ශ්‍රී ලංකාවට පැමිණෙන  විදේශිකයින් සදහා  අන්තර්ජාලය  ඔස්සේ   වීසා  නිකුත් කිරීම රාජ්‍ය අංශයේ  සාර්ථකම සේවාව බවට පත්ව ඇතැයි ආගමන විගමන පාලක චුලානන්ද පෙරේරා මහතා කියයි.

මෙම ඉ - සේවාව  යටතේ  මසකට විසා ලක්ෂයකට ආසන්න  ප්‍රමාණයක්  කිසිදු  අවහිරයකින් තොරව නිකුත්  කෙරෙන බව සදහන් කළ  ඒ මහතා  කියා සිටියේ පසුගිය වසරරෙහි  රුපියල්සිය කෝටියක ආදායමක්  උපයාගෙන ඇති බවයි.