
(රෝෂන් තුෂාර)
රේගුවට හොර රහසේ ආනයනය කළ මෝටර් රථ, ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ අනීතිකව ලියාපදිංචි කිරීමට ආධාර අනුබල දුන්නේ යැයි අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ හෝමාගම ව්‍යාපාරිකයා ලබන 10 දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට හෝමාගම මහේස්ත්‍රාත් රජින්දා ජයසූරිය නියෝග කළාය.
අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර එස්. සංජීව කුමාර නැමැති සැකකරු මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.
සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් අල්ලස් කොමිසම කියා සිටියේ සැකකරු විසින් වාහන සියයකට ආසන්න ප්‍රමාණයක් අනීතිකව ආනයනය කර ඇති බවට තොරතුරු අනාවරණය වන බවය.
වාහන දෙකක ව්‍යාජ ලේඛන මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කරමින් ලියාපදිංචි කිරීම සම්බන්ධයෙන් සැකකරු අධිකරණයට ඉදිරිපත් කරන බව පැවසීය.
සැකකරු තවත් නම් තුනකින් පෙනී සිටි විවාහ දෙක තුනක් කරගෙන ඇති බවට ලේඛන සොයාගෙන ඇති බවත්, සැකකරු නම් දෙකකින් විදේශ ගමන් බලපත්‍ර දෙකක් භාවිතා කර ඇති බවටද කරුණු ඉදිරිපත් කෙරිණි.
සැකකරුගේ අනන්‍යතාවය තහවුරු කර ගැනීමට නොහැකි තරම් වෙනත් ව්‍යාජ නම් භාවිතා කර ඇති බවද අල්ලස් කොමිසම පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd