රගර් ක්‍රීඩක වසීම් තාජුදීන්ගේ ඝාතනය වසන් කළැයි සැකපිට හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක සහ නාරාහේන්පිට අපරාධ අංශයේ හිටපු ස්ථානාධිපති සුමිත් පෙරේරා ලබන 20 වැනි දා තෙක් යළි රිමාන්ඩ් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා අද නියෝග කළේය.
සැකකරුවන්ට ඉදිරිපත් කර ඇති චෝදනා අනුව ඔවුන්ට මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඇප ලබා දිය නොහැකි බැවින් ඇප අවශ්‍ය නම් මහාධිකරණයෙන් ඉල්ලීමක් කරන ලෙස ද මහේස්ත්‍රාත්වරයා කීවේය.
කොළඹ අපරාධ කොට්ඨාසයේ (සීසීඩී) හිටපු අධ්‍යක්ෂ රණවීර මහතා තාජුදීන් ඝාතනය විමර්ශනය කරද්දී සාක්කි වසන් කළාදැයි සොයා බැලීමට පරීක්ෂණයක් සිදු කරගෙන යන බව රජයේ ජ්‍යෙෂ්ඨ නීතීඥ ඩිලාන් රත්නායක මහතා අධිකරණයට දැන්වීය.
COMMENTS
ඉතාම හොඳ වැඩක්. හොරුන්ටත් කලින් දඬුවම් දෙන්න ඕනා නීතිය අවභාවිත කළ අයට තමයි.(බ)
කිසිම ආකාරයක බැඳීමකින් තොරව අකුරටම නීතිය ක්‍රියාමක කරන ගරු නිශාන්ත පීරිස් විනිසුරුතුමා ඉදිරිපිට නම් බොරු තර්ක බෑ. පහු ගිය දිනවල වෙනත් උසාවි වලින් අපට අහන්න ලැබුණු අමිහිරි දේවල් එතුමාගේ අධිකරණයෙන් කිසිවිටෙක අහන්න නොලැබීම අධිකරණයේ කෙරෙහි අපේ ගෞරවය වැඩිවීමට හේතුවක්. (බ)
"ඇතුළට එළියට, ඇතුළට එළියට ...." මේක තමයි යහපාලන නාටකය (නි)
නීතිය රටට එපාද?(හේ)