(ජේ.කේ.එල්. චාමින්ද)
රූමස්සල කඳුවැටියේ ගල්පරවල වැදී අනතුරකට ලක්වූ භාණ්ඩ ප්‍රවාහන නෞකාව එම ස්ථානයෙන් කඩිනමින් ඉවත් කරගන්නා ලෙස අදාළ නැව් සමාගමට දැනුම් දී ඇති බව සමුද්‍රජිවි පරිසර ආරක්ෂණ අධිකාරියේ සාමාන්‍යධිකාරි ආචාර්ය ටර්නි ප්‍රදිප් කුමාර මහතා පැවසීය.
සමුද්‍ර දුෂණ වැළැක්වීමේ පනතට අනුව මෙකී නෞකාව මෙම ස්ථානයෙන් ඉවත් කිරීමට දැනුම් දුන් බවත් අනතුරට ලක්ව ඇති නෞකාව කපා හෝ කොටස්වලට ගලවා ඉවත් කිරීමට සිදුවන බවත් ආචාර්ය ටර්නි ප්‍රදිප් කුමාර මහතා ප්‍රකාශ කළේය.
අනතුරට ලක්ව ඇති නෞකාව මුහුදෙන් පාකරගෙන යාමට හෝ ටග් යාත්‍රා මගින් ඇද ගැනීමට නොහැකි බවත් එසේ කිරීමට නම් නැවත සුනාමි වගේ තත්වයක් ඇතිවිය යුතු බවද සමුද්‍රජිවී පරිසර ආරක්ෂණ අධිකාරියේ සාමාන්‍යධිකාරිවරයා සඳහන් කළේය.
මේ පිළිබද අදහස් දක්වමින් ආචාර්ය ටර්නි ප්‍රදිප් කුමාර මහතා මෙසේද පැවසීය.
"මගේ අත්දැකිම් අනුව අනතුරට ලක්ව ඇති නෞකාව පාකරගෙන යන්න බැහැ. කපලා තමයි ඉවත්කරන්න වෙන්නේ. නැව ඉවත් කරගන්නා ලෙස අදාළ නැව් සමාගමට දැනුම් දීලා තියෙනවා. ගල්පර තියෙන නිසා ටග් යාත්‍රා මගින් ඇදගෙන යන්න බැහැ. නෞකාව ඉවත් කිරීමේ කටයුතු සිදුවිය යුත්තේ සමුද පරිසර ආරක්ෂණ අධිකාරියේ අධික්ෂණය යටතේය. නෞකාව ඉවත් කිරීමේදී නැව ගලවන්නේ කොහොමද, නෞකාව ඉවත් කිරීමේ ක්‍රමවේදය පිළිබද අපි අධීක්ෂණය කරනවා.
ගල්වල වැදීම නිසා නෞකාවේ පතුලට හානිවෙලා ඇති. කොහොම වුනත් මෙම නෞකාව මෙම ස්ථානයෙන් ඉවත් කිරීමට තව මාස ගණනාවක් යාවි. බොනවිස්ටා කොරල පරයට හානියක් වෙලා නැහැ. තෙල් විසිරිමක් වුණා. නම් බොනවිස්ටි කොරල් පරයට හානියක් වෙන්න තිබුණා. නමුත් සමුද්‍රිය පරිසර ආරක්ෂණ අධිකාරිය නිරන්තරයෙන් මේ ගැන අවදියෙන් සිටිම නිසා මුහුදුට තෙල් විසිරිමක් වෙන්න ඉඩ තැබුවේ නැහැ. අදාළ සමාගම දැනුවත් කරලා අවශ්‍ය කටයුතු කළා. දැන් තියෙන්නේ මෙම ස්ථානයෙන් නෞකාව ඉවත් කරගැනීම පමණයි. බොනවිස්ටා කොරල්පරය තියෙන්නේ නෞකාව අනතුරට ලක්වු ස්ථානයට ඈතින්. නමුත් නෞකාව අනතුර වු ස්ථානයේ මුහුදු පතුලට යම් හානියක් වෙන්න ඇත. ඒ ගැන සොයා බලන්න දැන්ම බැහැ මුහුද රළු නිසා. ඇමතිවරයා හැටියට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා හා පරිසර අමාත්‍යංශයේ ලේකම්තුමා මේ ගැන නිරන්තරයෙන් සෙයා බැලුවා. එතුමන්ලගේ අධීක්ෂණය නිසා බෙනවිස්ට් කොරල්පරයට විමට ගිය මහා විනාශයක් වළක්වා ගැනීමට සමුද්‍රජිවි පරිසර ආරක්ෂණ අධිකාරියට හැකිවු ණා" ආචාර්ය ටර්නි ප්‍රදිප් කුමාර මහතා සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නැව කපලා ඉවත් කරන්නේ නැතිව ඒ තුළ ඇති පරිසරයට හානිකර දේවල් (තෙල්, ග්‍රීස් වැනි දේ) ඉවත් කර එසේම තියෙන්නට හැරියා නම් එහි බඳ කොරල් වලට සහ ජලජ ජීවීන්ට හොඳ අභිජනන භූමියක් වෙයි නේද ? රූමස්සල බලන්න එන සංචාරකයන්ටත් හොඳ ආකර්ශනයක් වෙයි. මේ වෙරලේ මුහුදු කෑමත් යම්තාක් දුරකට වලකියි !
ග්‍රීසියේ සයිකින්ටෝස් කියන දුපතේ වෙරළට ගොඩ ගහපු නැවක් තිබෙනවා එක බලන්න අවුරුද්දකට සංචාරකයෝ ලක්ෂ ගණනක් එනවා , නැවේ තෙල් වැනි පරිසරයට හානිදායක රසයන් ද්‍රව්‍ය ඉවත් කර මේක සංචාරක ආකර්ශනයක් ලෙස තබාගන්න පුළුවන් .
ආරියසීලගෙන් අැහුවේ නැද්ද?
මේ මොහොතේ රවී මේ විෂය භාර ඇමති නං, මේ වෙනවිට මේ නෞකාව රජයට පවරලා, යකඩ බරට විකුණලා ඇති.