
(යොහාන් භාසුර)
විශ්වවිද්‍යාල විධායක නිලධාරීන් සහ අනධ්‍යන සේවකයන්ගේ වැඩවර්ජනය නවවැනි දිනටත් අද (10) දිනයේ ද ක්‍රියාත්මක කළ අතර අනධ්‍යන සේවකයන් වැඩවර්ජනය තව දුරටත් දැඩිකිරීම හේතුවෙන් සමස්ත විශ්වවිද්‍යාල පද්ධතියම අකර්මණ්‍ය වී තිබුණි.
අනධ්‍යන සේවකයන් වැඩවර්ජනය තව දුරටත් දැඩි කරමින් ජලය සහ විදුලි සැපයුම් බිඳ වැටීම් යථාතත්වයට පත්කිරීම සහ ඇතැම් පිරිසිදු කිරීමේ සේවාවලින් ඉවත්වීම පියවර ගත් බවත් අධ්‍යාපන අමාත්‍යංශය, අනධ්‍යන සේවකයන්ගේ වැටුප් ප්රශ්නය ප්රමුඛ ගැටලුවලට චක්රලේඛයකින් විසඳුම් දෙන තෙක් වැඩවර්ජන අත්නොහරින බවත් විශ්වවිද්‍යාල වෘත්තීය සමිති සන්ධානයේ නිලධාරියෙක් පැවසීය.
විශ්වවිද්‍යාල වෘත්තීය සමිති සන්ධානය පසුගිය දින දෙකේදී අධ්‍යාපන අමාත්‍යවරයා ඇතුළු බලධාරීන් සහභාගිවූ සාකච්ඡා කීපයකට සහභාගි වූ බව කී එම නියෝජිතයා අනධ්‍යන සේවකයන්ගේ ගැටලුවලට විසඳුම් දීමට ලබන සඳුදා පැවැත්වෙන කැබිනට් මණ්ඩලට පත්‍රිකා දෙකක් ඉදිරිපත් කරන්නේ යැයි පැවසූ බව ද සඳහන් කළේය.
එම කැබ්නට් පත්‍රිකා පිළිබඳව විශ්වවිද්‍යාල වෘත්තීය සමිති සන්ධානය අවදානයෙන් පසු වුවද පිළිගත හැකි විසඳුමක් ලැබෙන තෙක් වැඩවර්ජනය අත්නොහරින බව ද එම නිලධාරියා සඳහන් කළේය.
ඇතැම් ආචාර්යවරු අනධ්‍යන සේවකයන් නොමැතිව විභාග පැවැත්වීමට කටයුතු කරමින් සිටින්නේ යැයි දැනගන්නට ලැබී ඇති බවත් ආචාර්යවරු තමන්ගේ රාජකාරිය වැඩිකරගන්නනේ නම් අනාගතයේ ගැටලුකාරී තත්වයන් ඇතිවීමේ අවදානමක් ද ඇති බවත් එම නිලධාරියා වැඩි දුරටත් කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනධ්‍යයන සේවකයින් හරියටම ලංවිම හෝ සිපෙට්කෝ සේවකයින් වගේ. වර්ජනය ක්‍රියාත්මක කරන අවස්ථාවේ සියලු සැපයුම් බිඳ වට්ටන්න. අනික අනධ්‍යයන කාර්ය මණ්ඩල හැමවිටම අධ්‍යයන කාර්ය මණ්ඩල සහ සිසුන්ට හැකි හැම බාධාවක්ම කරනවා. මේ සේවාව පෞද්ගලික අංශයට කොන්ත්‍රාත් දිය හැකි දෙයක්. ඉතා සුලු ඉහළ නිලධාරීන් කණ්ඩායමක පමණයි ස්ථිර වශයෙන් අවශ්‍ය...
අපේ රටේ වි.වි. සිසුන්ගේ වර්ථමානයත්, අනාගතයත් මේ තුන් ගොල්ලොම එකතු වෙලා බුදිනවා...
දරුවන්ගේ අනාගතය සම්පූර්ණයෙන්ම කාබාසිනියා කරන අනධ්‍යන අයට සසර ගමනින් එතෙර වීමට නොහැකිවෙන්න එවුන් කරන අකුසලය හේතුවක් වෙනවා... ඔවුන්ගේ ප්‍රශ්න ගැන නොබලන අයටත් එසේම වේවා..!
මෙවර පළමු වසර සඳහා දැනට ඇතුළත් කරගෙන ඇත්තේ වෛද්‍ය හා දන්ත වෛද්‍ය වැනි දරුවන් පමණි. තවත් බොහෝ දරුවන් තවමත් ඇතුළත් කරගෙන නැත. මෙම වර්ජනය නිසා එම කටයුතු ද අඩාල වෙයි. එම දරුවන් මීට පෙර විවිධ වර්ජන නිසා වසර දෙකක් පමණ කාලයක් තිස්සේ අසරණ විය. විශ්ව විද්‍යාල සියල්ල අද අඩපණ වී ඇත. මෙය අද ජාතික ප්රශ්නයකි. ඒත් ජනමාධ්‍ය රජය හෝ විපක්ෂය හෝ මෙවන් තරුණ ප්‍රශ්න ගැන නොසලකා දේශපාලන පුහු වාග් ප්‍රහාර ගැන නන් දොඩවයි. ආගමික නායකයින් ද ඒ තුළම පසුවෙයි. අනේ අපේ දරුවන්ට ජාතියට සිදු වූ විපත විශ්ව විද්‍යාල දරුවනි හොඳ සිහියෙන් යුක්තව මෙම සිදුවීම් විමසා බලා අපේ රටේ වෙනස්කම් කරගන්න...