IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


අනිවාර්ය නිවාඩු යැවු හමුදාවේ 10 යක් යළි කැඳවයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ සමයේ විවිධ හේතු දක්වමින්   අනිවාර්ය නිවාඩු යැවූ යුද හමුදා මේජර් ජනරාල්වරයෙකු ඇතුළු නිලධාරීන් 10 දෙනෙකු යළි සේවයේ පිහිටුවන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නියෝග කර ඇත.

යළි සේවයේ පිහිටුවීමට නියම වූවන් අතර මේජර් ජෙනරාල්වරයෙකු,  බ්‍රිගේඩියර්වරුන් පස් දෙනෙකු,  කර්නල්වරයෙකුද සහ  කපිතාන්වරු දෙදෙනෙකුද සිටින බව වාර්ථා වෙයි.

මේ පිරිසේ පත්විම් යළි ක්‍රියාත්මක කර ලෙස  ජනාධිපති ලේකම් පී.බී. අබේකෝන් මහතා විසින් ආරක්ෂක ලේකම්වරයා හරහා යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් දයා රත්නායක මහතාට දැනුම් දී ඇත.



අදහස් (0)

අනිවාර්ය නිවාඩු යැවු හමුදාවේ 10 යක් යළි කැඳවයි

අසේල Saturday, 14 February 2015 12:00 PM

මේ කළ දේ සම්බන්ධයෙන් ගොඩක් සතුටුයි.(හේ)

:       0       0

ඉන්දික Saturday, 14 February 2015 12:00 PM

අන්න හොද වැඩක්.(හේ)

:       0       0

මංචනායක Saturday, 14 February 2015 01:27 PM

එක ඇත්ත චමත්. යුද්දේ කරද්දී ගොඩක් කැප උන අය තමයි ඒ අය. ජෙනරාල් ෆොන්සේකාගේ රැස්වීමක් තිබුන තැන ලගින් ගියා කියලත් සමහර අය සේවයෙන් ඉවත් කලා. මමත් හමුදාවක නිලධාරියෙක්. දැන් විශ්‍රාමිකයි. ඒ වගේම රතුපස්වල් සිද්ධියේ ඉන්නෙත් ඒ වගේම අය. හමුදාව අනවශ්‍ය තැන්වලට දාල අවසානයේ ඒ අයගේ මතින් වැරැද්ද පටවන එකයි තියෙන වරද. කැරලි මර්ධනයෙදී අවම බලය පාවිච්චි කිරීමේ පිළිවෙත හමුදාව සතුව තිබුනත් ඒ අවම බලය කියන්නේ වෙඩි තැබීම පමණයි. මූලික දේවල් සියල්ල පොලීසිය සතු වගකීම්. දේසපාලනය පැත්තක දාල, මහජන කීර්තිය ලැබීම මත පමණක් පදනම් නොවී ඉතාමත්ම කල්පනාවෙනුයි මේ අය පිලිබදව තීරණ ගත යුත්තේ. මේක සාමාන්‍ය පුර වැසියෙකුට නොතේරෙන්න පුළුවන්. අවුරුදු ගණනක් යුද්දෙන් දුක් විදලා නොමැරී දකුණට ආවට පස්සේ මෙහෙදිත් පොලු පාරක් කන්න උනාම ඇගටයි හිතටයි දෙකටම දැනෙන කැක්කුම කොහොමද කියලත් හිතන්න ඕනේ. මේවා හරිම සංවේදී දේවල්. (නදී)

:       0       0

ඇසළ Saturday, 14 February 2015 01:39 PM

කඩේ ගිය අයට මොනව හරි දෙන්න එපායැ. එහෙම දුන්නේ නැත්නම් ඊලග පාර වෙන දේ දන්නවනේ. මියක් කඩන්නේ අත ලෙවකන්නද? (නදී)

:       0       0

පාරිමී Saturday, 14 February 2015 01:40 PM

මොවුන් නැතුව නේද යුද්ධය දිනුවේ (නදී)

:       0       0

සමන්ති Saturday, 14 February 2015 01:48 PM

2010 ජනවාරි 25 වෙනිදා සිදුවූ සිදුවීම් සමහරුන්ට මතක නැහැ (නදි)

:       0       0

සනත් Saturday, 14 February 2015 03:05 PM

මේ ඔක්කොම දේශපාලන පලිගැනීම් වලට ලක්වෙච්ච අය. සමහරු රට දාල ගියා. මේජර් ජෙනරාල් සමන්ත සූරිය බණ්ඩාර මියගියෙත් ඕස්ට්‍රේලියාවෙදි. එතුමාටත් ගෞරව කළ යුතුමයි (නදී)

:       0       0

අබේ-ටෝකියෝ Saturday, 14 February 2015 04:56 PM

දේශපාලකයන්ට හිතෙන අන්දමට මේ වගේ අමන තීරණ නොගන්න නීති ගේන්න. නැත් නම් මේ වගේ වැඩ වල අවසානයක් දකින්න ලැබෙන්නේ නැහැ.(නදී)

:       0       0

දිනේෂ් කුමාර Saturday, 14 February 2015 10:06 PM

මේ අය කඩේ ගියා නම් දුන් එක වැරදියි. ඇත්තටම අසාදාරණයට ලක් උනා නම් දුන් එක හරි (නදී)

:       0       0

ජනක Sunday, 15 February 2015 01:53 AM

අනේ ඇසළ එතකොට මෙතන ලියන ගමන් යන්නේ සුපර් මාකට් වෙන්න ඇති. (නදී)

