අනවසර ගිනි අවි රජයට බාර ගැනීම සඳහා පොදු සමා කාලයක් ලබා දීමට තීරණය කර ඇතැයි අජයේ ආරංචි කියයි.
අප්‍රේල් 25 වැනි දා සිට මැයි හය වැනි දා දක්වා එම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ.
දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, ප්‍රාදේශීය ලේකම් කාර්යාල හා පොලිස් ස්ථානවල මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිත අතර එම පොදු සමා කාලය තුළ අනවසර ගිනි අවි ගෙනැවිත් බාර දෙන පිරිසට එරෙහිව නීතිමය පියවර නොගැනීමට ද ආරක්ෂක අංශ තීරණය කර ඇත.
පොදු සමා කාලය තුළ බාර නොදෙන අනවසර ගිනි අවි අත්අඩංගුවට ගැනීම සඳහා සෝදිසි මෙහෙයුම් දියත් කිරීමට ද නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගෙදර තියෙන පුපුරන දේවල් ගන්නවානම් හොඳයි (බ)
අන්න නියම වැඩක් කරන්න හදනවා.(හේ)
දැන් නොවරෙදවාම ගෙනත් දෙයි බලාගෙන ඉන්න. (ර)
යුධය අවසන් වූ පසු තදින්ම ක්‍රියාත්මක කළ යුතුව තිබු නීතියක් .ප්‍රමාද වී හෝ ක්‍රියාත්මක වීම ගැන ප්‍රශංසා කරමු .(ම)
ප්‍රමාද වෙලා හරි ක්‍රියාත්මක වීම ගැන ප්‍රශංසා කරනවා. (හේ)