පාර්ලිමේන්තු පාරේ දමා තිබූ මාර්ග බාධයකය ඉවත් කරගෙන පාර්ලිමේන්තුව දෙසට යන විශ්ව විද්‍යාල සිසුනට මීට ටික වේලාවකට පෙර ජල ප්‍රහාර එල්ල විය.

ජල ප්‍රහාර කිහිපයක් එල්ල කළද එය නොතකා ඉදිරියට යන සිසුනට කඳුළු ගෑස් ගැසීමට පටන් ගත්තේය.  කඳුළු ගෑස් බඳුන් අහුලා සිසුහු පොලිසිය දෙසට විසි කළහ.

ඒ සමඟම අසල ගස්වලින් පොලු කඩා ගත් පිරිසක් සිසුනට පහර දෙන්නට වූහ. එම පිරිස අතර පොලිස් විශේෂ කාර්ය බළකායේ නිල ඇඳුමට සමාන ඇඳුම් ඇඳ සිටි අය ද විය.

පොලිසිය සහ පොලිසි විශේෂ කාර්ය බළකායේ විශාල පිරිසක් මාර්ගය දෙපස සිටිති.

DSC_5755 DSC_5765 DSC_5777 DSC_5810 DSC_5813 DSC_5831 DSC_5836 DSC_5839 DSC_5845 DSC_5846 DSC_5861 DSC_5863 DSC_5876 DSC_5881 DSC_5896 DSC_5901 DSC_5902 DSC_5904 DSC_5908 DSC_5911 DSC_5938 DSC_5955 DSC_5959 DSC_5961