ශ්‍රී ලංකා රග්බි සංගමය සංවිධානය කරන මෙවර ‘ඩයලොග්’ ලීග් රග්බි තරගාවලියේ තරග කීපයක් පළමු වරට දිවා/රාත‍්‍රි තරග ලෙස විදුලි ආලෝකය මධ්‍යයේ පැවැත්වීමට නියමිතව තිබේ. ක‍්‍රීඩාංගණ තුනක් මේ වන විට දිවා/රාත‍්‍රි තරග පැවැත්වීමට සූදානම් කරන බව ද වාර්තා වේ. ශ්‍රී ලංකා රග්බි සංගමයේ සභාපති අසංග සෙනෙවිරත්න මහතා අද (30) පැවැති මාධ්‍ය හමුවේදී පැවසුවේ දිවා/රාත‍්‍රි තරග පැවැත්වීමට ක‍්‍රීඩා සමාජ දෙකක් මේ වන විටත් එකඟතාව පළකර ඇති බවයි. වැලිසර නාවික හමුදා රග්බි පිටිය මේ වන විටත් රාත‍්‍රි තරග පැවැත්වීය හැකි ලෙස සංවර්ධනය කර තිබේ. හැව්ලෝක්ස් රග්බි පිටිය ද මේ දිනවල රාත‍්‍රි තරග පැවැත්විය හැකි ආකාරයට සංවර්ධනය කරමින් පවති. කොළඹ පැරණි තුරඟ තරග පිටිය රාත‍්‍රි තරග පැවැත්විය හැකි ආකාරයට සංවර්ධනය කරන බව ද වාර්තා වේ.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙන්න විදුලිය ඉතිරිකර ගන්න නව ක්‍රමයක් .....වැදි බණ.
මේව කාගේ අදහස්ද කියල හිතාගතහැකි..
රොෂාන් ඔයා හරි . මෙයාලට ඕන කැන්ඩි අය නැති කරන්න. වැඩකාරයෝ ඉන්නේ කැන්ඩි ටීමි එකේ .
කෝ මේ ඇමතිලා?
ඈයි කැන්ඩි නැත්තේ ?මේව කාගේ අදහස්ද?
මෙයාලට ඕන මහනුවර රගර් නැති කරලා නෙවි එක උස්සන්න ..ක්‍රීඩා ඇමතිත් මහනුවර.. එත් ?????
ගමගේ, හැම එකේම වැරැද්දක් දකින්න එපා. මෙච්චර කල් රෑට ක්‍රිකට් මැච් ගහනකොට කොහෙද ඔය කට තිබ්බෙ.