අනුරාධපුර දිස්ත්‍රික්කයේ ආපන ශාලාවලින් ආහාර ගන්නා ජනතාව දිනකට අහිතකර රස කාරක කිලෝ 15 ක් පමණ කෑමට ගන්නා බව අනුරාධපුර නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී නලින් ප්‍රේමදාස මහතා පවසයි.
වෙළදසල්වලින් මෙන්ම නිවෙස්වලද ප්‍රධාන වශයෙන් ආහාර පිසීමේදී දැනට භාවිත කරන කෘත්‍රිම රසකාරක වර්ග ඇමෙරිකාව ඇතුළු දියුණු රට ප්‍රතික්ෂේප කැර ඇත්තේ ඒවා තත්ත්වයෙන් බාල නිසා යැයි වෛද්‍යවරයා කියයි.
මෙම කෘත්‍රිම රස කාරක භාවිතයෙන් ඇට දියවීම වැනි භයානක ආබාධ හා ස්නායු රෝග හටගත හැකි බව වෛද්‍ය මතයයි.
දැනට වෙළඳසල්වල බහුලව ඇති ප්‍රයිඩ්රයිස් ,කොත්තු, හා ලුණු මිරිස් (චිලි පේස්ට්) සඳහා ප්‍රධාන වශයෙන් රසකාරක එක් කෙරේ.
ආහාර සැකසීමේදි රසායනික ද්‍රව්‍ය යෙදීම සම්බන්ධයෙන් නිතිමය තත්ත්වය පැහැදිලි කරමින් නලින් ප්‍රේමදාස මහතා කියයි.
සේදීම,මැදිම සඳහා භවිතාකරන රසායනික ද්‍රව්‍ය තබන තැන්වලින් හැලිමෙන් හෝ සතුන් මගින් ආහාර ද්‍රව්‍යවලට මිශ්‍රවිය හැකිය. රසකාරකයන්හි රසායනික අඩංගුයි. දැනට ජනප්‍රියම රසකාරකය මොනෝසොඩියම් ග්ලුටනමේට් ජනප්‍රිය වෙළෙද නාමයකින් ගමේ කඩවල පවා අලෙවියට තබා ඇත.ඒගැනත් පරිස්සම් වෙන්න.
එහිදී අදහස් දැක්වු අනුරාධපුර පුරපති එච් පී සෝමදාස මහතා කියා සිටියේ නගරයට දිනකට පැමිණෙන 50000 ක‍් අධික ජනතාවට ,සුවඳ කාරකය හා කල් තබා ගැනීමේ රසායනවලින් තොරව ආහාර ලබා දීමට පියවර ගන්නා ලෙසයි.අනුරාධපුර දිස්ත්‍රික්කයේ දැනටම වකුගඩු ආබාධ බහුලව පවති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිනිපේ,ඒකතමයි මම කොයිවෙලෙත් කියන්නෙත් ලියන්නෙත් ඉන්දියාවේ කිට්ටුචෙන් ඉන්න එක හොඳයි කියලා (නි)
මගේ පුතා කොත්තු කන්න කන්නහරිම අසයි දෙවියන්ගේපිහිටලැ බේවා (අ)
ගෙදරදී පාවිච්චි කළත් ඇසුරුම කියවලා බලන්න. ගොඩක් ඇසුරුම් වල අඩංගු දේ මොනෝසොඩියම් ග්ලුටැමේට් කියලා සදහන් කරලා නැහැ. ඒ වෙනුවට සදහන් කරන්නේ එම්.එස්.ජී. කියලා. වැඩියෙන්ම පාවිච්චි කරන්නේ එදිනෙදා අපි ආහාරයට ගන්න වියලි ආහාර පැකට් වල සහ බෝතල් වල. ජනතාව රැවටීමට කරන බිස්නස් මායාව. නිතිය අස්සෙන් රිංගන ක්‍රමයක්. ටික ටික දිනපතා ශරීරයට ඇතුල් වෙනකොට හිසරදේ කියලා තමයි මුලින්ම කියන්නේ. එතකොට බෙහෙත් පෙති කොම්පැනි වලටත් හොදයි. කනදේ බදාගෙන කන්නේ නැතුව කන්න ඉස්සෙල්ලා කන්නේ මොනවද කියලා හොයලා බලලා කන්න. (නි)
දුමින්දගේ කතාව හරි.රසට උයන්න බැරි අයට තමා ඕවා ඕනෑ වෙන්නේ. (නි)
සතුන් වැනි ව්‍යාපරිකයන් (අ)
ඔය කියන්නේ මොනවා ගැනද කියලා අපි දන්නවා (නි)
