රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවේ සිටින හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක හා නාරාහේන්පිට අපරාධ අංශයේ හිටපු ඕ.අයි.සී. සුමිත් පෙරේරා ලබන 7 වැනිදා දක්වා රිමාන්ඩ් කළ අතිරේක මාහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා අනුර සේනානායකගේ පෞද්ගලික වෛද්‍ය චූලා හේරත්ගේ වෛද්‍ය වාර්තාව අනූව සේනානායක අධිකරණ වෛද්‍ය නිලධරයෙකුට පෙන්වා වාර්තාවක් ලබා ගන්නැයි බන්ධනාගරයට නියෝග කළේය.
රහස් පොලිසිය අධිකරණයට දැන්වූයේ ඝාතනයට සම්බන්ධ සී.සී.ටී.වී. දර්ශන කැනඩාවේ බ්‍රිටිෂ් කොලොම්බියා විශ්ව විද්‍යාලයට යැවූ බවයි. වාර්තාව ලබන අගෝස්තු මාසයේ ලැබීමට නියමිත බව ද රහස් පොලිසිය අධිකරණයට දැන්වීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd