පොසොන් පෝය නිමිත්තෙන් සිංගප්පූරුවේ මහා කරුණා සංගමයේ ආචාර්ය කේ. ගුණරතන හිමියන්ගේ මූලිකත්වයෙන් අනුරාධපුර රුවන්වැලි සෑය අබියස දී වෙනස් ආකාරයේ දන්සලක් අද (19) පැවැත්විණි.
ගැබිනි මාතාවන්,ළමුන්, සිල් මාතාවන් වැනි පිරිස් වලට අත්‍යවශ්‍ය බඩු බාහිරාදිය දන්සලෙන් ලබා දුන්නේය. මෙහිදී වකුගඩු රෝගීන් තිදෙනෙකුට ඇඳන් 3ක් ලබා දුන් අතර එක් අඳක් රුපියල් ලක්ෂ 3 ක් පමණ වන බව සංවිධායකයෝ කීහ.
මෙම දන්සල සංවිධානය කළේ 18 වැනි වරටය.
මේ අවස්ථාවට ආරක්ෂක රාජ්‍ය ඇමැති රුවන් විජයවර්ධන මහතා ද සහභාගී විය









COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.