
(සුජිත් හේවාජුලිගේ)
ජනාධිපති අනුර කුමාර දිසානායක, වෙළඳ අමාත්‍ය වසන්ත සමරසිංහ ඇතුළු ආණ්ඩුවේ දේශපාලනඥයන්ගේ වත්කම් සහ දේපළ තොරතුරු දැන ගැනීමේ පනත යටතේ ලබා ගැනීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට ඉල්ලුම්පත් (RTI) විශාල වශයෙන් ගලා එමින් තිබෙන බව වාර්තාවේ.
මෙසේ තොරතුරු ඉල්ලා ඇති පිරිස අතර දේශපාලන පක්ෂවල නියෝජිතයෝ සහ මන්ත්‍රීවරු පිරිසක්ද ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසක්ද වෙති.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සංසදයේ ලේකම් ප්‍රේමසිරි මානගේ මහතා පැවසුවේ ජනතා විමුක්ති පෙරමුණේ වත්කම් බැරකම් ප්‍රකාශ තොරතුරු දැන ගැනීමේ පනත යටතේ ලබා ගැනීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට අයදුම්පත්‍රයක් යොමු කළ බවයි.
එසේම ජනතා විමුක්ති පෙරමුණේ වත්කම් බැරකම් ඉල්ලා මැතිවරණ කොම්ෂන් සභාවටද තොරතුරු දැනගැනීමේ පනත යටතේ ඉල්ලුම්පත් ගණනාවක් ලැබී ඇත. මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකදී අදහස් දැක්වූ මැතිවරණ කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසූවේ ඒ ඒ පක්ෂවල නියෝජිතයන් ලබා දෙන වත්කම් බැරකම් ප්‍රකාශ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට යොමු කරන බවයි.
ඒ තොරතුරු ලබාගත යුත්තේ එම කොමිෂන් සභාවෙන් බවත් ඒවා ලබාදීමට මැතිවරණ කොමිෂන් සභාවට බලයක් නැති බවත් ඔහු කීවේය.
ආණ්ඩුවේ දේශපාලනඥයන් රැසකගේ වත්කම් බැරකම් ප්‍රකාශ සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධියට පත්වීමෙන් ඒ සම්බන්ධයෙන් සමාජයේ ප්‍රබල කතා බහක් මතුව ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නන්නත්තාර විපක්ෂයට සතියක් දෙකක් ගෙවාගන්න පොඩි චූන් එකක්. මේ මහත්තුරු තමන්ගේ පැත්තේ ඉන්න උපයාගත් ආකාරය ඔප්පු කරගන්න බැරුව ඉන්න අය ගැන මීක් නෑ...
හිටපු දූෂිත දේශපාලුවෝ මහාපරිමාණ හොරකම්, වන්චා දූෂණ කරලා, කුඩු ජාවාරම් කාරයින්ට සෙට් වෙලා, සුනාමියෙන් ගසාකාලා අනුන්ගේ දේපළ කොල්ල කාලා හම්බකරගත්තු හැටි දන්නෝ හොන්දාකාරවම දන්නවා.
මොනවද ඉතිං රටවල් විනාශ කරන්න... ආන්ඩු පෙරලන්න, බොරු කියන්න NGO වලින්, දෙමළ ඩයස්පෝරාවෙන් ලැබුණු මිලියන ගණන් සල්ලි තමයි... බිට්කොයින් වල ආයෝජනය කරලා තියෙන්නේ.
මේ වගේ මෝඩ ජෝක් එකක් දාලාත් පොඩි ට්‍රයි එකක් දෙන්න, ඔබලාගේ ජඩ වැඩ ටික වැහැගන්න… වැඩක් නෑ බන්… අයෙ ඔබලාට මේ රටේ මුල් පුටුවලට එන්නේ දන්නේ නෑ නෑ නෑ නෑ මයි.
රටවල් ගිනි තියලා අනික් අය ඔක්කොම හොරු කියලා මිනිස්සු පාරට බස්සලා හොයාගත් දේවල් එහෙම නොවේ, හරිද? පරම සත්‍යයෙන් හොයාපු දේවල්.