අන්තර්ජාලය ඔස්සේ පුරා පැය විසි හතරක් පැවති ‘අයි ට්‍රිපල්ඊ එක්ස්ට්‍රීම් 8.0‘ නම් ජාත්‍යන්තර සුප්‍රසිද්ධ පරිගණක ප්‍රශ්න පිළිතුරු වැඩසටහනට ඉදිරිපත්වූ මොරටුව විශ්ව විද්‍යාලයේ ඉලෙක්ට්‍රොනික් සහ විදුලිය සංදේශ ඉංජිනේරු අංශයෙන් ‘ඌප්ස්‘ ශිෂ්‍ය කණ්ඩායම තෙවැනි ස්ථානය හිමිකර ගැනීමට සමත් වූ බව මහාචාර්ය රොහාන් මුණසිංහ පැවසීය. රටවල් සියයක් පමණ මේ තරඟයට ඉදිරිපත් විය.
මෙම තරඟය ඔක්තෝබර් 18 උදේ 5.30 ට ආරම්භවී 19 උදේ 5.30 දක්වා අඛණ්ඩව පැවැත්විණි.
ජයග්‍රහණය හිමිකරගත් ශිෂ්‍ය කණ්ඩායමට වරුණ ජයසිරි සහ තිළිණ අඹගහවත්ත නමැති පශ්චාත් උපාධි අපේක්ෂකයින් සහ අවසන් වසරේ ශිෂ්‍ය නිපුණ සමරසේකර ඇතුළත් විය. මෙම ශිෂ්‍ය කණ්ඩායම තරඟය අවසන්වීමට පැය දෙකකට පෙරාතුව තම පිළිතුරු ලියා අවසන් කිරීමද විශේෂත්වයකි.
මෙය ජාත්‍යන්තරව සුපතළ සුවිශේෂී මෙන්ම අග්‍රගන්‍ය තරඟයකි. එක දිගට ප්‍රශ්න විසිතුනක් මෙහිදී අන්තර්ජාලය හරහා ඉදිරිපත්වෙයි. ඒ සඳහා විසඳුම් ලහිලහියේම සැපයිය යුතුය. මෙම තරඟයට සහභාගීවුණු තණ්ඩායම් ඉදිරිපත් කර තිබුණ විසඳුම් සංඛ්‍යාව ලක්ෂ තුනකි. ඒ අතරින් හොඳම පිළිතුරු තෝරාගෙන එහි ප්‍රතිඵල දැනට දින කිහිපයකට පෙර නිකුත් කළේය.
මෙම තරඟයේ ප්‍රථම ස්ථානය අයිස්ලන්තයේ රික්ජාවික් විශ්වවිද්‍යාලයත් දෙවැනි ස්ථානය අමෙරිකාවේ නිව්යෝර්ක් විශ්ව විද්‍යාලයටත් හතරවැනි සහ පස්වැනි ස්ථාන චීනයේ සන් සැට්යෙන් විශ්ව විද්‍යාලයටත් හිමිවිය.
අමෙරිකාව කේන්ද්‍රකොට ගත් අයි ට්‍රිපලි එක්ස්ට්‍රීම් නමැති ලෝකයේ පිහිටි අග්‍රගන්‍ය හා විශාලතම විද්‍යුත් හා විදුලිය ඉංජිනේරු ජාලය මඟින් මෙම තරඟය පවත්වයි.
