උසාවි නියෝග නොතකා විරෝධතා පාගමනින් ජනපති කාර්යාලයට යෑමට උත්සාහ කරද්දී පොලිස් අත්අඩංගුවට පත්ව රිමාන්ඩ් කැරුණු අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ සිසුන් තිදෙනාට අද (16) ඇප ලබාදීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මහතා නියෝග කළේය.
රිමාන්ඩ් භාරයේ සිටි අමිල ප්‍රදීප්, දිමුත් තෙන්නකෝන් සහා කෝකිලා සමන්මලී යන තිදෙනා එසේ රුපියල් ලක්ෂ දෙක බැගින් වූ ශරීර ඇප මත මුදා හැරිණි.
උසාවි නියෝගය නොතකා ක්‍රියාකළ අනෙක් සිසුන්ද අත්අඩංගුවට ගෙන උසාවියට ඉදිරිපත් කරන්නැයි මහේස්ත්‍රාත් පොලිසියට නියෝග කළේය.
නඩු විභාගය ජූලි 8 වැනිදාට කල් තැබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ අපිට ළමයිනේ ඔය විශ්ව විද්‍යාල ඕනෑ නැහැ. වළල්ලක් අඹරාගෙන පොල් ගහකට නැගලා පොල් ටිකක් කඩලා ජීවත්වෙමුකෝ. එතකොට ඔය දේශපාලකයන්ගේ පුත්තු උපාධි අරගෙන එන්නේත් නැහැනේ අපේ ඡන්දෙ ඉල්ලන්න (නි)
තරුණ ලේ උණුසුම් කියලා කතාවක් තියෙනවනේ. ජයම්පති, වැස්සකටවත් ගොඩවෙන්නකෝ විශ්ව විද්‍යාලයක වහළයක් යටට (නි)
චන්ද්‍ර, මමත් මොරටුව විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය ලැබුවා. මට එදත් පෙනුනේ මේවා ගොන් වැඩ විදිහට. අදත් පෙනෙන්නේ එහෙමයි. රට වෙනස් කරන්න මේ මෝඩ වැඩ වලින් බැහැ. රටේ මිනිසුන්ගේ මතය මීටවඩා වෙනස් වෙන්න ඕනෑ. මොකද රටේ තියෙන්නේ සර්වජන ඡන්ද බලය නිසා. හිත පිරිසිදු පිරිසක් වෙනම පක්ෂයකින් ඉල්ලිය යුතුයි. (නි)
ගරු ජනාධිපතිතුමනි, පිලිපීනයේ නව ජනාධිපති එරට හැම ඇමතිවරයෙකුටම සුඛෝපභෝගී වාහන වෙනුවට ටොයෝටා අවන්සා කියන වාහන ලබාදීමට නියම කරලා. ලංකාව දුප්පත් රටක් නිසා ටාටා කැබ් ඉතාමත් හොඳයි. මිලත් අඩුයි. ඕනෑම තැනකට යන්නත් පුළුවන්. (නි)
ජයම්පති, ඔබ හරි. සමහරු අදහස් දාලා තියෙන්නේ විශ්ව විද්‍යාල ශිෂ්‍යයන් තරුණ නිසා අනික් ශිෂ්‍යන්යට ලිංගික වදහිංසා දෙන්න මේ අයට අයිතියක් තියෙනවා, ඊට විරුද්ධව නීතිය ක්‍රියාත්මක නොකළ යුතුයි යන්න පිළිඅරගෙනයි. සමහරුන්ට මේ ශිෂ්‍යයින් බංකොළොත් දේශපාලුවන්ගේ බළල් අත් බව තේරුම් ගන්නවත් බැරි බව පේනවා. (නි)
චන්ද්‍ර වීරසිංහ, වැස්සකටවත් ගොඩවෙන්න වටිනා තැනක්ද ඔතන, බවලතුන්ට නවකවදය මුවාවෙන් ලිංගික අඩම්තේට්ටම් සිද්ධ වෙනවා නම්. ඔතනට ගොඩවෙලා විතරක් ජීවිතේ හරියන්නේ නැහැ (නි)
සනුකි, ඉතාමත් කාලෝචිත අදහසක්. ටාටා කැබ් එකක මිල මේ ගෙන්වන්න යන වාහනවල මිලෙන් 1/30 යි. ඕනෑම කන්දක පල්ලමක යන්න පුළුවන්. ඒ වගේම පාවිච්චි කරන්න යන වියදමත් ගොඩක් අඩුයි. මේ සල්ලි වලින් රටේ ගෙවල් නැති ලක්ෂ සංඛ්‍යාත ජනතාවට ගෙවල් හදලා දෙන්න. (නි)
සනුකිගේ අදහසට විශාල ප්‍රචාරයක් ලබාදෙන්න. හැමෝම මේ වෙනුවෙන් කතාකරන්න. (නි)
අපරාදේ ඇප දුන්නේ. මේ වගේ අය හින්දා ඉගෙනගන්න අයටත් ඉගෙනගන්න නැහැ (නි)
