පොසොන් පෝය නිමිත්තෙන් සිංගප්පූරුවේ මහා කරුණා සංගමයේ ආචාර්ය කේ. ගුණරතන හිමියන්ගේ මූලිකත්වයෙන් අනුරාධපුර රුවන්වැලි සෑය අබියස දී වෙනස් ආකාරයේ දන්සලක් අද (19) පැවැත්විණි.
ගැබිනි මාතාවන්,ළමුන්, සිල් මාතාවන් වැනි පිරිස් වලට අත්‍යවශ්‍ය බඩු බාහිරාදිය දන්සලෙන් ලබා දුන්නේය. මෙහිදී වකුගඩු රෝගීන් තිදෙනෙකුට ඇඳන් 3ක් ලබා දුන් අතර එක් අඳක් රුපියල් ලක්ෂ 3 ක් පමණ වන බව සංවිධායකයෝ කීහ.
මෙම දන්සල සංවිධානය කළේ 18 වැනි වරටය.
මේ අවස්ථාවට ආරක්ෂක රාජ්‍ය ඇමැති රුවන් විජයවර්ධන මහතා ද සහභාගී විය








COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නැති බැරි උදව් අවශ්‍ය යට සහනයක් වීම තමි දැන් දෙනවා කියන්නේ ,අද වෙනවිට මුදල නාස්තිකරන රැල්ලක් වෙලා ,ඇත්තටම මේක තමයි පින් පින් ලැබෙන නියම දන්සල (ම)
ආචාර්ය ගුණරතන ස්වාමින්ද්‍රයන් වහන්සේ ඇතුළු පිරිසට ත්‍රිවිධ රත්නයේ ආශීර්වාදයෙන් නිදුක් නිරෝගී සුවයත් චිර ජීවනයත් ලැබේවා! (ම)
සාදු සාදු සාදු. බුදු සසුන බැබලේවා. (ම)
රුවන් මහත්තයා කවදත් කළේ මේ වගේ හොඳ ආදර්ශවත් වැඩ තමයි (නි)
මෙන්න සිල් රෙදි බෙදනවෝ .. ආ අමතක වුණා... ඡන්දයක් ළඟ නෑනේ..(අ)
සහභාගි වූ සැමට පින්! (නි)
දන්සල් කියන්නේ මේ වගේ අර්ථවත් දන්සල් වලටයි (නි)
මෙවන් දේවල් අපි ඉහළින්ම අගය කරනවා (නි)
මොනතරම් හොඳ දෙයක්ද? (නි)