන් ඉටු කරන්නට තව තවත් ධෛර්ය ශක්තිය ලැබේවා.! (ර)
අපේ අදිටන "ලොව දකින්නට වෙර දරන සියලුම දෘශ්‍යාබාධීත රණවිරුවන්ට තාක්ෂණය නම් යතුර තුලින් ලොවේ දොරටු විවර කිරීමයි."(නදී)
ශේන් රණවිරු සේවා අධිකාරියේ දුරකථන අංක 0112-055673 ඔබ විමසා තොරතුරු ලබා ගන්න.(නදී)
හසන්ත ඔබට දුර ගමනක් යාමට ඇත (නදී)
මේ ව්‍යාපෘතිය සඳහා මූල්‍යමය දායකත්වයක් ලබා දීමට කැමති නම් එය කෙසේද කළ යුත්තේ?(හේ)
කරුණාකර වැඩසටහනට සහභාගි වන අයට ලැප්ටෝප් පරිගණක කිහිපයක් ලබා දෙන්න (ම)
වීරෝදාර රණවිරුවන් සඳහා උතුම්ම කලගුණ සැලකීම (නදී)