ශ්‍රී ලංකාවට පැමිණෙන විදේශිකයින් සදහා අන්තර්ජාලය ඔස්සේ වීසා නිකුත් කිරීම රාජ්‍ය අංශයේ සාර්ථකම සේවාව බවට පත්ව ඇතැයි ආගමන විගමන පාලක චුලානන්ද පෙරේරා මහතා කියයි.
මෙම ඉ - සේවාව යටතේ මසකට විසා ලක්ෂයකට ආසන්න ප්‍රමාණයක් කිසිදු අවහිරයකින් තොරව නිකුත් කෙරෙන බව සදහන් කළ ඒ මහතා කියා සිටියේ පසුගිය වසරරෙහි රුපියල්සිය කෝටියක ආදායමක් උපයාගෙන ඇති බවයි.
2025 දෙසැම්බර් මස 18
296
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
198
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
996
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අන්තර්ජාල සේවා රට සල්ලි ලේසියෙන් අදී
සෞදි-සිංහ Thursday, 04 July 2013 08:09 PM
විදේශිකයන්ට වීසා ගන්න විතරක් නෙවි ස්වදේශිකයන්ටත් රජයෙන් ලබාගතයුතු බොහෝ කටයුතු ක්‍රමයට ලබාදෙන්න කටයුතු කලොත් මහජනයාටත් පහසුයි, කාලයත් ඉතිරියි, තව බොහෝ වාසි සහිතයි. (අ)
දම්මික පෙරේරා Thursday, 04 July 2013 09:07 PM
ශ්‍රී ලාංකිකයන් වෙනත් රටවලට යන විට විසා වලට ලොකු මුදලක් ගෙවනවා. එනිසා අපේ රටට එන සංචාරකයන්ට විසා වලට මුදල් අය කිරීම ඉතාම සාධාරණයි . අනික් එක අන්තර්ජාලයෙන් විසා ගෙනීම ඉතා පහසු දෙයක් (අ)
සරත් Thursday, 04 July 2013 09:32 PM
වෙන රටවල් වීසා දෙද්දී සහ රටට ඇතුළු වෙද්දී හොදට හොයලා බලනවා. අපේ රටට නම් ඕනෑම විදියක කෙනෙක් වද්දාගන්නවා (නි)
විජේසිරි Thursday, 04 July 2013 09:48 PM
මොනවද මේ මහත්තයා කියන්නේ මම වැඩ කරන්නේ ලංකාවේ තානාපති කාර්යාලයේ විසා ගන්න මිනිසුන්ට තියන කරදර හැමදාම දුරකතනයෙන් අමතල කියනවා පිටුව වැඩ කරන්නේ නැහැ. හරියට ඊ-මේල් වලට පිළිතුරු එන්නෙම නැහැ. කතාකලම කවුරුවත් ගන්නේ නැහැ. මින්සුන්ට හරි කරදෙරයක් වෙලා මේ විසා පිටුව හරියට වැඩ කරන්නේ නැහැ. මම ඇතුලත් කරන විසා වලට යම් වෙනසක් කර ගන්න හෝ වෙනත් දෙයකට ලියලා යවුවට පිළිතුරැ නැහැ. මේ මොන බොරු කතා ද අපි වැඩ කරන නිසා දන්නවා මේක පොඩි ළමයෙක් හදපු වැඩ කරන්නේ නැති වෙබ් පිටුවක්.(නදී)
මාටින් Friday, 05 July 2013 11:06 AM
ඕවා වෙන රටවල් වල කරන්නේ අවුරුරුදු 20-30 කට කලින් ඉදලා (නි)
පිටබෙද්දර ජයා Friday, 05 July 2013 03:45 AM
පිටරට ඉඳලා අම්මා, තාත්තා බලන්න එන ස්වාදේශිකයන්ගෙනුත් සල්ලි අයකරන ලෝකේ තියෙන එකම රටත් අපේ ශ්‍රී ලංකාව වෙන්නැති නේද ?(නදී)
ලකී ජයසූරිය ලන්ඩන් Friday, 05 July 2013 03:57 AM
අපි පරක්කු වැඩියි. ඒත් කමක් නැහැ ගොඩක් සේවාවන් අන්තර් ජාලයට මුදාහරියනම් ලංකාවේ පෝලිම් යුගය අවසන් වෙයි.(නදී)
ලුම්බිණි Friday, 05 July 2013 05:46 AM
මම යෝජනා කරනවා ආදායම විතරක්ම බලාගෙන දේවල් කරන්න යන්න එපා කියලා. අනික ශ්‍රී ලාංකිකයන්ට වෙන රටවලට යනකොට වීසා වලට සල්ලි ගෙවන්න වෙනවා කියන එක හේතුවක් නොවෙයි, අපිත් සංචාරකයන්ගෙන් වීසා වලට සල්ලි අය කරන්න. (නි)
මංගල Friday, 05 July 2013 06:43 AM
ගන්න මුදල් වලින් වැඩක් වෙනවා නම් හොදයි (නි)
පිටබෙද්දර ජයා Thursday, 04 July 2013 06:32 PM
මහත්තයල ඉතින් ආදායම විතරනේ බලන්නේ නේද ? (දී)
වාසනා Thursday, 04 July 2013 06:43 PM
මම දන්නේ නැහැනේ ඒ කොහොමද (දී)
ජීවන් Thursday, 04 July 2013 06:52 PM
මේවා අද කාලේ ලෝකෙට අලුත් දීවල් නෙවේ අපට අලුත් උනාට. ඒක නෙවේ ප්‍රශ්නේ ඔය ආදායම කොහාටද ගියේ.... (දී)