සිරස රූපවාහිනි නාළිකාවේ විකාශය වන 'උතුම් පැතුම්' ටෙලිනාට්‍යයේ 'නයෝමි' ලෙසින් ඔබ දුටු අනුරාධා එදිරිසිංහ මේ දිනවල ටෙලිනාට්‍යය කිහිපයකින්ම ඔබේ ආලින්දයට ගොඩවදියි. මෝස්තර නිරූපිකාවක් ලෙස ක්ෂේත්‍රයට එක්වූ අනුරාධා වර්තමානය වනවිට කලා ක්ෂේත්‍රයේ තුළ කාර්යබහුලව සිටින නව පරපුරේ යොවුන් නිළියකි. පසුගිය සති අන්තයේදී ඇයට අපූරු පුදුම කිරීමකට මුහුණ දෙන්නට සිදුවිය. ඒ පිළිබඳව අනුරාධා 'සාරවිට'ට දැක්වූ සංවාදයයි.
"මගේ උපන්දිනය යෙදිලා තිබුණෙ මීට සතියකට කලින්. නමුත්, මගේ තාත්තාගේ අසනීප තත්ත්වයත් එකක මෙවර මගේ උපන්දිනය සමරන්නට මම කලින් ඉඳින් නොපවත්වන්න තීරණය කරලා තිබුණා. ක්ෂේත්‍රයේ කට්ටිය වගේම මගේ යහළු, යෙහෙළියනුත් ඒ බව දැනගෙන හිටියා. ඒත්, උපන්දිනය යෙදිලා තිබුණ දිනයේදී මගේ අක්කා කෙනෙක් කිව්වා වැඩකට ඉක්මනින් එන්න පුළුවන්ද කියලා. ඒ වෙලාවේ මම හිටියේ රූපගත කිරීම් කටයුත්තක. මම කිව්වා වැඩේ ඉවර කරලා එන්නම් කියලා. කොහොම හරි රූපගත කිරීම් ඉවර වෙන කොට හවස් වුණා. කළින් කතා කරපු මගේ හිතවත් අක්කා කතා කරලා කිව්වා වැඩේ ඉවර නම් එයා කිව්ව තැනට එන්න කියලා. වැඩේ ඉවර කරලා මම ඒ අක්කා කියපු තැනට ගියා. හිතාගන්නත් බැහැ. මගේ ළඟම යහළු, යෙහෙළියෝ ටික මං වෙනුවෙන් මගේ උපන්දිනය ලැහැස්ති කරලා. මම දන්නා නොදන්න බොහෝ දෙනෙක් ඒ පුංචි උත්සවයට ඇවිල්ලා තිබුණා. ඇත්තටම, මට හිතාගන්න බැරිවුණා. මම හිතන්නේ මගේ ජීවිතේට මා උපරිම සතුටක් ලැබුව උපන්දිනය ඒක කියලා. මාව සතුටු කරන්න ඒ උපන්දිනය සංවිධානය කළ හැම දෙනාටම මම ගොඩක්..... ස්තුතියි"
2025 දෙසැම්බර් මස 18
656
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
321
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1109
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අනුරාධාට Surprise එකක්