උසාවි නියෝග නොතකා විරෝධතා පාගමනින් ජනපති කාර්යාලයට යෑමට උත්සාහ කරද්දී පොලිස් අත්අඩංගුවට පත්ව රිමාන්ඩ් කැරුණු අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ සිසුන් තිදෙනාට අද (16) ඇප ලබාදීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මහතා නියෝග කළේය.
රිමාන්ඩ් භාරයේ සිටි අමිල ප්‍රදීප්, දිමුත් තෙන්නකෝන් සහා කෝකිලා සමන්මලී යන තිදෙනා එසේ රුපියල් ලක්ෂ දෙක බැගින් වූ ශරීර ඇප මත මුදා හැරිණි.
උසාවි නියෝගය නොතකා ක්‍රියාකළ අනෙක් සිසුන්ද අත්අඩංගුවට ගෙන උසාවියට ඉදිරිපත් කරන්නැයි මහේස්ත්‍රාත් පොලිසියට නියෝග කළේය.
නඩු විභාගය ජූලි 8 වැනිදාට කල් තැබිණි.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.