(අංජුල මහික වීරරත්න)

අනුර කුමාර ප්‍රමුඛ ජාතික ජන බලවේග ආණ්ඩුව ඉන්දියාව සහ ඇමරිකාව ඉදිරියේ දණින් වැටී මෝදිලා ගේ- ට්‍රම්ප්ලා ගේ නව ලිබරල් ආර්ථික දේශපාලන වුවමනා වෙනුවෙන් මුළු රටත් ජනතාවත් පාවා දී ඇතැයි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රධාන ලේකම් කුමාර් ගුණරත්නම් මහතා පැවැසීය.

නිදහස් අධ්‍යාපනය සහ නිදහස් සෞඛ්‍ය වෙනුවෙන් පෙනී සිටි පක්ෂය අද බලයට පැමිණ අධ්‍යාපනය, සෞඛ්‍ය වනසන නව ලිබරල් අයි.එම්.එෆ් ප්‍රතිපත්ති කිසිදු හිරිකිතයක් නැතුව ක්‍රියාත්මක කරන්නට පටන් ගෙන තිබෙන්නේ යැයිද ගුණරත්නම් මහතා කීය. 

කුමාර් ගුණරත්නම් මහතා මේ බව කීවේ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ හතර වැනි ජාතික සමුළුව අමතමිනි.

"පන්තියට බලය - බලයට පක්ෂය" යන තේමාවෙන්  කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී මෙය පැවැත්විණි.