විවිධ අන්තවාදී කණ්ඩායම්වල ක්‍රියාකාරකම් මෙරට සාමයට හා සංහිඳියාවට බාධාවක් බවත් අයිඑස්අයිඑස් ඉස්ලාම් ත්‍රස්තවාදීන්ගේ බලපෑම යටතේ රට තුළ ත්‍රස්තවාදී පරිසරයක් නිර්මාණයවීමට ඉඩ ඇති බවත් දන්වමින් බොදු බල සේනා සංවිධානය ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා ලිපියක් යවා ඇත.
ලිපියේ සඳහන් කරුණු ගැන පර්යේෂණ හා විමර්ශන සිදු කිරීම, රජයේ නායකයින් දැනුවත් කිරීම, තර්ජන පිළිබඳ සොයා බැලීමට විශේෂ ඒකකයක් ස්ථාපිත කිරීම, එම තර්ජන පිළිබඳ ත්‍රිවිධ හමුදාව හා පොලිසිය නිතර දැනුම්වත් කිරීම හා ඒ පිළිබඳ සාකච්ඡා කිරීමට බොදු බල සේනා සංවිධානයට අවස්ථාවක් දෙන ලෙසද ජනපති හා අගමැතිගෙන් එම සංවිධානය ඉල්ලා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වගෙයි අන්තවාදී ව්‍යාපාර තහනම් කරලා දාන්න, කොයි ආගමකින් වුනත්, මොවුන් තමයි රටෙත් නැති ප්‍රශ්න ඇති කරන්නේ (බ)
දැන් හලාල් ප්‍රශ්නය ඉවර කරලා අයි එස් ප්‍රශ්නයක් පටන් ගන්න වගේ. ජනතාව දුන්න ඡන්ද ටිකෙන්ම තේරුම් ගන්න තිබුන. බොරු ප්‍රවෘත්ති මවල සාමාන්‍ය මිනිස්සුන් නොමග යවන්නේ නැතුව රටේ පවතින කුඩු, බැංකු මංකොල්ල, අපරාධ, දුෂණ, ළමා අපචාර නවත්වන්න පාසල්, පන්සල් මට්ටමින් වැඩ පිළිවෙලක් හදන්න. කව්රුත් ඔබ වහන්සේව පිළිගනීවි, (බ)
කරුණාකරලා බොදු බල සේනා සංවිධානය පාඩුවේ ඉන්න.ඔය කියන දේවල් ගැන රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශය බලා ගනීවි. (බ)
ලංකාවට විශාල අනතුරක් තියෙනවා කියල මට හිතුන දේ නෙමෙයි මම කිවුවේ. සාක්ෂි සහිතව ඔප්පු කරන්න පුළුවන් දේ. එම අනතුර ලංකාවේම ඉන්න අයට එච්චර නොපෙනෙන්න පුළුවන් පිටින් ඉඳන් බලන අයට පේනවා. පකිස්ථානය සහ හයිද්‍රබාදයේ කට්ටිය එකතු වෙලා ලංකාවට විසබීජ දාන හැටි. (බ)
සිවිල් සංවිධානයක් ලෙස බොදුබල සේනාව ක්‍රියාත්මකවීම සහ රටට අහිතකර ක්‍රියාකාරකම් සිදුවෙනවානම් ඒවා පෙන්වාදීම වගකීමක්. රජයේ අවධානය සඳහා බලපෑම් කිරීම වරදක් නෙවෙයි. නමුත් නිල නොලත් හමුදා කාණ්ඩ මෙන් කඩා පැනීම නොකළ යුතුය. (බ)
හොද දෙයක් ගැන කතා කරන්න අපේ හාමුදුරුවනේ. (ර)
ලංකාවට විශාල අනතුරක් අත ළඟයි කියා මට සිතෙනවා. (නි)
