චීනයේදී දැන් පැවැත්වෙන ලෝක කාන්තා බොක්සිං තරගාවලියේ කිලෝග‍්‍රෑම් 51 ෆ්ලයි බර පංතියේදී ශ්‍රී ලංකා ක‍්‍රීඩිකා අනුෂා කොඩිතුවක්කු පළමු වටයෙන්ම පරාජයට පත්වීම නිසා ලන්ඩන් ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලට සුදුසුකම් ලැබීමේ අපේක්‍ෂාවන් දුරස් ව තිබේ.
තරගාවලියට ශ්‍රී ලංකාවෙන් ක‍්‍රීඩිකාවන් තිදෙනකු සහභාගිවු අතර එහිදී අනුෂා නියෝජනය කළ බර පංතියෙන් ඔලිම්පික් වරම් හිමිකර ගැනීමේ අවස්ථාව තිබිණ. තුර්කියේ ක‍්‍රීඩිකාවක හමුවේ පළමු තරගයෙන්ම පරාජය ලැබු අනුෂාට දැන් ඉතිරිව ඇත්තේ ඔලිම්පික් බොක්සිං තරගාවලියේ ෆ්ලයි බර පංතියේ (කාන්තා) අතිරේක ලැයිස්තුවට එක්වන ක‍්‍රීඩිකාවන් තිදෙනා අතරට සුදුසුකම් ලැබීමේ අවස්ථාව හිමිවේ දැයි තහවුරු වන තෙක් බලා සිටීමටය.
ලෝක තරගාවලියේ ෆ්ලයි බර පංතියේ (කාන්තා) අර්ධ අවසන් පුර්ව වටයට සුදුසුකම් ලබන ක‍්‍රීඩිකාවෝ අට දෙනා ලන්ඩන් ඔලිම්පික් වරම් ලබති. ක‍්‍රීඩිකාවන් තිදෙනෙක් ද අතිරේක ලැයිස්තුවට එක්වන අතර ඒ පිළිබඳව ලෝක බොක්සිං සම්මේලනය ඉදිරි සති කිහිපයේදී ප‍්‍රකාශයට පත් කිරීමට නියමිතය.
ආසියානු බොක්සිං පදක්කම් ලාභිණියක් වන අනුෂා 2010 වසරේදී බාබඩෝස්’හි පැවැති ලෝක කාන්තා බොක්සිං තරගාවලියේ අර්ධ අවසන් පුර්ව වටයට සුදුසුකම් ලබාගත් ක‍්‍රීඩිකාවකි.
එම දස්කම නිසා අනුෂා 2010 වසරේ කිලෝග‍්‍රෑම් 48 බර පංතියේ ලෝක ක‍්‍රීඩිකාවන් ශ්‍රේණිගත කිරීමේ හත්වැනි ස්ථානය දක්වා උසස් වීම් ලැබුවාය. ඇය පසුගිය වසරේදී එම බර පංතියේ 9 වැනි ස්ථානයේ පසුවිය.
අනුෂා මෙම වසරේදී ෆ්ලයි බර පංතිය නියෝජනය කිරීම නිසා ඇයට එම බර පංතියේ ලෝක ශ්‍රේණිගත කිරීමේ හිමිවන ස්ථානය මෙම තරගාවලියෙන් පසුව ප‍්‍රකාශයට පත් කෙරේ.
නිල්මිණී ජයසිංහ කිලෝග‍්‍රෑම් 60 ලයිට් බර පංතියේදී ඊශ‍්‍රායල ක‍්‍රීඩිකාවක පරදවා දෙවැනි වටයට සුදුසුකම් ලබාගත් අතර ඇය දෙවැනි වටයේදී පිලිපීන ක‍්‍රීඩිකාවක් හමුවේ පරාජය වුවාය. ශිරෝමාලි වීරරත්න කිලෝග‍්‍රෑම් 69 වෙල්ටර් බර පංතියේදී චීනයේ ක‍්‍රීඩිකාවක හමුවේ පළමු වටයෙන්ම පරාජයට පත්වූවාය.
ශ්‍රී ලංකා ක‍්‍රීඩිකාවෝ තිදෙනා මේ මස 20 වැනිදා දක්වා චීනයේදී අන්තර්ජාතික පුහුණු කඳවුරකට සහභාගිවෙති.
2025 දෙසැම්බර් මස 18
268
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
184
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
991
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අනූෂාගේ ඔලිම්පික් බලාපොරොත්තු දුරස් වෙයි
අමිල Thursday, 17 May 2012 02:51 PM
කවදා හෝ ඔබට අවස්ථාවක් උදාවේවායි පතමි
රංජන් Friday, 18 May 2012 08:10 AM
කණගාටු වෙන්න එපා අක්කේ, උත්සාහ කරන්න තව