හිටපු ජනපති මහින්ද රාජපක්ෂ සමයේ විවිධ හේතු දක්වමින් අනිවාර්ය නිවාඩු යැවූ යුද හමුදා මේජර් ජනරාල්වරයෙකු ඇතුළු නිලධාරීන් 10 දෙනෙකු යළි සේවයේ පිහිටුවන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නියෝග කර ඇත.
යළි සේවයේ පිහිටුවීමට නියම වූවන් අතර මේජර් ජෙනරාල්වරයෙකු, බ්‍රිගේඩියර්වරුන් පස් දෙනෙකු, කර්නල්වරයෙකුද සහ කපිතාන්වරු දෙදෙනෙකුද සිටින බව වාර්ථා වෙයි.
මේ පිරිසේ පත්විම් යළි ක්‍රියාත්මක කර ලෙස ජනාධිපති ලේකම් පී.බී. අබේකෝන් මහතා විසින් ආරක්ෂක ලේකම්වරයා හරහා යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් දයා රත්නායක මහතාට දැනුම් දී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ කළ දේ සම්බන්ධයෙන් ගොඩක් සතුටුයි.(හේ)
අන්න හොද වැඩක්.(හේ)
එක ඇත්ත චමත්. යුද්දේ කරද්දී ගොඩක් කැප උන අය තමයි ඒ අය. ජෙනරාල් ෆොන්සේකාගේ රැස්වීමක් තිබුන තැන ලගින් ගියා කියලත් සමහර අය සේවයෙන් ඉවත් කලා. මමත් හමුදාවක නිලධාරියෙක්. දැන් විශ්‍රාමිකයි. ඒ වගේම රතුපස්වල් සිද්ධියේ ඉන්නෙත් ඒ වගේම අය. හමුදාව අනවශ්‍ය තැන්වලට දාල අවසානයේ ඒ අයගේ මතින් වැරැද්ද පටවන එකයි තියෙන වරද. කැරලි මර්ධනයෙදී අවම බලය පාවිච්චි කිරීමේ පිළිවෙත හමුදාව සතුව තිබුනත් ඒ අවම බලය කියන්නේ වෙඩි තැබීම පමණයි. මූලික දේවල් සියල්ල පොලීසිය සතු වගකීම්. දේසපාලනය පැත්තක දාල, මහජන කීර්තිය ලැබීම මත පමණක් පදනම් නොවී ඉතාමත්ම කල්පනාවෙනුයි මේ අය පිලිබදව තීරණ ගත යුත්තේ. මේක සාමාන්‍ය පුර වැසියෙකුට නොතේරෙන්න පුළුවන්. අවුරුදු ගණනක් යුද්දෙන් දුක් විදලා නොමැරී දකුණට ආවට පස්සේ මෙහෙදිත් පොලු පාරක් කන්න උනාම ඇගටයි හිතටයි දෙකටම දැනෙන කැක්කුම කොහොමද කියලත් හිතන්න ඕනේ. මේවා හරිම සංවේදී දේවල්. (නදී)
කඩේ ගිය අයට මොනව හරි දෙන්න එපායැ. එහෙම දුන්නේ නැත්නම් ඊලග පාර වෙන දේ දන්නවනේ. මියක් කඩන්නේ අත ලෙවකන්නද? (නදී)
මොවුන් නැතුව නේද යුද්ධය දිනුවේ (නදී)
2010 ජනවාරි 25 වෙනිදා සිදුවූ සිදුවීම් සමහරුන්ට මතක නැහැ (නදි)
මේ ඔක්කොම දේශපාලන පලිගැනීම් වලට ලක්වෙච්ච අය. සමහරු රට දාල ගියා. මේජර් ජෙනරාල් සමන්ත සූරිය බණ්ඩාර මියගියෙත් ඕස්ට්‍රේලියාවෙදි. එතුමාටත් ගෞරව කළ යුතුමයි (නදී)
දේශපාලකයන්ට හිතෙන අන්දමට මේ වගේ අමන තීරණ නොගන්න නීති ගේන්න. නැත් නම් මේ වගේ වැඩ වල අවසානයක් දකින්න ලැබෙන්නේ නැහැ.(නදී)
මේ අය කඩේ ගියා නම් දුන් එක වැරදියි. ඇත්තටම අසාදාරණයට ලක් උනා නම් දුන් එක හරි (නදී)
