
( බී.ජී. චතුරග )
පුත්තලම සිට අනුරාධපුර දෙසට ගමන් කළ ත්‍රිරෝද රථයක් ඉදිරියෙන්, පාර හරහා දිව ගිය සුනඛයෙකුගේ ගැටීම වැළැක්වීමට යාමේදී එම ත්‍රී රෝද රථය මාර්ගය හරහා පෙරළී ගොස්, බස් රථයක දොළොස් හැවිරිදි පාසල් දරුවෙකු ජීවිතක්ෂයට පත් වූ බව රාජාංගනය පොලිසිය පවසයි.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ හලාවත වැලි හේන ප්‍රදේශයේ පදිංචි ෂෙවොන් මෙලීෂ නැමැති 12 හැවිරිදි සිසුවෙකි.
ත්‍රිරෝද රථය පුත්තලම දෙස සිට අනුරාධපුර දෙසට ධාවනය කරන අවස්ථාවේදී රාජාංගන හන්දිය ප්‍රදේශයේ, 39 සහ 40 වන කිලෝමීටර් කණු දෙක අතර දී ඊයේ(05)මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය කියයි.
අනතුරින් ත්‍රිරෝද රථයේ පිටුපස ගමන් කල පුද්ගලයෙකු, සහ එම දරුවා ප්‍රතිකාර සඳහා නොචියාගම රෝහලට ඇතුළත් කර ඇති අතර එම අවස්ථාවේදී කුඩා දරුවා ජීවිතක්ෂයට පත් ව බවත්, බර පතල තත්ත්වයේ පසුවූ ත්‍රිරෝද රථයේ රියදුරාවන වැලි හේන හලාවත පදිංචි 66 හැවිරිදි පුද්ගලයා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කල බව පොලිසිය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ත්‍රීරෝද රථ බතා අනාරක්ෂිතය. කිසිදු දියුණු රටක මගී ප්‍රවාහණය සදහා ත්‍රීරෝද රථ භාවිතා කරන්නේ නැත.