:       0       0

පිටබැද්දර ජයා Sunday, 15 February 2015 06:03 AM

දේශපාලනික වශයෙන් ඕනෑම රටක සංස්ථා සභාපතිවරු අධ්‍යක්ෂක මණ්ඩල වගේ කට්ටිය මාරු කරලා තමන්ට හිතවත් විශ්වාස පුද්ගලයෝ දාගන්නවා. එ්ක සාමාන්‍ය දෙයක්. නමුත් හමුදාවක තනතුරු එහෙම කරන එ්ක සදාචාර විරෝදියි හැබැයි මේ ජනාධිපතිතුමා තාමත් හොඳයි සමහර වෙලාවකට අපිට කේන්තිත් යනවා මොනවද මේ කරන්නේ කියලා. වෙලාවකට හිතෙනවා හොඳ වැඩිද කියලා (නදි)

:       0       0

රෝයි Saturday, 14 February 2015 08:29 AM

පසුගිය රජය ඉවත් කළ අය මේ රජයෙන් නැවත සේවයේ පිහිටුවනවා. මේ රජය ඉවත් කරන අය නැවත බලයට එන රජය ඒ අයව නැවත සේවයේ පිහිටුවනවා. මේ සදහා බලයට එන කිසිවෙකුටත් රාජ්‍ය ප්‍රතිපත්තියක් නැහැ. බලයට එනකම් කෑ ගැහුවට බලයට ආවට පස්සේ ඒවා ගැන කතා කරන්නේ නැහැ. බලයට ආවට පස්සේ කොමිස් ගහන්නේ කොහොමද කියලා නම් සැලසුම් කරනවා. (නදී)

:       0       0

දුමින්ද Saturday, 14 February 2015 09:02 AM

පසුගිය කාලේ සමහරුන් දේශපාලනය එක්ක හුඟක් දේවල් පටලව ගත්තා (නදී)

:       0       0

මිගිද Saturday, 14 February 2015 10:00 AM

රෝයි ඔබ දන්නවාද නැවත සේවයේ පිහිටපු අය ගැන. බොහොමයක් වැරදි වෙලා තියෙනවා පසු ගිය කාලේ. ඒවා හදන්න ඕනේ. මේ අයයි නියම රණවිරුවෝ. නිකන් අනවශ්‍ය විදිහට දොස් කියන්න එපා. ජනපති ගත්තේ හොඳ තීරණයක්. ලංකාදීපේ පත්තරේ විතරයි ඇත්ත කියන්නේ අපක්ෂ පාතීව. (නදි)

:       0       0

චමත් ඉතාලිය Saturday, 14 February 2015 10:11 AM

රෝයි,ආසාධාරණ විදියට මේ අයව ඉවත් කලේ .... ඒ නිසා ඒ අයට සාධාරණය ඉෂ්ට වියුතුමයි. මේ අය පහු ගිය යුද මෙහෙයුමේ අප්‍රකට වීර චරිත ඔයාලා ඒ බව නොදන්නා නිසා තමයි ඔය ව්දියට කියන්නේ .....මේ කට්ටිය අතර ඉන්න මේජර් ජනරාල් තමයි .... එදා යුද මෙහෙයුමේ අධ්‍යකෂ්ක රට වෙනුවෙන් ඒගොල්ලෝ කරපු මෙහෙය මම පෞද්ගලිකවම දන්නවා (අ)

:       0       0

කල්ප Saturday, 14 February 2015 10:22 AM

චමත් ඔබ හරි .(හේ)

:       0       0

රෝයි Saturday, 14 February 2015 10:54 AM

චමත් ඉතාලිය, ඔබ කියන දෙයම තමා මම වෙන විදිහකට කීවේ. රටේ ඕනෑම ආයතනයක සේවයට සුදුසුකම් ඇතිව බැදෙන කෙනෙකුට තමකාලය අවසන් වනතුරු දේසපාලන බලපෑම්වලට නතු නොවිය යුතුයි. නමුත් සෑම රජයක්ම දේසපාලන විරුද්දවාදීන් සේවයෙන් ඉවත් කරනවා. තනතුරු වලින් පහළ දමනවා. ,හිතවතුන් ඒ තනතුරු සදහා පත්කරනවා. පසුගිය රජයට සාපෙක්ෂව මේ රජය හොදයි. නමුත් එය නොකර හිටියෙම නැහැ. මොන රජය බලයට ආවත් මෙවෙනි දේ සිදු නොවිය යුතුයි . (අ)

:       0       0

රමණි Saturday, 14 February 2015 11:02 AM

යම් යම් ආයතන්‍වල හිටපු සභාපතිලා ලේකම්ලා ගෙදර යවනවා. කඩේ ගිය අය ඇවිත් ඒ පුටුවල වාඩිවෙනවා, මේකද අලුත් වෙනස.අපිත් බලා ඉන්නවා මේ කරන දේවල් දිහා. මේකද යහ පාලනය.කවදාද මෙය නවතින්නේ. (අ)

:       0       0

සම්පත් Saturday, 14 February 2015 11:48 AM

මේ නිලධාරින්ගෙන් රටට හොද යහපත් සේවයක් බලපොරොත්තු වෙනවා.(හේ)

:       0       0

සාගර Saturday, 14 February 2015 11:48 AM

මේ සිදු කළ ක්‍රියාවට ජනපතිතුමනි ඔබට අපගේ ප්‍රණාමය.(හේ)

:       0       0

සෝමරත්න මහරගම Saturday, 14 February 2015 11:48 AM

පින් සිද්දවෙන වැඩක්.ජනපති තුමනි ඔබට පින්.(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 147 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site