අනේ ඇසළ එතකොට මෙතන ලියන ගමන් යන්නේ සුපර් මාකට් වෙන්න ඇති. (නදී)
දේශපාලනික වශයෙන් ඕනෑම රටක සංස්ථා සභාපතිවරු අධ්‍යක්ෂක මණ්ඩල වගේ කට්ටිය මාරු කරලා තමන්ට හිතවත් විශ්වාස පුද්ගලයෝ දාගන්නවා. එ්ක සාමාන්‍ය දෙයක්. නමුත් හමුදාවක තනතුරු එහෙම කරන එ්ක සදාචාර විරෝදියි හැබැයි මේ ජනාධිපතිතුමා තාමත් හොඳයි සමහර වෙලාවකට අපිට කේන්තිත් යනවා මොනවද මේ කරන්නේ කියලා. වෙලාවකට හිතෙනවා හොඳ වැඩිද කියලා (නදි)
පසුගිය රජය ඉවත් කළ අය මේ රජයෙන් නැවත සේවයේ පිහිටුවනවා. මේ රජය ඉවත් කරන අය නැවත බලයට එන රජය ඒ අයව නැවත සේවයේ පිහිටුවනවා. මේ සදහා බලයට එන කිසිවෙකුටත් රාජ්‍ය ප්‍රතිපත්තියක් නැහැ. බලයට එනකම් කෑ ගැහුවට බලයට ආවට පස්සේ ඒවා ගැන කතා කරන්නේ නැහැ. බලයට ආවට පස්සේ කොමිස් ගහන්නේ කොහොමද කියලා නම් සැලසුම් කරනවා. (නදී)
පසුගිය කාලේ සමහරුන් දේශපාලනය එක්ක හුඟක් දේවල් පටලව ගත්තා (නදී)
රෝයි ඔබ දන්නවාද නැවත සේවයේ පිහිටපු අය ගැන. බොහොමයක් වැරදි වෙලා තියෙනවා පසු ගිය කාලේ. ඒවා හදන්න ඕනේ. මේ අයයි නියම රණවිරුවෝ. නිකන් අනවශ්‍ය විදිහට දොස් කියන්න එපා. ජනපති ගත්තේ හොඳ තීරණයක්. ලංකාදීපේ පත්තරේ විතරයි ඇත්ත කියන්නේ අපක්ෂ පාතීව. (නදි)
රෝයි,ආසාධාරණ විදියට මේ අයව ඉවත් කලේ .... ඒ නිසා ඒ අයට සාධාරණය ඉෂ්ට වියුතුමයි. මේ අය පහු ගිය යුද මෙහෙයුමේ අප්‍රකට වීර චරිත ඔයාලා ඒ බව නොදන්නා නිසා තමයි ඔය ව්දියට කියන්නේ .....මේ කට්ටිය අතර ඉන්න මේජර් ජනරාල් තමයි .... එදා යුද මෙහෙයුමේ අධ්‍යකෂ්ක රට වෙනුවෙන් ඒගොල්ලෝ කරපු මෙහෙය මම පෞද්ගලිකවම දන්නවා (අ)
චමත් ඔබ හරි .(හේ)
චමත් ඉතාලිය, ඔබ කියන දෙයම තමා මම වෙන විදිහකට කීවේ. රටේ ඕනෑම ආයතනයක සේවයට සුදුසුකම් ඇතිව බැදෙන කෙනෙකුට තමකාලය අවසන් වනතුරු දේසපාලන බලපෑම්වලට නතු නොවිය යුතුයි. නමුත් සෑම රජයක්ම දේසපාලන විරුද්දවාදීන් සේවයෙන් ඉවත් කරනවා. තනතුරු වලින් පහළ දමනවා. ,හිතවතුන් ඒ තනතුරු සදහා පත්කරනවා. පසුගිය රජයට සාපෙක්ෂව මේ රජය හොදයි. නමුත් එය නොකර හිටියෙම නැහැ. මොන රජය බලයට ආවත් මෙවෙනි දේ සිදු නොවිය යුතුයි . (අ)
යම් යම් ආයතන්‍වල හිටපු සභාපතිලා ලේකම්ලා ගෙදර යවනවා. කඩේ ගිය අය ඇවිත් ඒ පුටුවල වාඩිවෙනවා, මේකද අලුත් වෙනස.අපිත් බලා ඉන්නවා මේ කරන දේවල් දිහා. මේකද යහ පාලනය.කවදාද මෙය නවතින්නේ. (අ)
මේ නිලධාරින්ගෙන් රටට හොද යහපත් සේවයක් බලපොරොත්තු වෙනවා.(හේ)
මේ සිදු කළ ක්‍රියාවට ජනපතිතුමනි ඔබට අපගේ ප්‍රණාමය.(හේ)
පින් සිද්දවෙන වැඩක්.ජනපති තුමනි ඔබට පින්.(හේ)