කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදි ශිෂ්‍ය ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදී ඇස්.පියසේන මහතා ආනන්ද විදුහලේ පුස්තකාලය සඳහා පොත් රාක්ක කීපයක් පරිත්‍යාග කළේය.
පියසේන මහතා විසින් රචිත ‘හුදකලාවේ ආවර්ජන‘ නමැති කෘතියෙන් ලැබුණු මුදලින් ඔහු මෙම පරිත්‍යාගය සිදු කළේය.
ඕස්ට්‍රේලියාවේ ආදි ආනන්දීය ශිෂ්‍ය සංගමයද මෙයට දායක විය. ඉදිරියටත් තමා උගත් ආනන්ද විදුහලට හැකි පමණින් උදව් කිරීමට බලාපොරොත්තුවන බව එස් පියසේන මහතා මෙහිදී කීවේය.
ආදි ආනන්දීයන් වන හිටපු අමාත්‍ය ගීතාංජන ගුණවර්ධන, ඉමිතියාස් බාකීර් මාකර්, එස්.පියසේන මහතාගේ පුතනුවන් වන සුගීෂ්වර සේනාධීර, ගෝමි සේනාධීර, ඕස්ට්‍රේලියාවේ ආදි ශිෂ්‍ය සංගමයේ සභාපති රංජිත් විජේසේකර, ආනන්ද විද්‍යාලයීය පුස්තකාලාධිපති සිරිල් කරුණාරත්න යන මහත්වරුද මෙම අවස්ථාවට එක්වූහ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පරිත්‍යාගයට ස්තූතියි . ඉතාමත් හොද මහත්මයෙක් (දිල්)
දිර්ඝායුෂ පතමි (දිල්)
පිරිසිදු මුදලින් කළ උතුම් වැඩක් (නි)
ආනන්දෙට යන්න ලැබූන එක ගැන ආඩම්බර වෙනවා.ඔබ දිගුකල් වැජඹේවා! (නි)
ආනන්ද මාතාව දිගුකල් වැජඹේවා! ලංකාවේ ආනන්දනීයම පුතුන්ගෙන් කෙනෙකු වීම ගැන කවදත් මම ආඩම්බර වෙමි ....! (නි)
අපට හරිම ආඩම්බරයි මේ ගැන.(හේ)
මගේ රටට, ආගමට සහ ජාතියට ආදරේ කිරීමට මාව හුරු පුරුදු කළේ මගේ ආනන්දයයි. ආනන්දයට ජයවේවා, (හේ)
ආදර්ශවත් පියෙක්. ඔහුට දීර්ඝායුෂ පතමි. (නි)
ආනන්ද මාතාව දිගුකල් වැජඹේවා! ලංකාවේ ආනන්දනීයම පුතුන්ගෙන් කෙනෙකු වීම ගැන කවදත් මම ආඩම්බර වෙමි (නදී)