මේ තරම් කලබල වෙන්න එපා. මම කියන්නම් කරන්න ඕනෑ දේ.අනුරපුරෙන් කන්නේ නැතුව තංගල්ලෙන් කන්න (නි)
මිනිස්සු දන්නේ මේවායේ වෙළද නම් විතරයි. මිනිස්සු හිතාවි මේ මොනවා හරි විස ජාතියක් කියලා. (නි)
නිලූ, කියන්නකෝ අපිටත් දැනගන්න (නි)
මට අදහන්න බැරි මේ පරිප්පු වලට කුකුල් මස් රස දන්නේ ඇයි කියලා.පරිප්පු කන්න ඕන පරිප්පු රසට.ලංකික කෑමවලට වැඩිය,ඉන්දියානු හා චීන කෑමවල මේ රසාකර වලින් පිරිලා.හුගක් අය නොදන්නා දෙයක් තමයි සියට 98ක්ම චීන කැමවල්ට උරුතෙල් දමනබව.විශේෂයෙන්ම සුප් වලට උරුතෙල් දානවා. (අ)
වෙළද සන්නම් මෙසේය 1. අජිනමොටෝ 2. රිගම් මොනොසොදිඋම් ග්ලුටෝමටේ විකිණීම තහනම් කලරන්න ඕන. ඉක්මනින්..... (දී)
කෝ නිසි බලධරයින් (දී)
ඔය කියන ජනප්‍රිය වෙළද නාම හෙළි කරන්න . තහනම් කරලා දාන්න (නි)
කෘතීම රසකාරක ගැන දැනුමක් නොමැති සාමාන්‍ය ජනතාව දැනුවත් කිරීම සඳහා කරනු ලබන උත්සාහයට අපගේ හෘදයාංගම ස්තුතිය ගරු නගරාධිපතිතුමාට සහ නාගරික වෛද්‍ය නිලධාරීතුමාට පුද කරමු. (නි)
ආහාර රසකාරක සහ රසකාරක අර්ධක සම්බන්ධව නව නීති ඇතුලත් ගැසට් එකක් පැමිණිලා තියෙනවා .2013.02.01. ඒක 2014.07.01 ඉඳලා ක්‍රියාත්මක කිරීමට නියමිතයි. (නි)
හොදයි මෙහෙමවත් මිනිසුන් දැනුවත් කරනවා නම්,ආච්චිලාගේ ඉවුම් පිහුම් ක්‍රම පාවිච්චි කරමු (නි)
ඕකට හොදම දේ තමයි ඕවා ලංකාවට ගෙන්නන එක නවත්වන එක. ඕවා අනුරාධපුරයේ අය කෑවත් ලංකාවේ කොහේ ඉන්න අය කැවත් විෂ නම් විෂම තමයි. ඒක නිසා බලදාරයින්ට කරන්න ඕවා ගෙන්වන එක නවත්වන එක (නි)
අනුරාධපුරෙන් නොකා මැදවච්චියෙන් කමු (නි)
සෙන්තිල්, ඔයා කොහෙද යන්නේ මල්ලේ පොල්නේ ...අනේ.ඔව් තියා ගන්න කිට්ටුවෙන් නැහැය වහගෙන. (ස)
දැන් බලන්න එපායැ අනුරාධපුරේ හෝටල්වල තියෙන උජාරුව. තරු පහේ හෝටල් වගේ. ඕක දැකලා අපේ උන්දගෙනුත් බේරෙන්න බැහැ. හැමදාම රැට හෝටලෙන්ම කන්න ඕනේ කියලා. (ස)
නරක දේවල් කෙලින්ම කිව්වොත් තමා රටින් ඔය දේවල් ඉවත් කරන්න පුළුවන් වෙන්නේ . නේද? (නි)
අපිට මොටෝ මොකා මොනවා කෑවත් ගාන හම්බ වෙනවා නම්.(නදී)
මෙය කියවන සියල්ල රසකාරක භාවිතයෙන් වළකින්න.කම්මැලි නොවී සියලුම දෙනා තුන් වේලටම නිවසේ කෑම පිළියෙළ කරන්න හුරුවෙන්න.කඩවලින් කෑම ගන්නා විට කහට කෝප්පය හැර සියලුම කෑම වර්ගවලට මේ රස කාරක යොදනවා. ඒ රසය බිස්නස් එක වැඩි කරගන්නයි කරන්නේ. මහ ජනයට මොනවා වෙලා මැරුණත් කමක් නැහැ.හවස් වෙනකොට, ලාච්චුව පිරිලා සල්ලි. මෝඩ ජනයා පිළිකා හැදිලා මැරෙනවා ,වකුගඩු ලෙඩ හැදිලා මැරෙනවා. (නි)
සියලුම කඩ පරික්ෂා කර දඬුවම් දෙන්න (නි)