රජරට රැජිණ දුම්රියේ රියදුරු එම්.ඩී.ඒ.කුමාරසිරි මහතාගේ දක්ෂකම හේතුවෙන් අනතුර වළක්වාගත් බව මගීහු කියති. දුම්රිය ගේට්ටුකරු ටියුඩර් සිල්වා රතු කොඩියක් වනමින් දුම්රිය පාරෙන් දිවීමත් අසල පිහිටි පියදිගම ගුවන් පාලමේ සිටි මගීන්ගේ කෑ කෝ ගැසීමත් නිසා අනතුරක සංඥාවක් ඇති බව රියදුරු කුමාරසිරි මහතාට දැනගැනීමට හැකි විය.
මගීන් පැවසූයේ මාතර දුම්රියේ රියදුරා දුම්රිය නවත්වා ගන්නා විට දුම්රිය දෙක අතර පරතරය අඩියකට දෙකකට වඩා නොවැඩිවූ බවයි. දැඩි කම්පනයකට ලක්ව සිටි කුමාරසිරි මහතා දුම්රිය මගීන් විසින්ම රෝහල් ගත කරනු ලැබීය. කොළඹ සිට ගිය දුම්රිය ඉන් මද වේලාවකට පෙර ගිංතොට දුම්රිය පොළ දක්වා පස්සට ගනු ලැබීය.
ගාල්ලේ දුම්රිය ආරක්ෂක නිලධරයෝ ද එහි පැමිණ පරීක්ෂණ ඇරඹූහ.
ජායාරූප - ක්‍රිෂාන් ජිවක ජයරුක්



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමු ! (බ)
දේශපාලන පත්වීම් වලින් දුම්රිය දෙපාර්තමේන්තුව පුරවා දැමු විට මෙවැනි ප්‍රශ්න ඇතිවීම පුදුමයක්ද? (බ)
හෙනහුරා ඔය දුම්රිය අරක්ෂකයෝ (බ)
ගේට්ටුකරුට තෑගි දෙන්න (බ)
ගේට්ටුකරු අනිවාර්යයෙන්ම ප්‍රසංශා කල යුතුය. ඔහු නිසා මහා විනාශයක් වැළකුණා. ජීවිත දේපල බේරුනා . ඔහුට ලොකු ත්‍යාගයක් දිය යුතුය. මෙයට වගකිව යුතු නිලධාරීන්ට ද දඩුවම් කල යුතුය. ඔවුන් දන්නේ වැඩ වර්ජන කරන්න විතරද ?(කෞ)
අපේ හොරට නිදාගන්න ප්‍රවාහන ඇමති ඉල්ලලා අස් වෙන්න ඕනේ වැඩක් මේක..! මේ නොසැලකිලිමත් අවුලට වගකිව යුතු සියලු දෙනාගේම වැඩ නැවැත්විය යුතුයි. (බ)
කම්පනයට පත්වෙලා හිටි එක්කෙනා ගහන්න තිබුනේ රාගමදී වගේ.(කෞ)
අනේ වාසනාවන්.(හේ)
එතුමාට ඉක්මන් සුවය (බ)
ගේට්ටුවේ මුරකරුට පින් සිදුවෙන්න විසල හානියක් වැලකුණ අකට අනිත් යට පින් දෙන්න කලින් ඔහුගේ බුද්ධියට සහ ස්ථානෝචිත ප්‍රඥාව වටිනා තෑග්ගක් සහ රැකියාවේ උසස්වීමක් සැමගේ පඩි වැඩිකරන්න (කෞ)