සනුකි, යන්නේ කොහෙද මල්ලේ පොල්. වාහන අදාළ වෙන්නේ කොහොමද මේ මාතෘකාවට? කොහොම වුණත් අදහස හොඳයි. ඇයි ටාටා? ටොයෝටා ඩබල් කැබ් එකක් දුන්නා නම් අවුරුදු ගණනාවක් පාවිච්චි කරන්න පුළුවන්. (නි)
සෑම්, ටාටා ටොයෝටා වලට වඩා ගොඩාක් ලාබයි. ඉතුරුවෙන සල්ලි වලින් අඩු පෝෂණය ලබන පවුල්වලට ආහාර සලාක ක්‍රමයට ලබාදීමට මෙම මුදල් යොදවන්න. ඒ වගේම කන බොන දේවලින් සියලු බදු ඉවත් කරන්න. ඒ වගේම අහාර මිලට ඍජුව බලපාන පොහොර, බීජ, ගොවි උපකරණ නොමිලේ ලබාදෙන්න. (නි)
මේ අය අධ්‍යාපනය ලබන්නේ ජාතික ධනයෙන් කියන එක හුඟක් වෙලාවට අමතක කරනවා. පිස්සු නටල විනාශ කරන්නේ මහජන ධනය සහ දේපල පමණක් නොවෙයි, රටට හිමිවිය යුතු තරුණ ජීවිත, ශ්‍රමය හා උන්නතියයි. කෙටි හා පටු ලාබ ප්‍රයෝජන බලාපොරොත්තුවෙන් මෙවන් ක්‍රියා කරන හා කරවන කොටස් ගැන ලැජ්ජයි (බ)
මම නම් වැස්සට නොවේ, අවුරුදු හතරක්ම ඔය විශ්ව විද්‍යාලයේ ගතකලා, ඔය එක සටනකින්වත් ශිෂ්‍යයෝ දිනලා නෑ, තිබුන අයිතිවසිකමුත් නැති වුනා, දැන්වත් මෝඩකම් අත්හැරලා, ඉගෙන ගන්න බලන්න, නවකවද වගේ දේවල් තවත් කරන්නේ නැතුව තියෙන දේවල් ආරක්ෂා කරගන්න බලන්න (හේ)
මේකට හොඳම පිළියම සියලුම ශිෂ්‍ය සංගම් තහනම් කරලා, උපාධි වලට සල්ලි අරගන්න ඕන. නැත්නම් මෙගොල්ලො කවදාවත් හැදෙන්නේ නේ. (බ)
දරුවනේ, ඉක්මනට විශ්ව විද්‍යාලයට යන්න. රටේ නීතිය කඩන එක ශිෂ්‍ය මර්දනය කියලා අලුත් අර්ථකතනයක් දීලා අනික් විශ්වවිද්‍යාල වල ළමයිනුත් වර්ජනයක. ලොකු දෙයක් වෙන්න කලින් ඒක එයාලට හරියට පැහැදිලි කරලා දෙන්න. (හේ)
චන්ද්‍ර වීරසිංහ, යහපත් ආකල්ප නොමැති නොහික්මුණු, හික්මීමක්, රටේ නීතියට ගරු නොකරන පිරිසක් ලබන උසස් අධ්‍යාපනයකින් රටකට සෙතක් සැලසෙන බව ඔබ විශ්වාස කරනවාද? (ර)
ජයම්පති මහත්මයා, එතකොට හිතෙන හිතෙන වෙලාවට විශ්ව විද්‍යාල වහන්නයි, ළමයි අත්අඩංගුවට ගන්නයි... මේවට මොකද කියන්නේ. පාලකයින්ට උවමනා දේ නෙමෙයි කරන්න ඕනෑ. හරිදේයි කරන්න ඕනෑ. ලංකාවේ කිසිදෙයක් දිනාගන්න බැහැ උද්ඝෝෂණ නොකර. (නි)
හොඳ පාඩමක් උගන්වන්නයි තිබුණේ අනෙක් අයටත් පාඩමක් වෙන්න (නි)
ඇත්තෙන්ම අතිවිශිෂ්ට ආකාරයට නඩු විසඳන ශ්‍රේෂ්ඨ විනිසුරුවරයෙක් (නි)
යන ගමන අතරමැද නතර කරලා නරි හුවක් පස්සෙත් දුවන අපේ මිනිස්සු දැක්කාම, විශ්ව විද්‍යාල සිසුන් කොයි මගද යන්නේ කියලා හිතා ගන්න පුළුවන්? (ර)
නුඹලට ඉගෙනගන්න අපි ගෙවන බදු සල්ලි වලින් කොටසක් වියදම් කරලා යුරෝපයට එක්කගෙන එන්න ඕනෑ මෙහෙ ළමයි ඉගෙනගන්න හැටි පෙන්නන්න. (නි)
හැසිරුණු විදියට නම් ඇප දෙන්න වටින්නේත් නැහැ. (නි)
ජයම්පති, විශ්ව විද්‍යාලයට තේරිලා යන්නේ අනාගතය ගැන විමර්ශනයෙන් යුතු ජාතියේ ජීවනාලිය වන තරුණ තරුණියන්. ඔවුන් ඉස්සර වගේ රතු කමිස, නිල් කමිස, කොළ කමිසකාරයන්ගේ බහට අනාගතය අඳුරු කරගන්නේ නැහැ. ඔවුන්ගේ දේශපාලනය ඔය කියන පාලනය නෙමෙයි, සැබෑ යහපාලනයයි !! (නි)