රඹෑවේ දී රිය අනතුරකින් පසු එක් අයකු මියගොස් තිදෙනකු තුවාල ලැබීමෙන් පසු වාහන නොනවත්වා පදවාගෙන මිහින්තලේ පොලිසියට ගිය බව කියන අනුරාධපුර පොලිසියේ විශේෂ අපරාධ අංශයේ ස්ථානාධිපති කුමාරසිංහ අද (1) පස්වරුවේ අනුරාධපුර මහේස්ත්‍රාත් වෙත ඉදිරිපත් කිරීමටනියමිතව සිටියේය.
ඔහු පැදවු පෞද්ගලික වෑන්රියට යටවී මියගිය බව කියනුයේ එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයට තරඟ කරන දුමින්ද දිසානායක ඇමැතිගේ ආධාරකරුවෙකි.
ඔහු වෙනුවෙන් ඔහුගේ ආධාරකරුවන් ඡන්ද වැඩසටහනකට සහභාගී වෙමින් සිටියදි මේ අනතුර සිදුවිය.
අනතුරක් සිදු වීමෙන් පසු පොලිස් නිලධරයකු වාහානයක් නොනවත්වා ගමන් කිරීම බරපතල සිද්ධියක් බව පොලිසියේ උසස් නිලධාරියක් කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රිය අනතුරකින් පසු පාරෙ ඉන්න මිනිස්සු නීතිය අතට අරන් රියදුරුට ගහන නිසා තමයි ළඟම පොලිසියට යන්න ගොඩක් අය ට්‍රයි කරන්නේ (ම)
මේ දවස්වල අපේක්ෂකයන්ට උදවු කරන ආදාර කරුවන් මහපාරේ හැසිරෙන්නේ පාර තමුන්ට බද්දට පවරාගත් සේය. රියදුරෝ හැටියට අපිත් මහපාරේ ගමන් කරන්නේ හරිම අසීරුවෙන්. මේ කියන අපේක්ෂකයාගේ ආදාරකරුවකුට මා වාහනේ නලාව නාද කරමින් ඉඩ ඉල්ලු විට ඔහු මට අසබ්‍ය වචනයෙන් බැන මගේ වාහනයට පයින් ගැසුවා. මා ඉතා ඉවසීමෙන් ගමන් කල නිසා මටත් ඔහුටත් අනතුරක් වුයේ නැහැ. මේ සිදුවීමටත් හේතුව මෙය වන්නට ඇති. (නදී)
මහජනයාගේ ආරක්ෂාව අඩු වේ ඇති බව දැන් වත් සිතමු (ම)
මහා කකුළුවා ඇදේට ගිහින් පොඩි උන්ට කෙලින් යන්න කියන කාලයක් දැන්!(ම)
පොඩි එකෙක් අතින් වුණා නම් පොරව මෙලහකට සුප් එකක් කරලා !(ම)
පොලිසියේ උනත් ගහයි කියලා බය වෙන්න ඇති අනේ. සාමාක්‍යෙයනුත් වාහන අනතුරක් උනාම ලංකාවේ සිස්ටම් එක ඉස්සෙල්ලාම රියදුරාට පහර දෙන එකනේ. විශේෂයෙන්ම දේශපාලන අාදාරකරුවෝ ඉන්නකොට තත්වේ හිතාගන්න පුළුවන් නේ. පවු අනේ බයටනේ නොනවත්වා ධාවනය කරන්න ඇත්තේ. දේශපාලකයා නීතියට උඩින් නේ ලංකාවේ සලකන්නේ. (නදී)
ඔන්න ලංකාවේ නීතිය ක්‍රියාකරන උතුමෝ! (නි)
බන්දුල ඔයා ඇත්ත කිව්වේ. ලංකාවේ සිස්ටම් එක එ්කයි. පොලිස් නිලධාරියා බයවෙන්න ඇති (නදී)
ඔන්න වැඩ අපේ අයියලාගෙ (නි)
අකුරටම වැඩ වගෙයි... (නි)
ඔහු පොලිස් දෙපාර්තමේන්තුවටත් අපහාසයක් කළේ. නළවන්න එපා. දැඩි පියවර ගන්න. (නි)
මහජනයාගේ ආරක්ෂාවට ඉන්න අයට ආරක්ෂාව දෙන්න වෙලා තියෙන්නේ මහජනයාටමය (නි)
මම නම් අහලා තියෙන්නේ පොලිසියට බඳවාගන්නේ නිර්භීත අය කියලයි (නි)
මිනිසුන් ඉදිරියේ අපහසුතාවයට පත්වෙනවාට වඩා පැනල යන එක හොඳයි කියලා රාළහාමිට හිතෙන්න ඇති (නි)
පොලිසියේ නිලධාරී මහත්වරුත් මෙහෙම නම් සාමාන්‍ය මිනිසුන් ගැන කවර කතාද? (නි)
ඔහු ඔහුගේ වගකීම පැහැර හැර ඇත. ඔහු තව දුරටත් රාජකාරියේ සිටීමට නොහැකිය. ඔහු නීතියට යටත්ය. මේ පිළිබඳව නීතිය ක්‍රියාත්මක කළයුතුය. (නි)