කොළඹ ආනන්ද විද්‍යාලීය ‘සිත්තරාණෙනි ’ කලා සංසදයේ ‘විවරණ’ සිතුවම් දැක්මේ හතර වැනි දැක්ම සෞන්දර්ය විශ්ව විද්‍යාලයයේ ජේ ඩී ඒ පෙරේරා කලාගාරයේදී පැවැත්විණි.
මෙවර එහි තේමාව වුයේ ‘පීඩිත පන්තියේ මිනිසුන්ගේ ජිවීත වලට සහෘදයන්ගේ ගොඩවැදීම’ යන්නයි.
දිය සායම් සිතුවම් සියයක් හා අනෙකුත් මාධ්‍ය භාවිත කළ සිතුවම් පන්සීයක් පමණ ප්‍රදර්ශනයට එක් කැර තිබිණි.
අධ්‍යාපන අමාත්‍ය බන්ධුල ගුණවර්ධන,නියෝජ්‍ය කතානායක චන්දිම වීරක්කොඩි ප්‍රධාන ආරාධිතයෝ වුහ. විදුහල්පති කිත්සිරි ලියනගමගේ මහතා ඔවුන් පිළිගත්තේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉසිපතන හා රාජකීය ආදී සිසුවෙක් ලෙසට මම ආනන්දියන්ට සුභ පතමි. (නි)
ආනන්ද සිසුන්ගේ හැකියාව ඉතාමත්ම ඉහල මට්ටමක තියෙනවා. රටේ හැම තැනකම ආනන්දියන් බැබලෙනවා. (ස)
ඇත්තටම ආඩම්බරයි පුතේ (අ)
නියමයි සොයුර.... (ස)
ආනන්ද පුතුන් අකුරට වගේම සිතුවමටත් එක වගේ දක්ෂයි.ඔබට ජයෙන් ජය..! (නි)
ආනන්ද සිසුන්ගේ හැකියාව ඉතා ඉහළයි. (නි)
දක්ෂ දරුවන්ට මගේ ප්‍රණාමය! (නි)
රත්තරන් වැඩක්. ඔබට මගේ ආචාරය! (නි)
කලාවට ලැදි අය කවදාවත් අපරාධ කරන්නෙ නැහැ.මේ කලා නිර්මාණ අතිවිශිෂ්ටයි (නි)
මගේ අම්මාගේ සෙවණේ සැදුණ දරුවන් විශිෂ්ටයි (දිල්)
පොඩි මිනිහාගේ දුක හඳුනන, අනද දරුවන්ට උත්තමාචාරය. (ස)