(උපාලි ආනන්ද)
අනුරාධපුර දිසත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හා හිටපු අමාත්‍යවරුන් පිරිසකගේ නිවාසවලට පහරදි ගිනි තිබීමේ සිද්ධි සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් අනුරාධපුර නගරයේ ව්‍යාපාරිකයකුවන සාගර පියතිලක,කුරුන්දන්කුලමේ සුනීත හිමි ඇතුළු 13 දෙනකු ලබන 19 වැනි දා තෙක් රිමාන්ඩ් බාරයේ තබන්නැයි අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු නාලක සංජීව ජයසූරිය මහතා අද නියෝග කළේය.
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හා හිටපු අමාත්‍ය එස්.එම්.චන්ද්‍රසේන, සෙහාන් සේමසිංහ, දුමින්ද දිසානායක, චන්න ජයසුමන, ඇතුළු පිරිසකගෙ නිවෙස්වලට අලභහානි කර ගිනි තැබීයැයි චොදනා මත බී වාර්තා 11ක් යටතෙ මෙම සැකකරුවන අධිකරණයට ඉදිරිපත් කළේය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් තවත් පිරිසක් අත්අඩංගුවට ගැනීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒක හොදයි. හැබැයි ගෝල්ෆේස් එකේ ඔලු පලාපු සනත් නිශාන්තලත් අල්ලන්න ඕන. අර අන්තරේ ලොක්ක කියනවා වගේ එක කොටසක් අල්ලලා රට හැමතැනම ගිනි තියපු එවුන් නිදහස් කරලා බැහැ. මේ වෙච්ච විනාසෙට වන්දි ගන්නත් ඕන.
ඕක පටන් ගත්තු අය අල්ලන්න තව කල් යයි. මහ ලොකු එක නීතිය.