(කේ. බුද්ධික කුමාරසිරි)

හයිලෙවල් මාර්ගයේ පන්නිපිටිය  ඉන්ධන පිරවුම්හල ඉදිරිපිටදී  ත්‍රිරෝද රථයක සුඛෝපභෝගී බස් රථයක් ගැටීමෙන් අද (24) උදෑසන සිදු වූ අනතුරකින්  එක් අයෙකු මියගොස් තවත් සිව් දෙනෙකු රෝහල් ගත කර ඇතැයි ඇතැයි මහරගම පොලිසිය පවසයි.

අනතුරින් මිය ගිය එක් අයෙකු සහ බරපතල තත්වයේ සිටින තවත් රියදුරෙකු බව කියන අයෙකු සමඟ තුවාල කරුවන් තිදෙනෙකු රෝහලට රැගෙන ආ බව හෝමගම මූලික රෝහලේ ප්‍රකාශකයෙකු පැවසීය

මාර්ගය හරහා අපරික්ෂාකාරීව ධාවනය කළ බස් රථය මාර්ගයේ දකුණු පසට ධාවනය වී නතරකර තිබූ ලොරි රථයක පිටුපස ගැටීමෙන් එම ලොරි රථය ඉදිරියට තල්ලුවීගොස් නවතා තිබූ තවත් ලොරි රථයකද ගැටී ඇති බවද පොලිසිය පවසයි