වියළුම ත්‍රස්ත සංවිධාන ගැන රජය හොද සෝදිසියකින් හිටියොත් හොදයි. විශේෂයෙන් මේ අවස්ථාවේදී ත්‍රස්තවාදය පතුරුවන අය ගැන මීටත් වඩා සැලිකිලිමත් විය යුතුයි. (ර)
ලංකාව තුළ අන්තවාදී කණ්ඩායම්වල ක්‍රියාකාරකම් රහාසිගතව ක්‍රියාත්මක වනබව නැහැයි කියන්න බැහැ.කෙසේවෙතත් බොදු බල සේනා සංවිධානය අවදියෙන් සිටීම ගැන ස්තූතිවන්ත වියයුතුයි.එවැනි සංවිධානයක්වත් ක්‍රියාත්මක නොවී සිටියහොත්...?ලංකාවත් අන්තවාදීන්ගේ කුරිරු ක්‍රියාකාරකම්වලට ලක්නොවී නොසිටියිකියා සහාතිකවිය නොහැකියි.සියළුම ශ්‍රී ලාංකිකයින් අවධානයෙන් සිටිය යුතුයි. (බ)
ඩොලරය දැන් හුඟක් ගණන්. ඇමෙරිකන් සල්ලි නියමෙට වැඩ කරනවා. (ම)
බොදු බලය බිහි වුණේ එම අසීමාන්තික ත්‍රස්ත ක්‍රියාකාරකම් හමුවේ. රජයේ ඇමතිවරුන් . අමාත්‍යංශ ප්‍රධානින්, හා අදාළ ආයතන නිසි ලෙස ක්‍රියාත්මක නොවීම නිසයි (ම)
බොදු බලය බිහි වුණේ එම අසීමාන්තික ත්‍රස්ත ක්‍රියාකාරකම් හමුවේ. රජයේ ඇමතිවරුන් . අමාත්‍යංශ ප්‍රධානින්, හා අදාළ ආයතන නිසි ලෙස ක්‍රියාත්මක නොවීම නිසයි (ම)
ඉසුරන්දි නිවැරදියි. (අ)
බොදු බලේටත් ටිකක් හරි ඇහුම්කන් දිය යුතුයි කියන එකයි මගේ නම් විස්වාසය.(හේ)
විදේශික අන්තවාදීන්ට සහාය දක්වන දේශිය ද්‍රෝහීන් එදත් සිටියා අදත් සිටිනවා.(හේ)
බොදු බල සේනාව කියන කරනවා අන්තවාදී විදියට දකින්න එපා..මේ රටට අනතුරක් තියනවා...සිංහල ප්‍රදේශවලින් පිට ප්‍රදේශවල ඉන්න කොට එ්ක තේරෙනවා....ජනාධිපතිගේ අවධානය මේකට යොමු විය යුතුමයි (බ)
ඉතා දුර දිග දකින කෙනෙක්. ජය වේවා (ම)
මෙයාලා ආයේ චණ්ඩිකම් පටන්ගන්න වගේ (බ)
ගැටලුව තියෙන්නේ, හාමුදුරුවන්ගේ ආවේගශීලී කථාවේ මිසක් කියන දේ හිතන්න දෙයක් තියෙනවා.(හේ)
එතකොට බොදු බල සේනා සංවිධානයේ ත්‍රස්තවාදීන්ගේ ක්‍රියා ගැන කවුද කතාකරන්නේ, එයාලා පහුගිය කාලේ හොඳ නාඩගන් ටිකක් නැටුවානේ? (බ)
පසුගිය මැතිවරණයෙන් බොදු බල සේනාවට ජනතාව දුන් පණිවුඩය අමතක වෙලා වගෙයි. (ර)
මේක දැනගත්ත වෙලාවේ ඉඳලම ගොඩක් දෙනෙකුට ඇඟ සිතල වෙලා උණ අරගෙන.. මේ වන විටත් රෝහල් වල උණ රෝගීන් ගෙන් පිරිලා තියනවා කියල අපිටත් ආරංචි වුණා අනේ!(අ)
බොදු බල සේනාව හරියට ඇමෙරිකාව වගේ (බ)
මේ හාමුදුරුවෝ කොච්චර කෑගැහුවත් අපේ සිංහලයන්ට තේරෙන්නෙ නැහැ (නි)
බොදු බලේ නැතිනම් ද මේ සිංහල රටේ අපි කන්නේ හලාල් කෑම. බොදු බල සේනාවට මගේ සුබ පැතුම් (බ)