අනුරාධපුරයට අද සවස ඇද හැළුනු මහා වැස්සත් සමග හමාගිය තද සුළං හේතුවෙන් ථූපාරාමය ආසන්නයේ ඇති පැරැණි රෝහල අසල ගසක අත්තක් කඩාවැටීමෙන් අසල සිටි කාන්තාවක් මියගොස් තිදෙනෙක් තුවාල ලැබූහ. පූජා නගරයේ ස්ථාන කිහිපයක ගස් ගඩා වැටී ඇතැයි වාර්තාවෙයි.