මොරටුව විශ්වවිද්‍යාලයයේ ජයග්‍රාහී ශිෂ්‍ය කණ්ඩායමට මග පෙන්වීමත් අධීක්ෂණයත් කළේ මහාචාර්ය රොහාන් මුණසිංහ සහ ආචාර්ය රංග රොද්‍රිගු යන මහත්වරුන්ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජානකි, හොඳ ප‍්‍රතිචාරයක්, මමත් කටුබැද්දේ දක්ෂ වැඩක්, වර්ජන, ගර්ජන, නවකවදය ජීවිතය කරගත් උන් මේක වනසනවා. (බ)
මගේ සුබපැතුම් අපේ වීරයන්ට.(හේ)
සරසවි සිසුන් ගැන පළවුණ වෙනත් ලිපියකට අදහස් දක්වපු අපේ උගත් පාඨකයෝ බොහොමයක් ලංකාවේ සරසවි සිසුන් දැක්කේ උද්ඝෝෂණ කිරීමට පමණක් දන්නා පිරිසක් විදියට යි. අද කෝ ඒ අය ගේ අදහස්? මේ කණ්ඩායමට සුබ පතනවා. ඉදිරියටත් ජයෙන් ජය ම වේවා...! (හේ)
ලංකාවෙ ඉන්ජිනෙරුවො තමයි ලෝකෙ ඉන්න දක්ෂයෝ . එක වෙන රටවල අයත් එක්ක වැඩකරන කොට තේරෙනව. (අ)
අපේ රටේ මොනතරම් සම්පත් තියෙනවාද කියලා දැන් තමයි තේරෙන්නේ (දී)
සුභපැතුම් යාලුවනේ (දී)
ඇත්තෙන්ම ආඩම්බරයි අපේ විශ්වවිද්‍යාලය ගැන. අපි ලෝකෙන්ම 282 වුනා.ළඟදීම මේ අයියලගේ මට්ටමට එන්න ඕන.(හේ)
මොරටුව විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨ සිසුන් කවදාවත් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ පටු දේශපාලනික අවශ්‍යතා සපුරන්න කඩේ ගියේ නෑ. ප්‍රශ්නයක් තිබුන නම් ශිෂ්‍ය නායකයෝ පරිපාලනය එක්ක කෙලින්ම සාකච්ඡා කළා. අඩු වයසෙන් විශ්ව විද්‍යාලයෙන් පිට වෙලා හොඳ රස්සාවල නියුතු වෙලා රටට වැඩක් කරනවා. තෙරුවන් සරණයි. !!! (අ)
මේ ළමයින් අන්තරේට සම්බන්ද නැතුව ඇති.එක නිසා තමා මේ වගේ ජයග්‍රහණ ලබා ගන්න පුළුවන්.සුබ පැතුම්. (දිල්)
උණුසුම් සුබපැතුම්. බුදුසරණයි.! (ර)
ලංකාව ජයග්‍රහණය කරා ගෙනගිය අපේ දරුවන්ට සුබ පැතුම්.! (ර)
හද පිරි සුභ පැතුම්.! තිළිණ මල්ලි කොහොමත් වැඩ කාරයා නේ. (ර)
අපේ දක්ෂ පුතුන්ට සුබ පැතුම් (බ)
මගේ උණුසුම් සුබ පැතුම්.(හේ)
මගේ හෘදයාංගම සුබ පැතුම්! (නි)
ගණිතය අංශයන් ලන්කවන්ම පලුමු තැනට අපු අපේ නිපුන මල්ලිත් මේ පොටෝ එකේ ඉන්නවා.ඔබට අපේ උණුසුම් සුබ පැතුම් ! (බ)
මගේ හෘදයාංගම සුබ පැතුම් (බ)
හරිම සතුටුයි. තව තවත් ජයග්‍රහණ .ලැබේවා. (දිල්)
රටටම ආඩම්බරයක්. උණුසුම් සුබ පැතුම්.(හේ)
සුබ පැතුම්.(හේ)
සියළුම දෙනාටම උණුසුම් සුභ පැතුම්.(හේ)
අපේ ළමයින් දක්ෂයි.තව ඉදිරියටම යන්න පුළුවන්.(හේ)
ජය වේවා.(හේ)
එක සිතින් සුබ පතනවා මේ ලැබූ ජයග්‍රහණයට.(හේ)
අපට බැහැ ,කියා කියා ඉන්න උදාසීන,මිනිසුන්ට මෙය හොඳ පිළිතුරක්.බැහැ නොකියා හැම විටම ඕනෑම අභියෝකයකදී උත්සහ කර බලමු.අපිටත් පුළුවන් බව ප්‍රතිපලයෙන් පෙනේවි .(හේ)
අපට බැහැ, කියා කියා ඉන්න උදාසීන මිනිසුන්ට මෙය හොඳ පිළිතුරක්. බැහැ නොකියා හැම විටම ඕනෙම අභියෝකයකදී උත්සහ කර බලමු. අපිටත් පුළුවන් බව ප්‍රතිපලයෙන් පෙනේවි. (ර)
මගේ සුභ පැතුම්.! (ර)
සුභ පැතුම්! මෙන්න මේ වගේ රටට වැඩ ඇති දරුවන්ට අපේ මහන්සියෙන් උපයන බදු සල්ලි වියදම් කරලා යහපතක් කරන්න. දකිනකොටත් අවංක සතුටක් එනවා. වර්ජන, ගර්ජන, නවකවදය ජීවිතය කරගත් අයට අපේ කිසිම පැහැදීමක් නැහැ. (නි)
ලංකාව ජයග්‍රහණය කරා ගෙනගිය අපේ දරුවන්ට සුබ පැතුම් !!! (නි)