(සුජිත් හේවාජුලිගේ )

ක්‍රියාත්මක කිරීමට යන අන්තර් වාර පාලනය කුමක් දැයි  ජනාධිපතිවරයාගෙන් මුලින්ම  දැනගත යුතු බවත්  ඊට පක්ෂයක් හැටියට සම්බන්ධ වෙනවාද නැද්ද යන්න තීරණය කළ හැක්කේ ඉන් පසුව බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී  නීතිඥ සාගර කාරියවසම් මහතා ලංකාදීපයට පැවැසීය.

අන්තර්වාර පාලනය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නැති අලුත් සංකල්පයක්  හෙයින් එය  කුමන ආකාරයට ක්‍රියාත්මක වන්නක්  දැයි පක්ෂයක් හැටියට  මුලින්ම දැන ගත යුතු වන  බවද හෙතෙම සඳහන් කළේය.

ජනාධිපතිවරයා ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මෙතෙක් දැනුම්වත් කර නැතැයි පැවසූ කාරියවසම් මහතා ජනාධිපතිවරයා ඉදිරියේදී හමුවී ඒ සම්බන්ධයෙන්  අදහස් ලබා ගැනීමට  බලාපොරොත්තු වන බවද  ප්‍රකාශ කළේය.

පක්ෂයේ  මෙම ස්ථාවරය ජනාධිපතිවරයාගේ අදහසට විරුද්ධවීමක් නොවන බවත්  රටේ ප්‍රශ්න විසඳීම සඳහා ජනාධිපතිවරයා මහ නායක හිමිවරුන්ට විශේෂිත යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කිරීමට එකඟවීම සාධනීය තත්වයක් බවත්  සාගර කාරියවසම් මහතා පැවසීය.

අන්තර්වාර පාලනය  සම්බන්ධයෙන්  ගෙන ඇති තීන්දුව ගැන පක්ෂය  විශේෂ අවධානය යොමු කර ඇතැයි  ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.