
( ප්‍රසාද් රුක්මල් )
හාලිඇල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිට දී අද (17) අලුයම වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන තාප්පයක ගැටිමෙන් එකම පවුලේ හයදෙනෙකු තුවාල ලබා බදුල්ල මහ රෝහලට ඇතුළත් කළ බව හාලිඇල පොලිසිය පවසයි .
බණ්ඩාරවෙල ප්‍රදේශයේ පදිංචි පිරිසක් මෙසේ තුවාල ලබා ඇති අතර , මොවුන් ලුණුගල නෑදෑ නිවසකට ගොස් ආපසු බණ්ඩාරවෙල බලා යමින් සිටියදී මෙසේ අනතුරට ලක්ව ඇතැයි පොලිසිය සදහන් කළේය .
අනතුරින් පියා, මව , දියණියන් තිදෙනකු සමග පියාගේ සහෝදරියක තුවාල ලබා ඇති බවත් , මොවුන්ගේ තත්ත්වය තරමක් බරපතළ බවද රෝහල් ආරංචි මාර්ග පැවසීය .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd